ජනප්‍රිය සංස්කෘතිය අපේ රට තුළ සාකච්ඡාවට ගැනෙන්නේ හැත්තෑවේ දශකයත් සමඟය. එහෙත් ප්‍රශ්නය වන්නේ 70 දශකයට පෙර මේ කියන ජනප්‍රිය සංස්කෘතියේ අවම තත්වයක්වත් දකින්නට නොලැබුණේ ද යන්නයි. එහෙත් ඕනෑම සමාජ හැසිරීමක් සංස්කෘතියක් වශයෙන් තහවුරු වන්නේ පවතින කාලය සහ සමාජය පිළිබඳ ඇති කරගන්නා ගැටුම්හි ප්‍රතිඵලයක් වශයෙනි.
එම කෙටි පූර්ව වාක්‍යය ඉදිරිපත් කරන්නට හේතු වුණේ ක්ලැරන්ස් විජයවර්ධන සම්බන්ධයෙන් පසුගිය දිනවල සිට ඇතිවී තිඛෙන නව කතිකාවත සැලකිල්ලට ගනිමිනි. පරාක්‍රම කොඩිතුවක්කුගේ ,ක්ලැරා, නවකතාව ඊට යම් සම්මාදමක් කළ බව පිළිගැනීමට සිදුවේ. කෙසේ වෙතත් පරාක්‍රම මේ නවකතාව ලියන්නේ ජනප්‍රිය සංස්කාතිය සම්බන්ධයෙන 70 දශකයේ දී මතු වූ ඒ සංස්කෘතික ප්‍රවාහය විශ්ලේෂණය කිරීමේ පුළුල් අරමුණකින් ද යන්න පැහැදිලි නැත.
80 දශකය වන විට මෙම සංස්කෘතික ප්‍රවාහය සංවිධිත මාතෘකාවක් බවට පත් කර ගැනීමට ආචාර්ය සරත අමුණුගම දැරූ ප්‍රයත්නය අමුතුවෙන් හඳුන්වා දිය යුත්තක් නොවේ. එහෙත් ඔහු ඒ සඳහා පාදක කර ගන්නේ එච් ආර් ජෝතිපාලගේ ගායනීය හැසිරීමයි. විචාරකයන්ට අනුව අමුණුගම ගේ ඒ සමාජ සංස්කෘතික සංවාදය තුළ දේශපාලන හැසිරීමක් ද තිබුණි. කෙසේ වෙතත් ආචාර්ය අමුණුගම යම් විෂය මූලික පදනමක් මත එම අදහස් ඉදිරිපත් කොට තිබූ බව පිළිගැනීමට සිදු වේ. නමුත් පසුගිය දිනවල පරාක්‍රම කොඩිතුවක්කු ලියූ ,ක්ලැරා, කෘතිය අර කීව ජනප්‍රිය සංස්කෘතික සංවාදයේ විෂය මූලික ස්වභාවය සමඟ කොතෙක් දුරට සමපාත වන්නේ ද යන්න ප්‍රශ්නයකි. ඒ අනුව ක්ලැරන්ස් විෙජ්වර්ධන යනු හුදු උපයෝගිතාවාදී Brand Name එකක් බවට පත් කිරීම සංවාදශීලි අවශ්‍යතාව ඉටු කිරීමක් ලෙසින් ගත හැකි නොවේ.
ක්ලැරන්ස්ව අප මුලින්ම හඳුනා ගන්නේ නව ගීත සංස්කෘතියක් සමඟ ඉදිරියට ආ කණ්ඩායම් ගීත කලාව හරහාය. පැවති සාම්ප්‍රදායික සංගීත නාද රටා අතරට නව තාරුණ්‍යයක් පිවසීමක් ලෙසින්ද එය අර්ථකථනය කෙරුණි. එතෙක් අත් නොවිඳි සරල ජනප්‍රිය සංගීත ආරක් මේ තරුණ ගායකයෝ ගෙන ආහ. අවාසනාවකට මෙන් මේ තරුණ ජනප්‍රියත්වය සමාජ සංස්කෘතික සංවාදයක් හැටියට ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් වූ කිසිවෙක් නොවීය. ක්ලැරන්ස් විෙජ්වර්ධන හුදු පුද්ගල ජනප්‍රියත්වයක් වශයෙන් ගත්තා මිස විෂය හැදෑරීමක් තබා යම් මට්ටමක විමසීමක් කිරීමට වත් උගත් විචාරකයන් ඉදිරිපත් වීමක් නොවුණේ කුමන හේතුවක් නිසාදැයි වෙනම විමසිය යුතුය. මේ ආකාරයට ක්ලැරන්ස් හරහා නිර්මාණය වූ නව්‍ය සංගීත සම්ප්‍රදාය පැහැදිලි වශයෙන්ම හුදෙකලා කිරීමක් සිදුව තිබේ. මේ තත්වයම නවකතා ක්ෂේත්‍රයේදී කරුණාසේන ජයලත්ට ද හිමිකොට දී ඇත. මේවා නිරුත්සාහයෙන් සිදු වූ දෑ නොව සිතාමතාම සිද්ද කළ දේවල් වේ.
එවැනි තත්ව නිවැරැදි කිරීමේදි වඩාත් පරෙස්සම් විය යුතුය. ඒ අනුව සිදු විය යුතුව ඇත්තේ සංවාදශීලි ඉදිරි මඟක් වෙනුවෙන් සාමුහික ප්‍රයත්නයකට යෑම විනා පුද්ගලවාදී අවශ්‍යතා වෙනුවෙන් ඒවා යොදා ගැනීම නොවේ. කොටින්ම කියනවා නම් Brand Marketing යන තත්වයට සාහිත්‍යයික සංස්කෘතික සංවාදයක් ලඝු කර ගැනීම යනු නව්‍ය තත්වයන් හඳුනාගෙන කටයුතු කිරීමක් ලෙසින් හැඳින්විය හැකි නොවේ. ක්ලැරන්ස් විෙජ්වර්ධනට මේ දෙයාකාරයෙන්ම ඓතිහාසික අසාධාරණය සිදුව තිබේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජනප්‍රිය සංස්කෘතියේ විද්වත් හැදෑරීම ක්ලැරන්ස් විජයවර්ධන
pakeer Tuesday, 29 July 2025 11:27 AM
ක්ලැරන්ස් යනු, ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ ඉපදුණා නම්... බීට්ල්ස්, අල්විස්, රෝලින් ස්ටෝන්ස්, බීච් බෝයිස් වගේ ලෝක පූජිත වෙන්න තිබුණු හැකියාවක්... එහෙත් ලංකාව පොඩි රටක් වීමත් මේවා බිහිවුණේ සිංහලෙන් නිසාත් එයාට ඉඩ ඇහිරුණා කියලයි මට දැනෙන්නේ...!