එරික් ඉලයප්ආරචිචිගේ අලුත්ම නවකතාව "තිවංක කතාව" එළිදැක්වීම මෙම මස 29 වැනිදා සවස 3.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වේ.

නුවන් බෝපගේ,විදර්ශන කන්නන්ගර,ගීතිකා ධර්මසිංහ,ජයන්ත කහටපිටිය,රත්කරවිටේ ජිනරතන හිමි,සාලිය ඉදුරුවිතාන,කෞශල්‍යා ජයලත් මෙහි දෙසුම් පැවැත්වීමට නියමිතය.උත්සව සභාව මෙහෙයවීම ළහිරු වීරසේකර සිදුකරයි.