IMG-LOGO

2025 ජුනි මස 03 වන අඟහරුවාදා


දියේ ගිලී හතරක් මරුට

(සිතුම් චතුරංග)

මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු පොකුණේ සහ උඩුප්පුකුලම් වැවේ ගිලි  සිසුවියන් දෙදෙනකු සිසුවකු ඇතුළු සිව්  දෙනකු මියගොස් ඇතැයි මුලතිව් පොලිසිය කියයි.

මියගිය සිසුවියන් දෙදෙනා  කුමුලමුනෙයි, කොට්ටුකිනරු කෝවිල වෙත පැමිණ එහි ජල පොකුණට බැස ඡායාරූප ගනිමින් සිටියදී සිසුවියන් දෙදෙනා එකවර ජල පොකුණතුලට ලිස්සා ගොස් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.‍ෙ

මුලතිව් උඩුප්පුකුලම වැවේ ඔරුවක නැගී නෙළුම් මල් කැඩීමට ගිය දස හැවිරිදි සිසුවා සහ තවත් අයකු ඔරුව පෙරලී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පැවසීය.

එලෙස කොට්ටුකිනාරු පොකුණට වැටී මියගොස් ඇත්තේ මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ දසවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එස්.රශ්මිලා සහ ටි. ක්‍රිසිකා නැමති 16 හැවිරිදි සිසුවියන් දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා මුලතිව් මාමුනෙයි හි පදිංචිකරුවන් වේ.

සිසුවියන් දෙදෙනා දියේ ගිලෙන අවස්ථාවේදී ඔවුන් සමඟ පැමිණි අයෙකු දියට බැස බේරාගැනීමට උත්සහ කොට ඇති බවත් කෝවිලේ සී.සී.ටී.වී කැමරා දර්ශනවල සටහන්ව ඇති බවත් පොලිසිය පැවසීය.

උඩුප්පුකුලම වැවේ ගිලි මියගොස් ඇත්තේ මුලතිව් ආලම්පිල් හි පදිංචි සී.ප්‍රනාවනන් නැමති දස හැවිරිදි පිරිමි දරුවකු සහ ඔහුත් සමඟ ඔරුවේ සිටි ඊ.නිශාන්තන් නැමති 25 හැවිරිදි තරුණයකු වේ.

 

 



අදහස් (1)

දියේ ගිලී හතරක් මරුට

Bunny Preena Tuesday, 03 June 2025 09:08 AM

ජල පොකුණු සහ වැව් , ඇල, දොළ වගේ ස්ථාන පිළිබඳ හොඳ අවබෝධයක් නැති අය එවැනි තැන්වලට නොයන තරමට හොඳයි. වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම සහ දරුවන් පිළිබඳ අවධානයක් නොවීමත් මේ වගේ අකල් මරණ වලට ප්‍රධාන හේතුවයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 369 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 633 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site