IMG-LOGO

යූත් ක්ලබ් බලය දැක ඇතැමුන් කලබල වෙලා

(අංජුල මහික වීරරත්න)

බලය පවතින විට යෞවන සමාජ පිළිබඳව හෝ තාරුණ්‍ය පිළිබඳව අවධානය යොමු නොකළ විපක්ෂයේ කණ්ඩායම් දැන් තාරුණ්‍යයේ බලය දැක බෙහෙවින් කලබලයට පත් වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 

යූත් ක්ලබ්  කොළඹ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙය පැවැත්විණි.

මින් පෙර යෞවන සමාජ ව්‍යාපාරය වල අවස්ථා හිමි වූයේ දේශපාලකයන්ගේ දරුවන්ට පමණක් බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අද වන විට එය සමස්ත ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ තැන බවට පත් කිරීමට හැකි වී ඇති බව සඳහන් කළේය. 

ඒ අනුව විවිධ හැකියාවන්ගෙන් යුත් මෙරට සාමාන්‍ය තරුණ තරුණියන් විශාල පිරිසක් යූත් ක්ලබ් සමඟ සම්බන්ධ වී අද වන විට වගකීම් ලබාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. 

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි,  ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්ම මහත්මීහුද මීට සහභාගී වූහ.



අදහස් (3)

යූත් ක්ලබ් බලය දැක ඇතැමුන් කලබල වෙලා

ගුණරත්න Monday, 28 July 2025 08:36 AM

දේශපාලකයන්ගේ ඥාතීන්ට තනතුරු ලැබිලා කියලාම තමයි අපට අහන්න ලැබුනෙත්. ඇමති දැන් නොඑක් කතා කියුවාට පක්ෂයේ සාමාජිකයන්ට තනතුරු ලැබිලා කියලයි අපට දැනගන්න ලැබුනේ. මේ රට ටිකෙන් ටික චීන කොමියුනිස්ට් පක්ෂය වගේ වේගෙන් යනවා.

:       0       0

මාලාමාපෙන්දා Monday, 28 July 2025 09:36 AM

කවුද තරුණ සමාජ පටන් ගත්තේ? දැන් කටමැත දොඩනවා. මං වගේ මාලිමා පෙන්දෝ ටිකක් ඉතිරිවෙයි අන්තිමට. මෙලෝ රහක් නැති...

:       1       4

යෝගා Monday, 28 July 2025 10:18 AM

යූත් ක්ලබ් වල ආතල් ගන්න කොල්ලෝ කෙල්ලෝ හැමෝම මාලිමාවට ඡන්දෙ දෙයි කියලා මේ නූගතා හිතාගෙන ඉන්නේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 174 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 497 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site