IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මගේ කලා ගමනට වසර 25 ක් - Charith Abeysinghe


කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් චරිත් අබේසිංහ හඳුන්වන්නේ සැබෑ දක්ෂයකු ලෙසයි. ඔහු දක්ෂයකු වග අතිශයෝක්තියකින් තොරව ප්‍රකාශ කළ හැකිය. ගායනයෙන්, රංගනයට, රංගනයෙන් - අධ්‍යක්ෂණයට, සහ ඉනික්බිතිව නිෂ්පාදනයට මෙන්ම ගීත රචනයට සහ වත්මනෙහි නිවේදන කටයුතුද දක්ෂ ලෙස ඉදිරිපත් කරන චරිත් මෙලෙසින් ආ කලාවේ ගමනට වසර 25ක් සපිරේ. ඒ වෙනුවෙන් ඔක්තෝබර් 31 දා, එය සැමරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය වී ඇති මොහොතක මේ ඉඩ කඩ ඔහු වෙනුවෙනි. 

  • කොහොමද  මේ දවස්වල වැඩ කටයුතු?

මේ  දිනවල ‘මිස්ටර්-මිසිස්’ ෆිල්ම්  එකේ රූ ගත කිරීම් සිදුකරනවා.  ගිරිරාජ් කෞෂල්‍යගෙ පිටපතකට අනුව  නිෂ්පාදනය කරන්නෙ ආචාර්ය රවි ලියනගේ. ආචාර්ය රෝහණ වීරසිංහයන් තමයි සංගීතවත් කරන්නෙ. දිනක්ෂි ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, ආනන්ද කුමාරුන්නැහේ ඇතුළු  ජනප්‍රිය-ප්‍රවීණ ශිල්පීන් රැසක් එහි රඟපානවා. අධ්‍යක්ෂණයෙන් මම දායක වන දෙවන චිත්‍රපටය වන්නේ මේ ‘මිස්ටර් ඇන්ඩ් මිසිස්’ නිර්මාණයයි. ඊට පෙර නිර්මාණය  කළ චිත්‍රපටයක් ළඟදීම තිරගත කරන්න බලාපොරොත්තුවයි ඉන්නෙ.      


2024, අවුරුද්ද මට ඇත්තටම විශේෂයි. ඒකට හේතුව කලා ජීවිතයට  ඇවිත් වසර 25ක් සපිරීම නිසයි. 1999  දි හොරණ ‘වීනස්’ සංගීත කණ්ඩායමට එක්වුණේ පාසල් සිසුවකුව සිටියදීයි. ඉන් පසුව සමන් ඇන්ඩ් ද ක්ලෑන් සංගීත කණ්ඩායම සහ සීදුව සකුරා වගේ සංගීත කණ්ඩායම් සමග කටයුතු කළා. පසුව විදෙස් ගත වුණා. සිනමාව ගැන හදාරලා ආපසු ලංකාවට ඇවිත් ජුලියා චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඉන්පසුව චිත්‍රපට ගණනාවක රඟපාමින් අධ්‍යක්ෂවරයකු, කැමරා අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ විටෙක මගේම නිර්මාණවලට ගීත ගයමින් ආ  ගමනක් ලෙස ඒ ගෙවීගිය විසිපස් වසරක කාලය හඳුන්වන්න පුළුවනි. මේ දිනවල මා රංගනයෙන් දායක වන මී මැස්සා, බඹරෙක් ඇවිත් නාට්‍ය විකාශය වෙනවා. ජුලියාගෙන් පසුව මාගේ නිර්මාණවලදි බොහෝ විට කතා කළේ දේශපාලනය තේමා කරගෙන. බඹරෙක් ඇවිත් සහ මී මැස්සා  නිර්මාණවලින් කතා වෙන්නෙත් එක්තරා කාලයක තිබූ  දේශපාලන ස්වරූපයන් හා වර්තමානයේ දේශපාලන ස්වභාවය සම්බන්ධ කරගෙනයි. කොහොමටත් මගේ ජීවිතය කලාව හා දේශපාලනය එක්ක ගෙවී යන වසර තමයි මට දැනෙන්නෙ. ගෙවී ගිය විසිපස්  වසර දිහා බලද්දි කලාවේ නියැළී කර ඇති දේ අල්පයි. කිරීමට ඇති දේ බොහෝමයි. භාෂාව කියන්නෙ මම හිතන විදිහට වියන පැදුරක් වගෙයි. අපි කාටවත් එය වියළා ඉවර කරන්න බැහැ. කාලයෙන් කාලයට පිරිස් ඇවිත් ඒ වියමන කරන්න උත්සාහ ගන්නවා.

  • විසිපස් වසරක් කලාවේ? ඒක ලෙහෙසි වැඩක් ද?

කොහෙත්ම ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒත් මේ කලාව ඇතුළෙ අපට යමක් කරමින් රැඳී සිටින්න හැකි වුණා. අධ්‍යක්ෂවරු දහ දෙනෙක් ගැන කතා කළොත් මගේ නමද කියැවෙන තරමේ නිර්මාණ කරන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. මේ විදියට ගෙවී ගිය ජීවිතයේ ඒ ගමන අළලා ඔක්තෝබර් 31 වැනිදා මම උත්සවයක් පවත්වනවා.

  • මොන විදිහටද ඒ උත්සවය පැවැත්වෙන්නෙ?

මා එක්ක නිර්මාණවලදී දායක වෙච්ච සියලුම කලාකරුවන්ට එදාට ආරාධනා කරනවා. ඒ වගේම මම පළමුවැනියාටම මේ කලාවට සම්බන්ධ කරගත්ත සියලු දෙනාටත් ඇරයුම් කරනවා. ඒ සියලු දෙනා එක්ක ප්‍රීතිමත් සෞන්දර්යාත්මක වේලාවක් ගත කරන අතරේ මගේ අලුත් ගීතයත් එදින එළිදැක්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. එය රචනා කළේ කැලුම් ශ්‍රීමාල්. සංගීතවත් කළේ නුවන් තේනුවර. එදාට මගේ නිර්මාණවලදී ගැයූ ගීත කීපයකුත් ගයන්න සුදානමින් ඉන්නේ. මෙතෙක් ගෙවූ  මුළු  ජිවිතය අලළා වීඩියෝවකින් එය ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

  •  ‘චරිත්’ කලාවේ බොහෝ අංශවලට දායකත්වය ලබාදුන් ඔබ මොකක්ද තවම නොකළ දේ කලා​ෙව?

එක දෙයයි කරලා නැත්තෙ. මහ පො​ෙළාවේ ක්‍රියාකාරි දේශපාලනයට සම්බන්ධ වෙන එක. සමහරවිට මම ඒ දේශපාලනයත් කරාවි. ඒ වෙනුවෙන් මට ආරාධනා ලැබිලා තියෙන එකත් සතුටක්. මොකද සමහර කලාකරුවන්ට නොමිනේෂන් අහිමි වෙද්දි, ලිස්ට් එකෙන් නම කැපිලා යද්දි මට ‘ආරාධනාවක්’ ලැබීම නිසා, සමහරවිට මම එය බාර ගනීවි.

  • කලාවේ මේ සියලු දේ හැර ඔබගේ ගෙදර භූමිකාව ගැන කතා කළොත්?

මේ මෑතකදී නිවුන් දරුවන් තිදෙනකු අපේ පවුලට එක්වුණා. ඉතින් නිවුන් දරුවන් තිදෙනෙකුගේ පියකු වීම ලොකු සතුටක්. වාසනාව කියන දේ දෙවියන් දීලා තියෙන්නෙ තුන් ගුණයකින්. පිරිමි දරුවෝ දෙන්නයි. ගැහැනු දරුවයි. මේ දිනවල බිරිඳ සහ මම වැඩිපුර ජීවිතය ගෙවන්නෙ ඒ දරුවො තුන්දෙනා එක්ක. මව්පියන් විදිහට ඒ වගේ දරු උපතක් ලබන්න වාසනාවන්ත වෙන්න ඕනෑ. ඉතින් ඒ අතින් බලද්දී ජීවිතයේ ඒ ඒ කාලවලදී දෙවියන් හෝ කර්මය විසින් අපට ලබාදෙන යහපත් දේ අත්විඳිමින් සමාජයටත්, කලාවටත් මට විශ්වාස යහපත් දේ ගොඩනැගීම වෙනුවෙන් තවදුරටත් කැපවිය යුතුය කියලයි මම හිතන්නෙ.

ගෙදර භූමිකාවත් පුළුවන් විදිහට කරනවා. මම අහලා තියෙන විදියට සාර්ථක මිනිහෙක් කියලා කියන්නෙ පවුල, රැකියාව, මිතුරන්, සෞඛ්‍යය සහ විනෝදාංශ කියන අංශ පහම සමබරව කරගෙන යා හැකි නම් එය සාර්ථක  ජිවිතයක්.

  • ‘චරිත්’ ඔබ ආඩම්බරකාරයෙක්ද? උද්දච්ච චරිතයක්ද? නැතිනම් කොහොම කෙනෙක්ද?

ඔය ඔබ අහපු ඔක්කෝම චරිත ස්වභාවයන්. ඒ-ඒ අවස්ථා අනුව මටත් ඇති. බොහෝ තැන්වලදී අපි සරලයි. ඒත් සමහර තැන්වලදී ඕනෑවට වඩා අපි පල්ලෙහාට යන්න ගියොත් අපට ඔළුව උස්සාගන්න බැරි වේවි. ඒ නිසා ඒ ඒ තැන්වලට ගැළපෙන විදිහට තමන්ගේ චරිතය හසුරුවා ගත්තෙ නැත්නම් අපේ වටිනාකම් නැතිව යාවි. ඒ වගේම අපි ඕනෑවට වඩා උඩඟු වෙන්න ගියොත් අනවශ්‍ය විදියට නිතරම එහෙම හැසිරෙන්න ගියොත් කොහේ හිටියත් අපි වැරදියි. ඒ නිසා අපි ගත කළ යුතු විදිහ සහ සීමා ඉර, දැනගෙන සිටීම වැදගත්.

  • ඔබ හොඳ ස්වාමිපුරුෂයෙක් කියලා හිතනවා ද?

ඔව් මම එහෙම හිතනවා. මගේ දරුවො සහ බිරිඳට දුක් විඳින්න ඉඩ තියලා නැහැ. මම හැකි උපරිම ආකාරයෙන් එයාලට පහසු ජීවන රටාවක් හදලා දිලා  තියෙන්නෙ. මම උපයන සියල්ලෙහි ඵලය යන්නෙ එයාලට. දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සියලු දේ නිසා ඉදිරියේදී මට මීටත් වඩා මහන්සි වෙන්න වේවි. හැබැයි අපි තෝරා ගත්ත ජීවිතය අනුව ඒ සියල්ලට සතුටින් මුහුණ දිය යුතුයි. 

  • කලාවේ මේ සැම විෂයකදී♠ම මේ සෑම භූමිකාවකදීම සසඳා බැලුවොත් ඔබ වඩා තෘප්තිමත් වෙන්නෙ?

මගේ වෘත්තීයමය ජීවිතය ගත්තොත් අධ්‍යක්ෂණය සහ කැමරා අධ්‍යක්ෂණය කියන භූමිකාවෙදි මම වඩාත් තෘප්තිමත්.
   


   සඳුන් ගමගේ


 



අදහස් (0)

මගේ කලා ගමනට වසර 25 ක් - Charith Abeysinghe

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 94 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site