ගොඩගේ පොත් මැඳුර 27 වන වරටත් සංවිධාන කළ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය ඉරිදා (14) පස්වරුවේ කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සම්මාන ප්‍රදානය සෞඛ්‍ය ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා විසින් පවත්වනු ලැබීය.

මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය පියසීලි විජේමාන්න, සාහිත්‍ය විචාරක සේන තෝරදෙනිය, මහාචාර්ය මුදියන්සේ දිසානායක, එරික් ඉලයප්ආරච්චි යන ප්‍රවීණ සාහිත්‍යධරයන් පස් දෙනා වෙත ගොඩගේ සමාගමේ අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අතින් උපහාර සම්මාන පිරිනැමිණි.
කළමනාකාර අධ්‍යක්ෂිකා කමනි ගොඩගේ මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ උළෙල සංවිධාන කොට තිබිණ.
රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන්පති හා  අධ්‍යක්ෂ ආචාර්ය මාටිපේ විමලසාර නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයද ප්‍රවීණ සාහිත්‍යධරයෝ විශාල පිරිසක් ද  මේ අවස්ථාවට එක්ව සිටියහ.

2025 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේදී සම්මාන දිනූ කෘති මෙසේය.

*හොඳම නවකතාව සඳහා ඩබ්ලිව්. ඒ. සිල්වා අනුස්මරණ සම්මානය, එරික් ඉලයප්පආරච්චිගේ  "සඳ ගමන"

*හොඳම කාව්‍ය සංග්‍රහය සඳහා මහගමසේකර අනුස්මරණ සම්මානය  තරින්ද ගල්හේනගේ  "මේ වැහුණු දොර ජනෙල් කොතරම් ශෝකජන කද"

*හොඳම කෙටිකතාව සඳහා ජී. බී. සේනානායක අනුස්මරණ සම්මානය සේපාලි මායාදුන්නගේ
"තුණ්ඩු ලියන්නා" 

*හොඳම පරිවර්තන කෘතිය සඳහා සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය ලියනගේ අමරකීර්තිගේ "අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය"


*හොඳම තීරු ලිපි සංග්‍රහය සඳහා සුනිල් මාධව අනුස්මරණ සම්මානය මංජුල වෙඩිවර්ධනගේ 
"බල්සාක් කැපේ" 

*හොඳම යොවුන් නවකතාව සඳහා ටී. බී. ඉලංගරත්න අනුස්මරණ සම්මානය සාගර සිරිසූරියගේ "නිමවිය අමාවක"
 
*හොඳම ළමා කෘතිය සඳහා එස්. මහින්ද හිමි අනුස්මරණ සම්මානය -සංජය වික්‍රමාරච්චිගේ
"ලොවි හිනාව" 

*හොඳම නාට්‍ය කෘතිය සඳහා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ සම්මානය විජිත ගුණරත්නගේ "නාට්‍ය අධ්‍යක්‍ෂණය හා රංග කාර්යය" 

*හොඳම හොඳම ශාස්ත්‍රීය කෘතිය සඳහා තිස්ස කාරියවසම් අනුස්මරණ (සම සම්මාන)

1 ගිනිකටුවැවේ විපුල හිමිගේ "සිංහල අක්ෂර වින්‍යාසය"

2 මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසගේ "භාෂා ජාතිකවාදය පිළිබඳ විමර්ශන"

Best Novel (English)
*Alter Ego 
Senaka Abeyrathne

Best Poetry (English)
*Teach me how to Breathe 
Nipuni Ranaweera.

Best Short Stories (English)
*See through Hearts
Ajantha Seneviratne.

Children's book 
(English)
*Grandma Isabella 
Neesha Vidulakara.

හොඳම කාව්‍ය සංග්‍රහය (දෙමළ)
කලාදීදමුම් සාම්බට් කුවියලුම් 
කර්තෘ - ක්‍රිෂ්ණසාමි අරුල්

හොඳම පරිවර්තන කෘතිය (දෙමළ)
පුදිය සිරහුහල්
කර්තෘ - දික්වැල්ලේ කමාල්

ගොඩගේ අත්පිටපත් තරගයේ ජයග්‍රාහී ප්‍රශස්ත කාව්‍ය ඕෂදා පාරමී හෙයියන්තුඩුවගේ "කැටපත් වලාකුළු"

ජයග්‍රාහී ප්‍රශස්ත නවකතාව පද්මානි කාංචනාගේ "ගුරුගම"

ජයග්‍රාහී ප්‍රශස්ත කෙටිකතාව 
දසුනි හෙට්ටිආරච්චිගේ "කුරු මහසෙන් හරි උස මිනිහෙක්"

ජයග්‍රාහී ප්‍රශස්ත යොවුන් නවකතාව අමිතා පද්මකුමාරිගේ "කොලු"

Godage Manuscript Competition - Best Awarded Novel 
"Lost in a Soul"
Sunethra I. Amarasinghe

Godage Manuscript Competition - Best Awarded Poetry 
"Surging Shaps"
Jayarathana Weerakkody

Godage Manuscript Competition - Best Awarded Short Story 
"The Mirror and the Mask"
Darshana Ashoka Kumara