ගම්පහ වෘත්තීය වේදීන්ගේ සහෘද සංසදය මෙහෙයවන සී. ඩබ්ලිව් , ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතානන්ගේ 140 වැනින ගුණ සමරුව හා කථික තරගයේ ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර ප්‍රදානය මෙම මස 30 වැනිදා පෙරවරු 9 ට ගම්පහ විශාකා පාරේ සුමේධ විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්වේ .

ගුණ සමරු දේශනය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා සිදු කරයි.මෙම සංගමයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජයන්ත අල්විස් හා සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි කටයුතු කරයි.