අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට


(නාලක සංජීව දහනායක)
 
ප‍්‍රවීණ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන රොහාන් වැලිවිට මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කරනු ලැබ සිටී.
 
ඒ මහතා අග‍්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා අතින් අද (28) සවස අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.
 
හෙතෙම මීට පෙර හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය. 
 
මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ අමාත්‍යංශ ගණනාවක මෙන්ම විපක්‍ෂනායක හා අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති වැලිවිට මහතා මහින්ද රාජපක්‍ෂ මහත ජනාධිපතිධූරයට පත්වීමේන පසුව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළේය. 
 
පන්නිපිටිට ධර්මපාල විද්‍යාලයේ ආදි සිසුවෙකුවන රොහාන් වැලිවිට මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ අධ්‍යක්‍ෂක ලෙසද කටයුතු කර ඇත. 

(ඡායාරූප  රොමේෂ් ධනුෂ්ක සිල්වා)