බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය නිසා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයින අවට මුහුදේ තද සුළං සහිත කාලගුණ තත්වයක්ද අපේක්ෂා කළ හැක .
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැක. ඇතැම් ස්ථාන වල මි.මී.100 ට වඩා වැඩි තද වැසි ඇති වේ.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අනෙක් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
(2014 ඔක්තෝම්බර් මස 08 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි)
දිවයිනට උතුරු සහ නැගෙනහිර දෙසින් වන වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ වල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම