ගං වතුරෙන් පන්නල පවුල් 52 ක් අවතැන්


(හේමලතා ඩී හේවගේ)         
 
දිවයිනපුරා ඇදහැලුණ අධික වර්ෂාවත් සමඟ ඇතිවු ගං වතුර තත්වය හේතුවෙන්  පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමසේවා වසම් හතරක පවුල් 52 ක  පුද්ගලයන් 181 අවතැන් වී ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.
 
හුන්දිරාපොල පවුල් 05 ක්, කන්දෙපොල 14 ක්, මැදිරිවි, 32 ත් සහ පහළ  ගලයාය පවුල් 01 ක් වශයෙන් මෙසේ වැසි ජලයෙන් නිවාස යටවීම නිසා අවතැන් වී ඇති අතර පහල ගලයාය වසමේ එක් නිවාසයකට හානි සිදුව ඇති බව බවද ඒ මහතා පැවසීය.
 
අවතැන්වූ පිරිස ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවත් ග්‍රාමනිළධාරීවරුන් මාර්ගයෙන් ඔවුන් වෙත පිසූ ආහාර ලබාදීමට කටයුතු යොදා ඇති බවද සඳහන්වේ. මෙම තත්වය තව දුරටත් වැඩිවුවහොත් ඒ සඳහා කඩිනම් ගතයුතු ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවශ්‍ය සියඵ අංශ දැනුවත් කර ඇති බවද ඒ මහතා වැඩි දරටත් පැවසීය.