IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


කැමරාව බොත්තමක - ස්විචය පාදයේ - ශ්‍රවණ උපකරණය කනේ

තරිඳු ජයවර්ධන සහ   ටෝනි කරුණානායක

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර   සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවාට විභාගය අතරතුරදී තවත් ටියුෂන් ගුරුවරයකු ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට ද පිළිතුරු ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පාදයෙන් ක්‍රියා කරන තාක්ෂණික උපකරණයක් ආධාරණයෙන් සිසුවා ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් සිය නිවසේ පරිගණයකයට යවා ඇතැයි ද, සිසුවාගේ නිවසේ සිටි ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයා සහ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා ඊට පිළිතුරු කියා දී ඇතැයි ද, කනේ සවි කළ උපකරණයෙන් සිසුවා පිළිතුරු ශ්‍රවණය කර ඇතැයි ද රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. කැමරාව සවි කර තිබී ඇත්තේ කමිස බොත්තමකය.

ඇමෙරිකා ඩොලර් 900කට (රුපියල් 137700) එම තාක්ෂණික උපකරණ මිලට ගෙන ඇති බවත්, දරුවාගේ පියා වන පොලිස් රෝහලේ වෛද්‍යවරයාගේ ක්‍රෙඩිට් කාඩ්පතින් ඒ සඳහා ගෙවීම් කර ඇති බවත්, එම උපකරණය තවම  සොයා ගෙන නැති බවත් පොලිසිය පවසයි.

විභාගයට පෙර ටියුෂන් ගුරුවරු දෙදෙනා බොරැල්ලේ කොටා පාරේ පිහිටි වෛද්‍යවරයාගේ නිවසට ගොස් මෙම ක්‍රමය අත්හදා බලා තිබේ. සිසුවා එම නිවසේ උඩු මහළට ගොස් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් ලියන අතරතුර මෙම උපකරණය ආශ්‍රයෙන් එහි ඡායාරූප  බිම් මහලේ ඇති පරිගණකයට එවා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වේ. පහළ මහලේ සිටි ටියුෂන් ගුරුවරු දෙදෙනා එහි පිළිතුරු කියාදෙමින් තාක්ෂණික උපකරණයේ ක්‍රියාකාරිත්වය දින කිහිපයක් අත්හදා බලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

විභාගයේදී සිසුවාට පිළිතුරු කියාදීම වෙනුවෙන්   රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාට රුපියල් දස ලක්ෂයක මුදලක් ලබා දී ඇතැයි ද, එයින් රුපියල් නව ලක්ෂ අනූ දහසක් ගුරුවරයාගේ නිවසේ ඇඳක් යට තීබී සොයාගත්තේයැයි ද පොලිසිය පවසයි.

රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයාගේ පියා, සහෝදරයෙක් සහ අනුමාන ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කළ බව කියන මුද්‍රණාලයක පුද්ගලයෙක් සහ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවා සහ සිසුවාගේ පියා ද මේ වන විට රිමාන්ඩ් බාරයේ සිටිති.

විභාගය අතරතුරදී සිසුවාට උදව් කළ බව කියන ටියුෂන් ගුරුවරුන් දෙදෙනා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි. 

(රූප සටහන් අන්තර්ජාලයෙනි)



අදහස් (34)

කැමරාව බොත්තමක - ස්විචය පාදයේ - ශ්‍රවණ උපකරණය කනේ

Susil Sunday, 27 August 2017 05:40 PM

මීට වඩා දේවලුත් ඇමසොන් , ඊ බේ සහ අලිබාබා සයිට්වලින් ගන්න පුලුවනි... චීන්නු තමයි මේවා හදන්නෙ.. මමත් කාර් එකේ හයිකරල තියෙනවා වින්ස්ක්‍රීන් එකේ අලවන බොත්තමකටත් වඩා කුඩා කැමරාවක්.. සමහරවිට මේ සිසුවා පලවෙනියා වෙන්න බැහැ..මීට කලිනුත් මේ වාගෙ දේවල් වෙන්න ඇති නමුත් මේක අහුවුනේ මේ ගුරාගෙ තණ්හාව නිසා.. මම වැඩකාරයා කියල පත්‍රිකා බෙදපු නිසා.. දැන් ඉතින් විභාග ශාලාවට ඇතුලුවෙනකොට ඇඳුම් ගලවලා පරීක්ෂා කරන්න වෙනව.

:       0       67

bamunu Monday, 28 August 2017 12:34 PM

ගුද මාර්ගයේත් බොහෝදේ සඟවාගෙන එන නිසා, සකල ශරීරයම පරික්ෂා කර විභාග ශාලාවට ගන්න.

:       1       1

AA Sunday, 27 August 2017 06:07 PM

උගත් පියෙකු පුතෙකුට කල අපරාදයක්

:       3       77

kumar (galf) Sunday, 27 August 2017 06:45 PM

මේ වෛද්‍යවරයාගේ සහතිකය සයිටම් නෙවෙනෙ, මේ පුතා පාස් උනානම් යන්නේ රජයේ වෛද්‍ය විදුහලටනේ, නමුත් මේ රටේ වංක දීන වැඩ කරන වෛද්‍යවරු කෑගහන්නේ සයිටම් එකට විරුද්ධව. කවදා මේ රට ගොඩ එයිද???

:       264       551

kumar (galf) Sunday, 27 August 2017 06:48 PM

මේවගේ තව දහස් ගානක් මේ වැඩේම කරන්න ඇති විභාගෙට.

:       1       31

hesa Sunday, 27 August 2017 06:55 PM

විභාග තහනම් කරන්න ඕන සදහටම.

:       3       49

ධර්මේ Sunday, 27 August 2017 10:19 PM

අද උසස් පෙළ විභාගයේදී ළමයි ගොඩක් විභාග වංචා සිදු කරනවා. ගොඩක් අය යට ඇඳුම් අස්සේ ස්මාට් දුරකතන දාගෙන යනවා. වෙනත් තාක්ෂණික උපකරණ භාවිත කරනවා. මේක අහු වුණ අවස්ථාවක් විතරයි. උසස් පෙළ ලියපු ළමයින්ගෙන් අහලා බලන්න. අන්තිමට නුසුදුස්සෝ විශ්ව විද්‍යාලවලට යනවා. දක්ෂ සිසුන්ට වෙන්නේ ලොකු අසාධාරණයක්. සමහර විභාග පරීක්ෂකවරු ළමයින්ට බයේ සමහර ඒවා දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. මේ සම්බන්ධව ඉක්මණින්ම යමක් කළ යුතුයි.

:       1       102

chandanaMonday, 28 August 2017 07:26 AM

ඇයි බුර්කාව ඇඳන් විභාගෙට ලියන අය.....

:       1004       1156

SamanMonday, 28 August 2017 02:11 PM

මේ විදියට නුසුදුස්සෝ විශ්ව විද්‍යාලවලට යනවා කියන එක අන්තරේ සහ වෛද්‍යවරු පිළිගන්න එකක් නැහැ.

:       1       8

Nimal Sunday, 27 August 2017 10:50 PM

හරිනේ, තේරෙනවනේ ගුරුවරුන්ට, සහ ආරක්ෂක අංශයේ අයවලුන්ට වඩා, කනෙන් රිංගල යන්න පුළුවන් ශක්තියක්, දෙන ඉන්න ළමයිට තියෙනවා කියල, මම එහෙම මේ රටේ ජනාධිපතිනම් ,එම ශිෂ්‍යයාට තව තවත් මේ සම්බන්දයෙන් දැනුමක් ලබාගැනීමට කටයුතු සලසා දී, මේ සම්බන්ධයෙන් වගකිවයුතු පර්ශයන්ව අනිවාර්යය නිවාඩු අරිනවා.

:       51       24

maheeMonday, 28 August 2017 06:31 AM

නිමල් විහිලුවට නේද ජනාධිපති වෙලා ඔහොම කරනවා වගේ කතා කියන්නේ? ඉස්සර පත්තරවල පලවෙලා තිබිල දැනුත් කට්ටිය කතාවෙනව ඒ වගේ කෙනෙකුගේ ළමයෙක් ඔය විදිහට උත්තර ලියල ඉහලින්ම පාස් වුනා කියල. ඒකයි මං ඇහුවෙ. ඒ නිමල් නෙමෙයි නේද?

:       1       35

sardha munasinghe Monday, 28 August 2017 02:36 AM

මේ සැලසුම් සහගත බව හොද විදියට යෙදුවනම් අපේ රට අද තිබිය යුත්තේ කොතනද

:       1       18

RD Monday, 28 August 2017 02:41 AM

මට මතක් වෙන්නේ 3 ඊඩියට්ස් හින්දි චිත්‍රපටිය

:       0       47

කෑගල්ලේ - සමනයා Monday, 28 August 2017 03:03 AM

මෙම සිසුවා CID එකට අදම බදවාගෙන පුහුණුවක් දී තාක්ෂණික හොරුන් ඇල්ලීමේ ව්‍යාපෘතියකට බඳවා ගත යුතුය. හොරුන් ඇල්ලීමට යෙදවිය යුත්තේ හොරකම් කිරීමට ක්‍රමවේද අත්හදා බලන අයයි. ටියුෂන් ගුරුන් දෙන්නා අඩුම තරමේ වසර 10 ක් වත් සිරගෙදර තැබිය යුතුය.

:       6       75

lanka Monday, 28 August 2017 05:01 AM

ඔන්න දොස්තරලා ඉල්ලන නිදහස් අධ්‍යාපනේ.

:       98       325

nimal Monday, 28 August 2017 05:34 AM

සයිටම් එකට ඉඩ දුන්නනම් ඔය තරම් හොර මැර වැඩ නැතිව මෙඩිකල් කොලේජ් යන්න තිබුණා.

:       1       215

පිටිගල මිලානෝ Monday, 28 August 2017 05:58 AM

මේ දොස්තර සයිටම්ද? දන්නේ නැති නිසයි අහන්නේ?

:       45       103

Jayarthna Monday, 28 August 2017 06:07 AM

ටියුෂන් ගුරුවරයා කොළ බෙදා නොහැරියා නම් 2017 උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රථමයා මෙම සිසුවා විය නොහැකිද ?..ගුරුවරයා නිහඩව සිටියානම් මෙය තවත් රහසකි.. මෙවැනි සිද්දීන් තව කියක් වී ඇතිද?

:       0       58

janatha anura U A E Monday, 28 August 2017 06:25 AM

මේකට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමය ඇති හැකි අයට මේවට වියදම් නොකර අධ්‍යාපනය ලැබිය හැකිය කිනම් අයුරකින් හෝ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අහිමි කර ඇති එකම රට ලංකාවය. අයින්ස්ටයින් ලංකාවේ බිහි නොවන්නේ එම නිසාය. කටුබැද්දේ විශ්මිත නිර්මාණ කල රේ විජේවර්දන, වැන්නන්ගේ නිජබිමින් ඔහු අධ්‍යාපනය ලද පාඨමාලාව ඉන් ඉවත් කර හෝමාගමට ගෙනියන ලද්දේ මෙම යල් පැන ගිය පුහු සංකල්පයන් සිසු පරපුර වෙලාගෙන ඇති නිසාය

:       35       69

chandanaMonday, 28 August 2017 07:34 AM

ඇත්ත. සීමිත පිරිසකට පමණක් උසස් අධ්‍යාපන ඉඩ ලබා දී අනික් අයට ඉඩ ඇහිරීමේ විපාකය තමයි මේ. එවන් තරඟකාරී වාතාවරණයක් තුල හොරෙන් හෝ ඇතුලට යෑමට සිදුවී තිබෙන්නේ වෙනත් විකල්ප ඇති කිරීමට බාධා කිරීම නිසාවෙනි.

:       17       32

GayanMonday, 28 August 2017 08:06 AM

ඉතින් ඔයාට කෝටි 1.20 තියෙනවද ළමය සයිටම් යවන්ඩ????????

:       2       1

kamaniesa Monday, 28 August 2017 08:03 AM

මෙවර විභාගයේ ඔය විදියට කොපි කරපු කී දෙනෙක් ඇත්ද. ටියුෂන් ගුරුවරයා කොළ බෙදා නොහැරියා නම් ඕක කිසි කෙනෙක් දන්නේ නැහැනේ. ඒ කියන්නේ විභාගය සාධාරන එකක් නෙමෙයි. ලකුණු වැඩි හැමෝම දක්ෂයෝ නෙමේ.

:       0       56

jayasri Monday, 28 August 2017 08:27 AM

ටියුෂන්ගුරා නම් මෝඩයෙක්... මිනිහා නිසා කීදෙනෙක් හිරේ යනවද?

:       8       0

තුෂා Monday, 28 August 2017 09:15 AM

ටියුෂන් ගුරුවරයා මෝඩයෙක් නොවුණා නම් මෙය සදාතනික රහසක් වෙන්න තිබුණා නේද...?

:       0       1

gunawardana Monday, 28 August 2017 09:33 AM

රජයේ නීති රීති යටතේ සිදුකරන විභාගයකත් මේ වගේ ඒවා වෙනවා නම්, සයිටම් එකේ තියෙන විභාගවල කොච්චර හොර වැඩ තියේවිද?

:       1       2

Sudath Sri Monday, 28 August 2017 11:06 AM

දැන් මේ කේස් එකට සයිටම් එකේ සම් බන්ධයක් කොහෙන් ද​? අපේ රටේ මිනිස්සුන් ගේ බුද්ධිය ඒකෙන්ම පේනවනෙ. වරද වරදක් ලෙස දකින්න තාම අප පුරුදු වෙලා නෑ ජාතියක් විදිහට.

:       0       2

bamunu Monday, 28 August 2017 12:36 PM

දොස්තරලාට තිබෙන සයිටම් අජීර්ණය මෙගොල්ලන්ටත් බෝවෙලා...

:       0       1

ඉන්දික Monday, 28 August 2017 11:14 AM

ටියුෂන් ගුරා නිසා තමයි සිද්ධිය අහු වුණේ... යමක් කරන විට මිනිහව විශ්වාස කරලා කිරීමෙන් වුණේ කොතරම් ලොකු හානියක්ද? ලංකාවේ පලමු වැනියා වෙන්න තිබුණු චාන්ස් එක ටියුෂන් ගුරුවරයා කෑවා... නාමලුත් ඔහොම වෙන්නැති ලියන්න ඇත්තේ ...

:       0       3

SamanMonday, 28 August 2017 02:03 PM

අනිවාර්යයෙන්ම, එයා ලියලා තියෙන්නේ වෙනම කාමරයක ලැප් ටොප් එකක් ඉස්සරහ තියාගෙන කියලනේ පැමිණිලි කළ සිසුවා කිව්වේ... එදා පත්තර ඒක ගැන ලිව්වෙත් නැහැ... ඒ නිසා කමෙන්ට්ස් නෑ.

:       0       2

Saman Monday, 28 August 2017 02:06 PM

දැන් සයිටම් එකේනේ ඉන්නව කිව්වේ... මේ ප්‍රමිති දොස්තර කෙනෙක්ගේ මැටි පුතෙක්ද කොහෙද...

:       0       2

Saman Monday, 28 August 2017 02:08 PM

ගුවන් තොටුපලේ වගේ පැය 3කට කලින් විභාග ශාලාවට එන්න කියන්න.

:       0       1

Asanka suraweera Tuesday, 29 August 2017 08:37 AM

අපි විවුර්ත පොත් (ඔපෙන් බූක්) විභාග වලට යා යුතුයි. අපි සාමාන්‍ය ජීවිතයේදී වැඩක් කරද්දී පොත්, ඉන්ටනෙට් සහ අනිකුත් තොරතුරු ලබාගෙන සියලු කටයුතු කරනවා වගේ විභාගත් තියන්ඩ ඕනේ. ඇයි විබාග වලට කෘතීම පරිසරයක් හදන්නේ මේකෙන් වෙන්නේ කටපාඩම් කරන අය ඉහලට යනඑක. එවිට තමා රටක අලුත් දෙයක් හිතන කරන අය බිහිවෙන්නේ. එවිට තමා රටක නාවොත්පාදක ආර්ථිකයක් බිහිවෙන්නේ.

:       0       1

sanjeeva Wednesday, 30 August 2017 09:38 AM

ඉස්කෝලේ මොකද්ද කියලා කවුරුත් දන්නවා ඇති නේ...

:       0       0

kalpa Friday, 01 September 2017 02:05 AM

මෙයින් පෙපෙන්නේ සයිටම් එකේ ඉන්නේ දක්‍ෂම සිසුන් කියල නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර
2025 මැයි මස 03 15 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි


පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 473 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 258 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 1019 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 463 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2103 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 550 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1166 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site