කොටුව-මීගමුව සහ කලුතර-කොටුව අතර හෙට (7)  සිට නව දුම්රිය සේවයක් අරඹන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පෙරවරු 6.55ට කලුතරින් පිටත්ව පෙරවරු 7.56ට කොටුවට ළඟාවන දුම්රිය යළි පස්වරු 4.10ට මරදානෙන් පිටත්වී පස්වරු 5.15ට කලුතරට ළඟාවේ. කොටුවෙන් 8.00ට පිටත්වන  දුම්රිය 9.01ට මීගමුවට ළඟාවී යළි 9.10ට එම දුම්රිය ස්ථානයෙන් පිටත්ව පෙරවරු 10.22ට කොටුවට ළඟා වෙයි.