
(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි 150කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 101යි ග්‍රෑම් 870ක තොගයක් ආනයනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ සැකයට දකුණු ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා ප්‍රශ්න කළ ධීවරයන් පස්දෙනා නොවැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද නියෝග කළේය.
සැකකරුවන් ඉදිරිපත් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියා සිටියේ රුපියල් කෝටි 150කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීම සඳහා ධීවරයන් මිරිස්සේ පදිංචි යැයි කියන චූටි මල්ලි නැමැති ජාවාරම්කරුවකුගෙන් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවය.
මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අකුරැස්සේ පදිංචි එස්.ජී. චානක උදය කුමාර , එච්.ඩබ්ලිව් මදු සංඛ , බී.උදය කුමාර, ප්‍රසන්න උදය කුමාර හා සසිඳු චාමික සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ගැඹුරු මුහුදු තීරයේදී නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී නොවැම්බර් 13 වන දින අත් අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩිදුර විමර්ශන සඳහා රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd