හතළිස් වසරක් සිංහල කාව්‍ය ක්ෂේත්‍රය සුපෝෂණය කිරීමට දායකත්වය දැක්වූ රාජ්‍ය සම්මානිත ප්‍රවීණ කිවියර  නන්දන වීරසිංහයන්ට උපහාර පිදීමේ උළෙලක් ජුලි 10 වැනිදා සවස 2.30 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.නන්දන වීරසිංහයන්ගේ කාව්‍ය ගමන් මග මෙහිදී ඇගයීමට ලක් කිරීමට නියමිතය.