ජපානයේ පවතින කම්කරු හිඟය නිසා ලක්ෂ සංඛ්‍යාත විදේශ ශ්‍රමිකයින්ට ජපානයට පැමිණිමට අවස්ථාව ලැබෙන නව මතභේදාත්මක නීතියක් ජපාන පාර්ලිමේන්තුව අනුමත කර ඇත.
ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහ හෙද සේවයේ නිරතවීමට විදේශීයකන්ට අවසර ලබා දී ඇත.
නව නීතිය මගින් වීසා බලපත්‍ර කාණ්ඩ දෙකක් යටතේ නිකුත් කෙරෙයි.
පළමු කාණ්ඩය යටතේ යම් මට්ටමක නිපුණතාවක් සහ ජපන් භාෂාව පිළිබඳ යම් ප්‍රවීණතාවක් සහිත ශ්‍රමිකයින්ට වසර 5 ක කාලයක් එරට රැඳී සිටීමට අවස්ථාව ලබාදෙනු ඇත.
දෙනව කාණ්ඩය යටතේ ඉහළ මට්ටමක නිපුණතාවක් සහිත ශ්‍රමිකයින් වීසා ලැබීමට සුදුසුකම් ලබන අතර පසුව ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට ද ඔවුන්ට අවස්ථාව ලබා දීමය නියමිතය.
මෙසේ විදෙස් ශ්‍රමිකයන්ගේ පැමිණීම වැටුප් පහත වැටීමට සහ සංක්‍රමණික කම්කරුවන් සූරා කෑමට ලක්වීමට හේතු විය හැකි බව පාර්ලිමේන්තුවේ අනුමත කර නව නීතිය සම්බන්ධයෙන් විවේචන පළ කරමින් විරුද්ධ පක්ෂය පැවසුවේය.
සාම්ප්‍රදායිකව ජපානය ආගමන කටයුතු සම්බන්ධයෙන් වඩාත් සුපරික්ෂාකාරී ලෙස කටයුතු කරයි. ජපානයේ වයස්ගත ජනගහනය හේතුවෙන් විශාල විදෙස් ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව පවතින බව ජපන් රජය පවසයි.
මෙම නව සැලසුම යටතේ විදෙස් ශ්‍රමිකයන් 300,000 වඩා විවිධ අංශවල රැකියාවල නිරත වෙති.
(63226)