IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


සාහිත්‍ය නිර්මාණ තරගය

ලංකා ලේඛක සංවිධානය විසින් මෙහෙයවනු ලබන

සාහිත්‍ය නිර්මාණ තරගය - 2024


ලාංකික සාහිත්‍යයේ පෝෂණයට දායක විය හැකි ලේඛක පරපුරක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් ලංකා ලේඛක සංවිධානය 2024 වසර සඳහාද සාහිත්‍ය නිර්මාණ තරගයක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

මෙම නිර්මාණ තරගයට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

මේ සඳහා ඉදිරිපත් කළ හැක්කේ කාව්‍ය සහ කෙටිකතා නිර්මාණ පමණි. මෙය විවෘත තරගයකි.
 

පොදු තරග කොන්දේසි :

මෙය ආධුනික ලේඛක ලේඛිකාවන් උදෙසා පවත්වන තරගයකි.

ජාතික මට්ටමේ සාහිත්‍ය සම්මානයක් දිනාගත් හා කාව්‍ය හෝ කෙටිකතා සංග්‍රහ තුනකට වැඩි සංඛ්‍යාවක් මුද්‍රණයෙන් එළි දක්වා ඇති ලේඛක ලේඛිකාවන්ට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ නොහැකිය.

කාව්‍ය නිර්මාණ අංශය :
එක් නිර්මාණකරුවෙකුට භාෂා මාධ්‍ය තුනෙන්ම සඳැස් හෝ නිසඳැස් ආරෙන් එක නිර්මාණය බැගින් ඉදිරිපත් කළ හැකිය.

කෙටිකතා නිර්මාණ අංශය :
එක් නිර්මාණකරුවෙකුට භාෂා මාධ්‍ය තුනෙන්ම එක නිර්මාණය බැගින් ඉදිරිපත් කළ හැකිය.

නිර්මාණ සඳහා ගත්වහර මෙන්ම කටවහරද යොදාගැනීමට හැකිය.

තමන්ගේ නිර්මාණය ඒ 4 කඩදාසියේ තනි පැත්තේ පැහැදිලි අත් අකුරින් ලියා හෝ පරිගණක අක්ෂර භාවිතයෙන් මුද්‍රණය කර හෝ ඉදිරිපත් කළ හැකිය.

ඔබේ නිර්මාණය සඳහා එක් පිටුවකට වැඩි පිටු සංඛාවක් ඇති විටක එම පිටු අංකනය කර ඉදිරිපත් කළ යුතුය.

නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඒවා ලියාපදිංචි තැපෑලෙන් එවීම අනිවාර්ය වේ.

අප වෙත යොමු කරන නිර්මාණයේ පිටපතක් ඔබ සන්තකයේ තබා ගැනීම වැදගත් වන බව සැලකුව මනාය. එම නිර්මාණ ආපසු ලබා දීමට ලංකා ලේඛක සංවිධානය බැඳී නොසිටී.

ඔබ විසින් ඉදරිපත් කරන ලද නිර්මාණය ස්වීය නිර්මාණයක් විය යුතුය.

මීට පෙර මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් ව ඇති බව හෝ, එය වෙනත් අයකුගේ නිර්මාණයකින් උපුටා ගත් නිර්මාණ කොටස් ඇතුළත් ව ඇති බව හෝ එය වෙනත් අයකුගේ නිර්මාණයක් ඍජුව හෝ අනුවර්තිතව ඉදිරිපත් කර ඇති බව හෝ සනාථ වුවහොත් තරගයේ ජයක් ලැබුණ ද එය අවලංගු කෙරෙන බව සැලකුව මනාය.

මින් පෙර මේ ආකාරයේ තරගවලට ඉදිරිපත් කර ජයග්‍රහණය ලබා ඇති නිර්මාණ මේ තරගය සඳහා වලංගු නොවේ. දිගින් දිගට ම තරග සඳහා යොමු කරන එකම නිර්මාණද ඉදිරිපත් නොකරන්න.

නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2024 මැයි මස 31 දින ය.

සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙතින් ඔබගේ නිර්මාණ සමීක්ෂණය කෙරෙන අතර ජයග්‍රහාකයන් හට සම්මාන, ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම වසර අවසානයේ දී සිදු කිරීමට අපේක්ෂිතය.
 

අයදුම් පත්‍රයට ඇතුළත් විය යුතු මූලික දත්තයන්:

අයදුම්කරුගේ නම...

නිර්මාණයේ නාමය....

ඇතුළත් පිටු සංඛ්‍යාව..

ස්ථීර ලිපිනය....

දුරකතන හා වට්ස්ඇප් අංක...

විද්‍යුත් තැපැල් ලිපිනය සහ නිර්මාණයේ ස්වීයත්වය පිළිබඳව ඔබගේ තහවුරුව..

 

පහත සඳහන් ලිපිනයට ඔබේ නිර්මාණ, ලියා පදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුය :

ලේකම්

සාහිත්‍ය නිර්මාණ තරගය-2024

ලංකා ලේඛක සංවිධානය

119 ඒ, පොල්හේන

කැලණිය.

 

වැඩිමනත් විස්තර,

කීර්ති වැලිසරගේ - 077 0390052

කමල් පෙරේරා - 077 365 5151/ 071 8670913

දේ.වි.ගාල්ලගේ - 071 576 6355



අදහස් (0)

සාහිත්‍ය නිර්මාණ තරගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1821 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site