
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එක් වී ඒකාබද්ධ සාම ප්රකාශනයක් නිකුත් කර තිබේ. ඒ, චීනයේ ෂෙන්සෙන් නගරයේදී, ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව පැවැති ඓතිහාසික ත්රෛපාර්ශ්වීක හමුවෙන් පසුවය.
ලෝක බලවතුන් තිදෙනා වන ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින් අතර සාකච්ඡා මිනිත්තු 90 ක් පුරාවට පැවැත්විණි. ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින් මීට පෙර වෙන වෙනම හමුවී තිබුණත්, මේ අයුරින් ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
න්‍යෂ්ටික යුද්ධයක් කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකි අතර එය කිසිදා නොකළ යුතු බවත්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ සැපයුම ඉහළ නැංවීමට සැලසුම් කර කළ යුතු බවත්, ගෝලීය අභියෝගවලට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය සිදුවිය යුතු බවත්, එම ඒකාබද්ධ සාම ප්රකාශනයේ සඳහන් වෙයි.
රාජ්‍ය නිලධාරීන්ට හිමිවන මුක්තිය පිළිබඳ ගැටලුව කෙරෙහිද මෙම සාකච්ඡාවේදී ට්‍රම්ප්ගේ අවධානය යොමු විය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය දැඩි ලෙස ට්‍රම්ප්ගේ විවේචනයට ලක් වුණු අතර ට්‍රම්ප් කියා සිටියේ එය අයාලයේ යන ජගත් සංවිධානයක් බවය.
ත්‍රෛපාර්ශ්වික සමුළුව අවසන් කර ආපසු ඇමෙරිකා බලා පිටත් වෙද්දී ට්‍රම්ප් සිය එයාර් ෆෝස් වන් ගුවන් යානයේ සිට මාධ්‍ය හමුවේ අවධාරණය කළේ ත්‍රෛපාර්ශ්වික හමුව අතිශය වැදගත් එකක් වූ බවය.
චීන සංචාරය අතරතුර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවට පෙර ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර වෙනම හමුවක් ද පැවැත්විණි. 2025 අගෝස්තු මාසයෙන් පසු දෙදෙනා හමු වූ පළමු අවස්ථාව මෙය විය. ට්‍රම්ප් පැමිණ රුසියන් ජනාධිපතිවරයාට අතට අත දීම කළේ ‘මේ ඉන්නේ මගේ මිතුරා’ යැයි පවසමිනි.
මේ අතර, වසර 5 ක් තිස්සේ ඔඩුදුවන යුක්රේන-රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේනයට නේටෝ සංවිධානයේ මෙන් ආරක්ෂක සහතික ලබා දීමේ සංකල්පය සම්බන්ධයෙන් රුසියාව යහපත් ප්‍රතිචාරයක් දක්වන බව රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ට්‍රම්ප් විස්න් පත් කළ ඇමෙරිකන් විශේෂ නියෝජිත ජැරඩ් කුෂ්නර් පවසයි.
ජැරඩ් කුෂ්නර් යනු ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාගේ සැමියාය. ජැරඩ් කුෂ්නර් මෙසේ පැවැසුවේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා අවසන් වී පැය කිහිපයකට පසුවය.
ජැරඩ් කුෂ්නර් මෙන්ම, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් විසින් පත් කරනු ලැබ සිටින අනෙක් සාම නියෝජිතයා වන ස්ටීව් විට්කොෆ් පැවැසුවේ, ඓතිහාසික හමුවක් ලෙස හැඳින්වූ නමුත් සුවිශේෂී එකඟතාවන්ගෙන් තොර වූ මෙම ත්‍රෛපාර්ශ්වික රැස්වීමේදී ට්‍රම්ප් රුසියා-යුක්රේන යුද්ධයට සාමකාමී විසඳුමක් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බවයෙ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd