IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මගෙ නර්තන හැකියාව ගොඩක් අය දන්නේ නැහැ - නිපුණි පුජිතා


‘අසම්මත පෙම’ මියුසික් වීඩියෝවෙන් මුළු රටම හැඳිනගත් ඇය නිපුණි පූජිතාය. ඉන්පසු ඇය නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ‘සංවර්ධන මිස්’ ලෙසද තවත් අලුත් ප්‍රේක්ෂක පිරිසකගේ හදවතේ ලැගුම්ගැනීමට සමත්විය. රංගන ශිල්පිනියකට අමතරව තවත් බොහෝ හැකියාවන් ප්‍රමාණයක් ඇය සතුව තිබේ. මං ගැන නොදන්නා දේ විශේෂාංගයෙන් මෙවර ‘සඳැල්ල’ සමග සම්මුඛ වන්නේ ඇයයි.

“ඉස්කෝලේ යන කාලේ මම ගොඩක්ම දක්ෂවෙලා හිටියේ නිවේදනය, නර්තනය, වේදිකා නාට්‍ය රංගනය හා ක්‍රීඩාවලට, නිවේදනයට. මම පය තිබ්බේ  පාසලේ මාධ්‍ය ඒකකයේ සභාපති තනතුරට තේරීපත්වීමත් එක්ක.  අවුරුදු හතරක් විතර මම ඒ තනතුරේ කටයුතු කළා. ඊට අමතරව දේශීය නැටුම් කණ්ඩායමේ නායිකාව විදියටත් කටයුතු කරලා තියෙනවා. 

ඊට අමතරව …නැටුම් කණ්ඩායමෙත් කටයුතු කළා. මම විවාද කණ්ඩායමෙත් කටයුතු කළ නිසා නිතැතින්ම නිවේදනයටත් යොමු වුණා. ක්‍රිෂාන්ති පෙරේරා ගුරු මෑණියන් තමයි මගේ දක්ෂතා අඳුනගෙන මුලින්ම මට නිවේදනයට අවස්ථාව ලබාදුන්නේ. පාසලේ මාධ්‍ය ඒකකයට මාව ගත්තේ එතුමිය. පාසලේ නාට්‍යයක් , නැටුමක් තිබුණොත් මම එතන නියෝජනය කළා. ඉස්කෝලේ නැතුවම බැරි චරිතයක් බවට පත්වෙලා තිබුණා.

මම මෙතනදි මාව නැටුම්වලට සම්බන්ධ කරගත් ගුරුවරුන් ගැනත් මතක් කරන්න ඕන. දේවිකා විජේසූරිය හා නිශානි ප්‍රියංගිකා යන ගුරුවරු මතක් කරන්න ඕන. බෝපේ ආරච්චි පංති භාර  මිසුත් මතක් කරනවා.

පාසලේදි මලල ක්‍රීඩාවලට උස පැනීම, හෙල්ල විසි කිරීම වැනි ක්‍රීඩාවලටත් සහභාගි වුණා. මං මොන බාහිර වැඩ කළත් අධ්‍යාපන කටයුතුවලටත් මූලිකත්වය දීලා වැඩ කළා. හැබැයි වැඩිපුර කැමැත්ත තිබුණේ නැටුම්වලට. ඒ නිසා උසස් පෙළටත් නැටුම් හැදෑරුවා. පාහිමිපත් ඇන්දෙත් මම උසස් පෙළ කරපු අලුතම වගේ. ඊට පස්සෙ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව බාහිර උපාධිය ලැබුවා.


උසස් පෙළ අවසන් වුණායින් පසුව අයියාගේ යාළුවෙක් වෙළෙඳ දැන්වීමක් කරනවා කියලා මටත් ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කියලා ආරාධනාවක් ලැබුණා. 

2015 දි ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහින් ඒක සමත්වෙලා ඒ වෙළඳ දැන්වීමට සහභාගි වෙනවා. ඉන් පස්සේ දිගටම වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වෙනකොට මට දිගටම රංගනයට ආස හිතෙනවා. ඊට පස්සේ තමයි මේක වැඩිපුර ඉගෙන ගන්න ඕන විෂයක් කියලා මම කල්පනා කරන්නේ.

2018 සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණා. එහි අන්තිම 11 දෙනා අතරට මම තේරුණා. ඒක මට හොඳ අත්දැකීමක් වුණා. පොඩි කාලේ ඉඳන් මම ආසාවෙන් හිටියේ ඒ වගේ තරගයකට සහභාගී වෙන්න.

නාට්‍ය හා රංග කලාව ඉගෙන ගනිද්දි මට වේදිකා  නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. වේදිකා රංගනය හදාරන්න එය මට ලොකු අත්වැලක් වුණා. රංගනයට තියෙන හොඳම තැන තමයි වේදිකාව. ඒ නිසා අද වෙනකන් වේදිකාව අතහැරලා නැහැ.

ප්‍රසිද්ධ වේදිකාවේ මම කරපු  නිර්මාණ ගත්තොත් ප්‍රේමයේ නගරයට යෞවන හා රාජ්‍ය සම්මාන ලබාගත්තා. බයිලා ගහන දවසක් නාට්‍යයටත් යෞවන සම්මාන උළෙලේ හොඳම සහය නිළියට සමමාන ලැබුණා. ඉදිරියේදිත් තව වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබිලා තියෙනවා. 

2015ඉඳන් මට තිබෙන්නේ ඉතාම මන්දගාමී ගමනක්. මම නිපුණි පූජිතා කියන එක ගොඩක් අය දැනගත්තේ අන්සතු ඔබ කියන වීඩියෝ එක හරහා. මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක එතන. 

ඊට පස්සේ තමයි නාඩගම්කාරයෝ එකේ සංවර්ධන මිස්ගේ චරිතය ලැබෙන්නේ. ඊට පස්සේ තවත් ටෙලි නිර්මාණ කීපයක රඟපෑවා. තවත් තුනක් විතර එන්න තියෙනවා. මගේ අලුත්ම ටෙලිනාට්‍ය දෑස මත මොහොතක් කියලා ස්වාධීන රූපවාහිනියෙ විකාශනය පටන් ගත්තා.

මම නිළියක් විදියට මතුවුණාට මගේ ඩාන්සින් පැත්ත ගොඩක් අය දන්නෙ නැහැ. රංගනයට වැඩිපුර අවධානය දීම තමයි ඩාන්සින් මග  ඇරෙන්න හේතුව. ඊට අමතරව නිරූපණය පැත්තටත් කැමැතියි. මට ස්කූටර් පදින්න පුළුවන්. ඒ වගේම  හොඳට උයන්න පුළුවන්. හොඳට කෑම හදන්න පුළුවන්. අම්මාගෙන් තමයි උයන්න පුරුදු වුණේ. මට වැඩිමල් අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ගෙදරින් ගියාම  අම්මා එක්ක එකතුවෙලා මම උයනවා. උයන්නත් ආසාවක් තියෙන්න ඕන. ඒ  වගේම උයන එකත් කලාවක්. ඒක ආසාවෙන් කරනකොට වදයක් නෙමෙයි. ඒ වගේම මං පාඩුවේ ඉන්න ආසයි. චිත්‍රපට බලන්න ආසයි. ඇවිදින්න කැමැතියි. අම්මත් එක්ක  කතා කර කර ඕනෑම තැනක යන්න කැමැතියි. එතකොට මහන්සියක් දැනෙන්නේ නැහැ. අනුරාධපුරයේ වැඩිපුර යන්න කැමැතියි. ශ්‍රීපාදය, සිගිරියේ යන්න කැමැතියි. ඊට අමතර බීච්වල ඇවිදින්න කැමැතියි. මම කාලයක් ජාත්‍යන්තර පාසලක නැටුම් ගුරුවරියක් විදියට වැඩ කළා. කලා කටයුතු නිසා ඒවායින් අයින් වුණා. මම වෘත්තිය රංගන ශිල්පිනියක් වෙන්න කැමැතියි. මම විශ්වාසයෙන් මට කරන්න පුළුවන් චරිත බාර අරගෙන නිරූපණය කරන්න කැමැතියි.


අමිල චින්තක ගමගේ  


 



අදහස් (0)

මගෙ නර්තන හැකියාව ගොඩක් අය දන්නේ නැහැ - නිපුණි පුජිතා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site