(ටී.එල්. ජව්ෆර්ඛාන්)
මඩකලපුව, එරාවුර්හිදි 2008 වසරේදී දේවදාස් සුරේෂ්කුමාර් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලබා සිටි චූදිතයන් ඊපීඩීපී අට දෙනකුට මරණ දඬුවම නියම කළමඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්රභාකරන් මහතා නඩුවේ 9 වැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කළේය.
පසුගිය 2008 වසරේ ජුනි මස 19 වන දින දේවදාස් සුරේෂ්කුමාර් නමැත්තා එවකට චෙන්කලඩි කඳවුරට සම්බන්ධ ඊ.පී.ඩී.පී. (EPDP) සාමාජිකයින් පිරිසක් වාහනයකින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණි.
ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර වළ දමා, ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බව ද අධිකරණටය්දී කියැවිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලීසිය විසින් ඊ.පී.ඩී.පී. සංවිධානයට අයත් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
පසුව, 2016 වසරේදී අදාළ නඩුව විභාගය සඳහා මහාධිකරණය වෙත යොමු කෙරුණු අතර, දීර්ඝ කාලයක් පුරා නඩු විභාගය පැවැත්විණි.
පැහැරගැනීම සඳහා යොදාගත් බව කියන වාහනය ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි. මෙම නඩුවේදී රවී හෙවත් ධර්මලිංගම් ඉලමාරන්, වීරක්කුට්ටි සේකර්, විජේ හෙවත් මහේන්ද්‍රරාජා විනෝරාජ්, ජෙකා හෙවත් යෝගරාසා ජෙයකුමාර්, ශ්‍රී හෙවත් ශ්‍රීස්කන්දරාජා නාගනාදන්, සිවා හෙවත් සොක්කලිංගම් නාගරාසා, අරුල් හෙවත් අරුණාචලම් රාමචන්ද්‍රන් සහ විජී හෙවත් ගෝවින්දන් ප්‍රදීපන් යන අට දෙනා වරදකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීමේ පළමු චෝදනාව යටතේ මාස හයක ලිහිල් සිරදඬුවමක් ද, මනුෂ්‍ය ඝාතනයට අදාළ සෙසු චෝදනා යටතේ මරණ දඬුවම ද අධිකරණය විසින් නියම කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd