IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මාස්ටර් සර් වුණු විශ්ව


වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි. දක්ෂ, කඩවසම් රංගන ශිල්පියෙක් වන ඔහු මෙවර සඳැල්ල සමඟ කළ  කතාබහයි මේ. 

  • අලුත් අවුරුද්දෙ අලුතින් සිංහල පන්තියක් පටන් ගන්න යනවා නේද ?

ඔව්. හිරු නාලිකාවේ "මාස්ටර් සර්" කියලා අලුතෙන් විකාශය වන  මගේ අලුත්ම ටෙලිනාට්‍ය තමයි ඒ. අරුණ ජයවර්ධන මහතාගේ  අධ්‍යක්ෂණයකට සම්බන්ධ වෙලා මම  වැඩකරන පළවෙනි වතාවත් මේක. කලින් මම එතුමාගේ තිරපිටපත්වල රඟපාලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් අභියෝගාත්මක වැඩක් කියලා මට හිතෙනවා. නමුත් මගේ ගුරුවරයා,  මහේන්ද්‍ර පෙරේරා මහතා දුන්න ගුරුහරුකම් එක්ක මේ වැඩේත් මගේ උපරිමෙන්  කරනවා.

  • අපි චරිතය ගැනත් කිව්වොත් ?

මගේ චරිතෙ, මාස්ටර් සර් කියන්නේ ලංකාවේ සිංහල විෂයට ජනප්‍රියම ටියුෂන් සර්. එයාගෙ කම්පැනිය තමයි ලංකාවේ තියෙන පංති අතරෙ ලොකුවටම තියෙන්නෙ. ඒ වගේම ගොඩක් පුංචි තැනක ඉඳන් ආපු කෙනෙක්.  එයා මැරි කරලා ඉන්න කෙනත් ඇවිත් තියෙන්නෙ ඒ වගේම තැනකින්. ඒ චරිතෙට අරන් තියෙන්නෙ උපේක්ෂා ස්වර්ණමාලි කියන අපේ රංගන ශිල්පිනියව. ඉතින් තැනකට ආවට පස්සෙ ඒ ගමනෙ ඉස්සරහට යද්දි ඇතිවෙන සිදුවීම් එක්ක  තමයි කතාව ගලාගෙන යන්නෙ.  

  • පෙම්වතාගේ චරිතෙන් එහාට ගිහින් විශ්ව පොලිස් නිලධාරියෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් ඉදිරියට එනවා නේද ?

ඔව්,පොලිස් නිලධාරියෙක්ගෙ චරිතයක් කියන්නේ මම රගපාන්න ආසාවෙන් හිටපු චරිත කිහිපයකින් එකක්.  හිරු නාළිකාවේ විකාශය වන "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නාට්‍යයේ හිටපු පොලිසියේ OIC මහතා ට්‍රාන්සර් වුණාට පස්සෙ අලුතෙන් එන OIC මහතා විදිහට තමයි මට නිවන්ත ප්‍රසාර මහතා චරිතයට කතා කරන්නෙ.ඒක  නීතිය අකුරටම පිළිපදින පොලිස් නිලධාරියෙක්ගෙ චරිතයක්. මේ වෙන කොටත් එහි රූගත කිරීම් කර අවසන්. ඉතින් ගොඩක් සතුටුයි ඒ රංගනය සම්බන්ධව.මම හිතනවා වෙනස් චරිතයක් වුණත් ඒ වැඩේ හොඳට සිද්ධ වුණා කියලා ලැබෙන ප්‍රතිචාර එක්ක.

  • මේ දවස්වල වැඩ කටයුතු මොනවද ?

"වර්ණ" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අජිත් ධර්මසූරිය මහතාගෙම "සිහින සේයා" කියලා අලුත් චිත්‍රපටයක් කරලා මේ වෙන කොට එහි සියලු වැඩකටයුතු අවසන් කරලා තියෙනවා. ඒකෙ චාපා කියලා අලුත් ගෑනු ළමයෙක් තමයි රඟපාන්නෙ. ඒ චිත්‍රපටයත් මේ වසරේ එයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම "පබළු", "අහස් මාළිගා" කියන ටෙලි නාට්‍යයවල මගේ යාළුවට රඟපෑව මිහිර අයියගේ අධ්‍යක්ෂණයෙන් සිදු වෙන නිර්මාණයකත් පළවෙනි වතාවට මම වැඩ පටන් ගන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. 

  • ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් මතක් කරමු.

එදා වගේම මට ආදරේ කරපු ප්‍රේක්ෂකයො මම හොඳ තැනක ඉන්නවා බලන්න අදටත් මාත් එක්ක  ඉන්නවා. ඒ ගැන ගොඩක්  සතුටුයි. මම උපරිම උත්සාහ කරනවා නිහතමානීව සමාජෙ ජීවත් වෙන්න.  මොකද එහෙම වුණොත් විතරයි අපේ ප්‍රේක්ෂකයන් එක්ක අපිට ඉන්න පුළුවන්කම තියෙන්නේ. අපි ජීවත් වෙන්නෙ ප්‍රේක්ෂකයො හින්දා. එයාලා ආදරේ කළොත් තමයි අපිට කලා නිර්මාණ හැමදෙයක්ම ලැබෙන්නෙ. ඉතින් මමඋත්සාහ කරන්නෙ ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර තව තවත් වැඩි කරගන්න. මොකද ඒ ආදරේ ගොඩක් වටිනවා.

  • පහුගිය කාලේ විශ්ව දේශපාලනයට සම්බන්ධ වීම ගැන නම්  ප්‍රේක්ෂකයන් තුළ  වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ ගැනත් අදහසක් දැක්වුවොත්?

ඇත්තටම මට ගොඩක් ප්‍රේක්ෂකයො කිව්වෙ "නොගැළපෙන දේවල් කරන්න එපා විශ්ව, අපි ඔයාව දකින්න කැමති කලාකාරයෙක් විදිහට. ලංකාවේ දේශපාලනයට ඔයා ගැළපෙන්නෙ නැහැ" කියලා. ඔවුන් කියපු දේ සීයට සීයක් ඇත්ත. මම නැහැ  කියන් නැහැ. හැබැයි මම දේශපාලනය කරන්න ආවෙ මගේ මඩිය තද කරගන්නවත්, රැල්ලට කරන දේශපාලනයක් නිසාවත් නෙවෙයි. මගේම කියලා  මතයක් ඉදිරිපත් කරලා මිනිස්සු අතරට යන්න. ඒත්   මම දැක්කා මට ආදරේ කරන ගොඩක් අය, විශේෂයෙන්ම රංගන ශිල්පීන්ම හදවතින්ම කිව්වා  "විශ්ව ඕක කරන්න එපා" කියලා. සමහර මගේම අය කිව්වා "තරහ වෙන්න එපා මචං, අපි මූණට කිව්වෙ නැති වුණාට හිතින් කිව්වා උඹ පැරදියන් කියලා. මොකද අපිට උඹව දකින්න ඕනෙ කලාකාරයෙක් හැටියට මිසක් දේශපාලකයෙක් හැටියට නෙවෙයි" කියලා. ඒක ගොඩක් අය කියලා තිබ්බා. ඉතින් ඒක මම හිස මුදුනින්ම  පිළිගන්නවා. මම මිනිස්සු අතරට ගියෙ කලාව හින්දා. ඒක ජීවිතේ කිසිම වෙලාවක අමතක කරන්න නැහැ. 

  • නැවත දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද ?

දැනට එහෙම එකක් නැහැ. සර්වජන බලය කියන පක්ෂෙත් එක්ක තාමත් මගේ ඒ දේවල් තියෙනවා. ඒත් දැනට දේශපාලනයක් කරනවා කියලා මතේක ඇත්තටම  නැහැ. මොකද මම අංක එක දෙන්නෙ දේශපාලනයට නෙවෙයි කලාවට. 

  • ඔබ කලාවට පිවිසෙන්නේ සිනමාවෙන්. නමුත් වැඩිපුරම දකින්න ලැබුණෙ  පුංචි තිරයෙන්. දෙකෙන් වැඩිපුරම කැමති මොකේටද ඇහුවොත්?

ඕනෙම කෙනෙක් කැමති වෙන්නෙ සිනමාවට. මොකද සිනමාව තමයි අපි ජය ගන්න ඕනෙ තැන. මම සිනමාවට ගොඩක් ආදරේ කරනවා. හැබැයි  මම පුංචි තිරයෙන් එන්නෙ මෙගා නාට්‍ය හරහා. ඉතින්  සිනමාව, ටෙලි නාට්‍ය, සම්භාව්‍ය නාට්‍ය, මෙගා නාට්‍ය කියලා නැහැ. ඒ හැම නිර්මාණයකටම මට දෙන්න පුළුවන් උපරිම  සහයෝගය මම දෙනවා. ඕනෙම නිර්මාණයක් කරද්දී ඒක හදවතින්ම කරනවා.

  • පවුලේ අයවත් අපි මතක් කරමු.

මගෙ ආදරණීය බිරිඳ. එරන්දි කොඩිකාර වගේම මගේ දුවයි, පුතයි තුන්දෙනාම මේ වෙද්දි ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්වල.  දරුවො දෙන්නගෙ වැඩිදුර අධ්‍යාපනයට  ගිහින්. මේ පෙබරවාරි මාසෙට එයාලා ගිහින්  අවුරුද්දක් වෙනවා. මාත් ඉක්මනටම එයාලව බලලා එන්න යන්න බලාපොරොත්තු  වෙනවා. පවුලක් විදිහට ඒ තිබ්බ ආදරේ තාමත් ඒ විදිහමයි. කිසිම වෙනසක් වෙලා  නැහැ. මගේ වැඩවලට එරන්දි ඇත්තටම  ලොකු සහයෝගයක් දෙනවා. 

  • විශ්වගෙ ඉදිරි බලාපොරොත්තුව ?

කලාවෙන් ඉදිරියට ගිහින් කවදහරි දවසක ටෙලි නාට්‍යයක් හරි  චිත්‍රපටයක් හරි නිෂ්පාදනය කරන්න ලොකු ආසාවකින්, බලාපොරොත්තුවකින් ඉන්නවා. අධ්‍යක්ෂණයක් ගැන හිතන්න කලින් නිෂ්පාදනයක් ගැන හිතන්න ඕනෙ කියන තැන තමයි  මම  ඉන්නේ. අධ්‍යක්ෂණයක් කරන්න  තාම මට  දැනුමක් නැහැ. හැබැයි  ඉදිරියේ දී  නිෂ්පාදනයක් නම් කොහොම හරි කරන්න ඕනෙ කියලා හිතන් ඉන්නවා.

  • අවසාන වශයෙන් ක්ෂේත්‍රයට එන නවකයන්ට මොකක්ද කියන්න තියෙන්නෙ ?

දැන් ඉස්සර වගේ නෙවෙයි, තරඟකාරීත්වය ගොඩක්  වැඩියි. ඒ නිසා  මට කියන්න තියෙන්නෙ ක්ෂේත්‍රය ගැන හොඳට  ඉගෙන ගෙන එන්න. ඒ වගේම තමයි කලාකරුවෙක්  විදිහට අනිවාර්යයෙන්ම නිහතමානී වෙන්න. ඒ නිහතමානීකම නිසා තමයි කලාව ඇතුළෙ සහ ප්‍රේක්ෂකයා අතර රැකෙන්න පුළුවන් වෙන්නෙ. තමන් කරන ඕනෙම නිර්මාණයක් හරියට කළොත් තමන්ට කිසි දවසක වැරදෙන්නෙ නැහැ. ඒ නිර්මාණය රටේ ජනප්‍රසාදෙ හිණිපෙත්තටම යනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්.


කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

මාස්ටර් සර් වුණු විශ්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

Recommended News

බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා
2025 මැයි මස 08 23 0

ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.


ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි
2025 මැයි මස 08 13 0

ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත


සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද
2025 මැයි මස 08 17 0

මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ


ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 14 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම
2025 මැයි මස 08 20 0

මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය


රජෝදර්ශන කාලයේදී ස්නානය සුදුසු ද
2025 මැයි මස 08 16 0

ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1257 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site