IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


පාර කොන්ක්‍රිට් කර පැය කීපයකින් එය විනාශ කරලා

(කීර්ති ප්‍රනාන්දු)

මිනුවන්ගොඩ වීදියවත්ත දොලාගත ප්‍රදේශයේ පිහිටි බාඳුරාවත්ත පාර කොන්ක්‍රීට් අතුරා සකස් කර පැය කිහිපයක් තුළදී කිසියම් පිරිසක් කොන්ක්‍රිට් විනාශ කර  හානි සිදුකර ඇතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව (ජා:ජ:බ:)මහතා පවසයි .

2024 ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 10 ක් වියදමින්  මෙම මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ බවත් එදින රාත්‍රියේ දේශපාලන විරුද්ධවාදීන් බවට සැකකරන පිරිසක් මෙසේ මාර්ගයට හානි සිදුකර ඇති බවත් සභාපතිවරයා කියා සිටි .

එහිදී කොන්ක්‍රීට් ඇතිරීම සඳහා මාර්ගය දෙපසින් සවිකර තිබූ ලෑලි සියල්ලමද එම කඩාකප්පල්කාරීන් විසින් ගලවා දමා ඇතැයිද සභාපතිවරයා පවසයි .

මෙම මාර්ගයට හානි කිරීමට අදාළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන කිහිපයක් පරීක්ෂා කිරීමට නියමිත බව පවසන සභාපතිවරයා මාර්ගයට සිදු කර ඇති අලාභය තක්සේරු කිරීම ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරීන් විසින් සිදුකරන බවද වැඩිදුරටත් පැවසීය .



අදහස් (12)

පාර කොන්ක්‍රිට් කර පැය කීපයකින් එය විනාශ කරලා

Rashmi Monday, 28 July 2025 06:02 AM

තාම ජනාධිපතිතුමයි රජයයි මේ විපක්ෂය සහ ඊට සම්බන්ධ බලවේග ගැන අඩු තක්සේරුවක් පිට වැඩ කරන්නේ. ඔවුන් පුළුවන් හැම වෙලාවෙම බලන්නේ රජය අපකීර්තියට පත් කරන්න, නැත්තම් රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. සමහර මාධ්‍ය 24 පැයේම වැඩ කරන්නේ රජයට එරෙහිව බොරු මත ගොඩනගන්න. දැන්වත් මේ දේවල්වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න.

:       1       8

maalaka Monday, 28 July 2025 06:07 AM

හරිම කුහක, කැත, බාල වැඩක්. තමන්ගේ දෙමාපියෝ විනාශ කරනවා වගේ වැඩක්. මේ ජාතික අපරාදකරුවන්ව සොයා උපරිම දඬුවම් දෙන්න.

:       0       8

යෝගා Monday, 28 July 2025 07:00 AM

වැලිගම නාට්‍යය වගේ තවත් එකක්ද?

:       5       1

ලයන් Monday, 28 July 2025 07:35 AM

මේ දුෂ්ටයන් අල්ලා උපරිම දඩුවම දෙන්න, මෙය ප්‍රදේශවාසින් නොදුටුව එක නම් පුදුමයක් මොන පක්ෂයක අය ද බලන්න. මේ සම්බන්ධව ඉදිරියේ වෙන්නෙ කුමක් ද කියා දැනගැනීමට සලස්වන්න.

:       0       6

Chinthaka Monday, 28 July 2025 07:59 AM

කාලකන්නි හොයල අය කරගෙන පාර නැවත සාදවන්න. ඔය පොහොට්ටු ගොබ්බයන්ට දැඩි දඬුවම් දෙන්න්නම ඕන. අපේ රට හැදෙන එකට මුන් විරෝධය තමා ඔය පෙන්නලා තියෙන්නේ.

:       0       3

Kaveen alas Monday, 28 July 2025 08:32 AM

රාජ්‍ය දේපල හානි කිරීම සම්බන්දයෙන් අවුරුදු 3කට බරපතල වැඩසහිතව හිරයට යවන්න ඔක්කොමලාව. අනිත් උන්ටත් පාඩමක් ඉගෙන ගන්න. සුරතල් කරන්න ලැස්ති වෙන්න එපා.

:       0       2

Thushara Monday, 28 July 2025 08:41 AM

නිකන් හරක් රංචුවක් ඇවිදලා වගේ පේන්නේ. මිනිස්සුන්ට ඔය වගේ පහත් වැඩක් කරන්න බෑ...

:       0       3

ගුණරත්න Monday, 28 July 2025 08:51 AM

කොන්ක්‍රීට් එක දාපු ගමන් ටිකක් එරෙනවා. එත් හොඳට තලලා හදපු කොන්ක්‍රීට් එකක් ටික වෙලාවකින් සෙරෙප්පු දාගෙන ගියොත් කිසි ප්‍රශ්නයක් නැතිව ඇවිදින්න පුළුවන්. හැබැයි ප්‍රමිතියට තියෙන්න ඕන. මට හිතෙන්නේ මේක බාල ප්‍රමිතියට හදලා කියලයි. පස්සේ ඉංජිනේරු මහතා ඇවිත් පාර පරීක්ෂා කරලා ප්‍රමිතිය නැති තැන මුදල් ගෙවන්න අනුමැතිය නොදෙන්න ඉඩ තියෙනවා කියල කොන්තරාත්තුව ගත්තු උන්ම කරපු වැඩක් කියලයි මට නම් හිතෙන්නේ.

:       0       1

Bunny Preena Monday, 28 July 2025 08:54 AM

ජාතියක් ජන්මයක් නැති ඊරිසියාවෙන් පැලෙන එවුන් පිරිසකගේ වැඩක්. කරපු එවුන් අහුවුණා නම් ආයෙත් මෙවැනි දේවල් නොකරන්න ඔය පාර භාවිතා කරන ගමේ හැම කෙනෙක්ගේම අතින් ප්‍රසිද්ධියේ කනේ පාර දීලා පොලිසියට භාර දෙන්න ඕනේ.

:       0       1

Duminda Jayanath Udayakumara Monday, 28 July 2025 11:09 AM

විපක්ෂයේ නායකයාගෙනුත්, පාක්ෂිකයාගෙනුත් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ... අසරණ ජීවිත...

:       4       6

Perera Monday, 28 July 2025 02:13 PM

ඔහොම කුහකයින් ඉන්නේ පොහොට්ටුවේ බව නිසැකයි.

:       4       6

ගමේ එකාලා Monday, 28 July 2025 02:22 PM

පරාජිත දූෂිත දේශපාලුවන්ට දැන් කරකියා ගන්න දෙයක් නැතුව කරවන වැඩ. ජඩ වැඩේ කරපු හැම එකාටම දැඩි දඬුවම් දිය යුතුයි.

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 563 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site