(ක.ග. කරුණාරත්න)
පොළොන්නරු ගොවි ජනතාව මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ අග්‍රඵලයෙන් සකස් කරගත් අලුත් සහල් බුදුන් වහන්සේ වෙත පූජාකිරීමේ චාරිත්‍රය වන අගසස් දානය හෙවත් අලුත් සහල් මංගල්‍යය පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය අබියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ජනාධිපතිවරයාට අයත් පොළොන්නරුව ලක්ෂ උයනේ පිහිටි කුඹුරෙන් නෙළාගත් වී අස්වැන්නේ සහල්ද මෙම අගසස් දානයට එක්කරගෙන තිබිණ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යෙය් අලුත් සහලින් තඹ පාත්‍රය පිරවීය. අස්ගිරි පාර්ශවයේ අනුනායක මහනුවර ගෙඩිගේ රජ මහා විහාරාධිපති, පොළොන්නරු සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති පුංචිබණ්ඩා රත්නායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්පත් ශ්‍රී නිලන්ත, එන්.වී. සමන්ත, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද, ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතවරුන් සහ ගොවීහු පිරිසක්ද සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අගසස් දානයට සහල් ජනපතිගේ කුඹුරෙන්
vidya Monday, 10 April 2017 05:26 PM
මෙය ඉතාම අගනා පුජාවක් . මගේ රටට කිරි ඉතිරේවා. වැසි ලැබේවා. බුදුන් වැඩිය රටෙහි කරුණාවන්ත මිනිසුන් තවත් බිහි වේවා
A m thamara damayanthi Monday, 10 April 2017 08:18 PM
මොන තරම් වාසනාවක්ද මොන තරම් පිනක්ද. ඔබ තුමාගේ දෙමව්පියෝ දෙන්නා මොනතරම් පින්වන්තද මෙවැනි පුතකු වදලා හදලා රටට දෙන්න. සාධු.. සාධු..