වීඩියෝ ක්‍රීඩාවක් ආකාරයට දක්වමින් 15 හැවිරිදි පිරිමි දරුවකු බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියක් එංගලන්තයේ ලිවර්පූල් නගරයෙන් වාර්තා වේ. ඔහු තදින්ම වීඩියෝ තරග සඳහා ඇබ්බැහි වූවෙකි. පොලිසිය ගැන එතරම් අවධානයක් නොතිබුණු දරුවා වීඩියෝ තරගයක මංකොල්ලකරුවකු ආකාරයට රඟ දක්වා ඇත.
එක විටම බැංකුවට කඩා වැඳුණු ඔහු මුදල් අයකැමියන්ට ව්‍යාජ තුවක්කුවක් පෙන්වා ”මම අවුරුදු පහකට පස්සේ දැනුයි හිරෙන් නිදහස් වෙලා පැනලා ආවේ” යනුවෙන් පවසමින් පවුම් 2200ක් (රුපියල් 464000ක් පමණ) පැහැර ගෙන ගොස් ඇත. ඔහු හඳුනාගත නොහැකි වන සේ හිස් වැස්මක් පැළඳ සළුවකින් මුහුණ වසා ගෙන පැමිණියේය.
මුදල් සහ ව්‍යාජ තුවක්කුව තරුණයාගේ නිදන කාමරයේ තිබී ඔහුගේ මවට හමු වී ඇත. කලබලවූ ඇය තම පුතාත් රැගෙන ළඟම ඇති පොලිසියට ගොස් කට උත්තරයක් දී තිබේ.
”ඇත්තෙන්ම මෙය ඉතා අශෝබන, විකාර නඩුවක්. තරුණ දරුවගේ රඟපෑමක් වුණත් මෙය හොරකමක්. මංකොල්ලයක්” යනුවෙන් ප‍්‍රධාන විනිසුරු නඩු පැවතියේය.
කොන්දේසි සහිත ඇප මත තරුණ දරුවා නිදහස් විය. අපරාධ චෝදනා යටතේ ඔහුට විරුද්ධව පියවර ගැනෙන බව සඳහන්ය.
ඔහු පාසලේ ඉතා කීකරු දරුවකු බවත්, වීඩියෝ තරග නැරඹීමෙන් ළමා මනස විකෘති වන බවත්, එය ප‍්‍රාථමික දරුවන්ගේ ප‍්‍රචණ්ඩත්වය වැඩි කිරීමට රුකුල් වන බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ ගුරුවරු සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd