
(රෝෂන් තුෂාර)
කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේ ගනුදෙනුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් පිරිනමන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින එම සමාගමේ අධ්‍යක්ෂිකා ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන මහත්මිය ලබන 01 දින දක්වා යළි රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට( krrish transworks colombo (pvt) ltd ) පවරා ගැනීමට අවශ්‍ය අනුමැතින් කඩිනමින් ලබා ගැනීමට මිලියන 70 ක මුදලක් අල්ලසක් ලබා දුන්නේ යැයි කියන සමාගමේ ඉන්දීය ජාතික අධ්‍යක්ෂකවරුන් වන අමිත් කට්ටයාර් , රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තා, එම සමාගමේ අධ්‍යක්ෂිකා , ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන , සහ නාමල් රාජපක්ෂ සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම්කර සිටි නාමල් රාජපක්ෂ මහතාට පසුගිය නඩු වාරයේදී ඇප ලබා දුන්නද එම ඇප නියෝගය තහනමට ලක් කරමින් කොළඹ මහාධිකරණය පසුගිය 18 දින අතුරු නියෝගයක් නිකුත් කර තිබිණි.
සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.
මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගතව සිටී නම් දෙසැම්බර් 01 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd