‘13 වැනි සංශෝධනය පිළිබඳ තම ස්ථාවරය ගැන පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරන බවත් ශ්‍රී ලංකාවේ  ඒකීය භාවය පිළිබඳව ඔහුගේ  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වචනයක්වත් සඳහන් කර නැති බවත් ‘ ජාතික නිදහස් පෙරමුණේ   නායක විමල් වීරවංශ මහතා  අද (25) පැවැති මාධ්‍ය හමුවදී පැවසීය.