IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා



වීඩියෝ ක්‍රීඩාවක් ආකාරයට දක්වමින් 15 හැවිරිදි පිරිමි දරුවකු බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියක් එංගලන්තයේ ලිවර්පූල් නගරයෙන් වාර්තා වේ. ඔහු තදින්ම වීඩියෝ තරග සඳහා ඇබ්බැහි වූවෙකි. පොලිසිය ගැන එතරම් අවධානයක් නොතිබුණු දරුවා වීඩියෝ තරගයක මංකොල්ලකරුවකු ආකාරයට රඟ දක්වා ඇත.

එක විටම බැංකුවට කඩා වැඳුණු ඔහු මුදල් අයකැමියන්ට ව්‍යාජ තුවක්කුවක් පෙන්වා ”මම අවුරුදු පහකට පස්සේ දැනුයි හිරෙන් නිදහස් වෙලා පැනලා ආවේ” යනුවෙන් පවසමින් පවුම් 2200ක් (රුපියල් 464000ක් පමණ) පැහැර ගෙන ගොස් ඇත. ඔහු හඳුනාගත නොහැකි වන සේ හිස් වැස්මක් පැළඳ සළුවකින් මුහුණ වසා ගෙන පැමිණියේය.

මුදල් සහ ව්‍යාජ තුවක්කුව තරුණයාගේ නිදන කාමරයේ තිබී ඔහුගේ මවට හමු වී ඇත. කලබලවූ ඇය තම පුතාත් රැගෙන ළඟම ඇති පොලිසියට ගොස් කට උත්තරයක් දී තිබේ.

”ඇත්තෙන්ම මෙය ඉතා අශෝබන, විකාර නඩුවක්. තරුණ දරුවගේ රඟපෑමක් වුණත් මෙය හොරකමක්. මංකොල්ලයක්” යනුවෙන් ප‍්‍රධාන විනිසුරු නඩු පැවතියේය.

කොන්දේසි සහිත ඇප මත තරුණ දරුවා නිදහස් විය. අපරාධ චෝදනා යටතේ ඔහුට විරුද්ධව පියවර ගැනෙන බව සඳහන්ය.

ඔහු පාසලේ ඉතා කීකරු දරුවකු බවත්, වීඩියෝ තරග නැරඹීමෙන් ළමා මනස විකෘති වන බවත්, එය ප‍්‍රාථමික දරුවන්ගේ ප‍්‍රචණ්ඩත්වය වැඩි කිරීමට රුකුල් වන බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ ගුරුවරු සඳහන් කළහ.

 



අදහස් (0)


ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site