ටෝනි කරුණානායක
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයකු බව කියන ජිනේන්ද්‍ර රණසිංහ මහතා අද නීතීඥ සුරංග ජයවර්ධන මහතා මාර්ගයෙන් උසාවියට බාර විය.
මෝසමක් මගින් නඩුව කැඳවීමෙන් පසු සැකකාර ටියුෂන් ගුරුවරයා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.

