(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බොරැල්ල කනත්ත වටරවුමේදී දොඹකර රථයක් යතුරුපැදී පහක සහ මෝටර් රථයක ගැටීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
තුවාල ලද පිරිස කොළඹ ජාතික රෝල වෙත ඇතුළත් කර ඇත.
මෙම අනතුරත් සමගම එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද හටගත් බව පොලිසියය කියයි. දොඹකරයේ තිරිංග අක්‍රිය වීමෙන් එම අනතුර සිදුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බොරැල්ලේ අනතුරක් : අයෙක් මරුට : පිරිසක් රෝහලට
ගුණරත්න Monday, 28 July 2025 11:22 AM
මීට කලිනුත් සිමෙන්ති මිශ්‍රණ රථයක් ඔය විදියටම අනතුරට පත්වුණා. ඔය හද්දා පරණ වාහන නේ ලංකාවේ තියෙන්නේ. ඉතින් කොයි වෙලාවේ මොන අවුල් ඒවිද දන්නේ නැහැ. නඩත්තු වැඩ ටික නොකර නිකම් ඔහේ දුවන වාහන තියෙනවා..
Gamage Monday, 28 July 2025 01:02 PM
බ්රේක් නැතිවුණා ලිස්සුවා ටයර් ගෙවිලා වගේ ගොඩක් දේවල් කියන්න පුළුවන්... ඒත් මේ හේතු ගොඩක් දුරට ඇත්ත වුණත් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන උද්දච්චකමයි, චන්ඩිකමයි අයින් කර ගත්තොත් ගොඩාක් ජීවිත බේරාගන්න පුළුවන්. ලංකාවේ සත්තුන්ට තියෙන ආදරේ මිනිස්සු ගැන නැති එකයි මේවාට හේතුව. බලන්න අලියෙක් මැරුණාම තියෙන දුක දවසට දළ වශයෙන් 8-10 විතර මැරෙන මිනිස්සු ගැන නැහැනේ. විශේෂයෙන්ම මිනිස්සු නීතියට බය නැතිකමත් තව හේතුවක්. මොකද පිට රටවල නැති වේගයක්ද ඔහේ තියෙන්නේ...? නීතිගරුක වෙන තරමට තත්වය හොඳවේවි...!
පිටරැටියා Monday, 28 July 2025 02:55 PM
හැමදාම බැලුවොත් ලංකාවේ අනතුරුවලින් නම් කිසිම අඩුවක් නැහැ.