IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ඔබේ ඕරාවත් දුර්වල ද?


වර්තමානයේ දී  බොහෝ දෙනා විශ්ව ශක්තිය,  ධනාත්මක චින්තනය, ආකර්ෂණ නීතිය, විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කිරීම, ඕරා පරීක්ෂාව, පළිඟු භාවිතය වැනි දේවල් අත්හදා බලන්නට පෙලඹී තිබේ. අද අපි කතා කරන්නේ මානව ශක්ති ක්ෂේත්‍රය (ඕරාව) බලගැන්වීමෙන් ලැබෙන වාසි පිළිබඳවයි.
 

 


ඕරාව  යනු?


Aura කියන්නේ  ප්‍රභා මණ්ඩලය / රැස් වළල්ල / රැස් මඬල යන නම් වලින් හැඳින්විය හැකි අප සිරුර  වටා ඇති ශක්ති ක්ෂේත්‍රයයි.

එය මානව ශරීරය වටා සහ ශරීරය තුළ ත්‍රිමාණ වශයෙන් පවතින මානව ශක්ති ක්ෂේත්‍රය වශයෙන් හැඳින්වෙන  අතර මිනිස් සිරුර ආශ්‍රිතව මෙන්ම මෙම ශක්ති ක්ෂේත්‍ර සියලුම සජීවී වස්තූන් ආශ්‍රිතව ද පවතී. එය ඉතා සියුම් ස්ථරයන්ගෙන් සුසැදී බැවින් පියවි ඇසින් දැකීමට අසීරුයි. බුදු හිමියන්, ජේසු තුමන් වැනි ආධ්‍යාත්මික වශයෙන් ඉතා දියුණු තත්ත්වයට පැමිණි පසු මෙම රැස් මඬල පිටතට ප්‍රදර්ශනය වූ බව පොත් පත්වල සහ චිත්‍රවල සඳහන්ව තිබේ. එවන් උසස් ආධ්‍යාත්මික තත්වයන්ට නොපැමිණි සාමාන්‍ය පුද්ගලයන්ගේ ශක්ති ක්ෂේත්‍ර දැකීමට අභිඥාලාභීන් වැනි ආධ්‍යාත්මික ශක්තියෙන් උසස් අයට හැකියාවක් ඇත.

මේවන විට නවීන විද්‍යාත්මකව සැකසුණු අධි තාක්ෂණික උපකරණ භාවිතයෙන් අද අපට මානව ශක්ති ක්ෂේත්‍රය, ඔබේ ඕරාවේ වර්ණය සහ අනෙකුත් ගති ලක්ෂණ හඳුනාගැනීමට හැකිය. එමෙන්ම පුද්ගලයෙකුගේ Aura වෙහි වර්ණය සහ හැඩය අනුව ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ, රුචි අරුචිකම්, නිරෝගිමත් බව සහ චර්යාවන් පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව ද පවති.


ඕරාවෙන් ලෙඩ රෝග හඳුනාගන්න පුළුවන් ද ?


අප වටා තිබෙන ශක්ති ක්ෂේත්‍රය පාලනය වන්නේ අපේ ශරීරය ආශ්‍රිතව තිබෙන ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන (චක්‍ර) 7කින්. ඒ ශක්ති මධ්‍යස්ථාන 7 ක්‍රියාත්මක වෙන්නේ සංඛ්‍යාතයන් අනුව. අපේ ශරීරය වටා ඇති ඕරාව එනම් මානව ශක්ති ක්ෂේත්‍රය, කායික ස්ථරය මෙන්ම හුදු භෞතික ස්පර්ශය ඉක්මවා ගිය සියුම් වූ  කම්පන ශක්තීන් දරන භාවමය ස්ථර, මානසික ස්ථර සහ ආධ්‍යාත්මික ශක්තීන් ගෙන් හෙබි ස්ථරයන්ගෙන් ද සමන්විත වන නිසා කායික හා මානසික රෝග හඳුනා ගැනීමට මෙය ඉමහත් පිටුවහලක් ගෙන දෙයි.

බොහෝ කායික රෝගාබාධ හට ගන්නේ ජීවිතයේ දී අප මුහුණ දෙන විවිධාකාර ගැටලු නිසා ඇතිවන බිය, සැක, දුක, අසතුට වැනි මානසික තත්ත්වයන් සහ හැඟීම්වල ප්‍රතිඵලයන් ලෙසයි. රෝගයක් යනු කායික ශරීරයෙහි පිළිබිඹු වන ලක්ෂණය වන නමුත් එහි රෝග නිධානය සැඟව ඇත්තේ මානසික, ආධ්‍යාත්මික භාවමය ස්ථරයන් තුළ විය හැකියි. එමෙන්ම එම රෝග නිවැරදිව හඳුනා ගැනීමට මෙන්ම එය සුව කිරීමට පවා Aura ව මහත් සේ උපකාර කරයි.

එමෙන්ම Aura වෙහි අපගේ ශක්ති ක්ෂේත්‍රය අඩු කම්පන සංඛ්‍යාතයක් (Low Vibration) දරන විට අප වෙත රෝගාබාධ පැමිණීමේ සම්භාවිතාව ඉහළ යයි. එනම් අපගේ ශක්ති ක්ෂේත්‍රයෙහි ප්‍රබල බව අඩු වන තරමට මෙන්ම එහි අඳුරු වර්ණ බහුල වන තරමට ලෙඩ රෝග ඇති වීමට ඇති ඉඩකඩ වැඩි වන අතර Aura වෙහි ප්‍රබලත්වය වැඩි වන කළ අපගේ ප්‍රතිශක්තිකරණය මෙන්ම ශරීරය සතු ස්වාභාවික සුවය ලැබීමේ ශක්‍යතාව ඉහළ යයි.


ඕරාව ආගමක් හා බද්ධ ද?


ඕරා ශක්තියට ආගමක් නැහැ. මේ පිළිබඳව සෑම ආගමකම කතා වේ. මානසික ශක්තිය දියුණු කරපු බොහෝ දෙනා මේ ඕරා එක දැක තිබේ. උදාහරණයක් විදිහට  බුදුන් වහන්සේගේ සවනක් රැස්මාලාව ගැන වගේම ජේසුස් වහන්සේගේ  රැස්මාලාවක් ගැනද පොත් පත්වල සහ සිතුවම්වල සඳහන් වේ. මේ වගේ ආධ්‍යාත්මික නායකයන් හැම දෙනෙකුටම ප්‍රබල ශක්ති ක්ෂේත්‍ර තිබෙන්නට ඇති. සුබ ශක්තිය වැඩි, ධනාත්මක, සුබවාදී ආකල්ප දරන, අන් අයට සේවය සලසන පුද්ගලයන්ගේ ඕරාවන් ඉතා ප්‍රබලයි. අපේ ඕරාව නැත්නම් රශ්මි වළල්ල පිරිසිදුව මෙන්ම ශක්‌තිමත්ව තබා ගැනීමට අප උනන්දු විය යුතුයි. එය අපට කළ හැක්‌කේ කනස්‌සල්ල ඉරිසියාව, බය, වෛරය වැනි සෘණාත්මක සිතුවිලිවලින් තොරව ආදරය, දයාව, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය වැනි ධනාත්මක සුභවාදී සිතුවිලි අප සිත් තුළ ජනිත කරවීමෙනි.


කෙනකුගේ ඕරාව දුර්වල බව හඳුනා ගන්නේ කොහොම ද?


ඕරා පරීක්ෂාවකදී ඔහුගේ සිතුවිලි, කතා බහ, ක්‍රියාවන්, ගති පැවතුම් ඒ සියල්ලම නිරීක්ෂණය වේ. සුබ ශක්තින් සහිත එවන් සංඛ්‍යාතයන් සමඟ ගනුදෙනු කරන අයගේ ඕරාව ඉතාම දීප්තිමත්. එමෙන්ම ශක්තිමත්. කෙනෙක් කරදයක පසු වන විට, දුක් සහගත නම් ඒ අයගේ ඕරාව අඳුරු වර්ණයෙන් පෙන්නුම් කෙරේ. කෙනෙකුගේ සැබෑ ස්වරූපය ඕරාවෙන් හඳුනාගැනීමේ හැකියාව පවතී.  

අපගේ ස්වාභාවික ශක්ති පද්ධතියට හානි වන්නේ අප තුළ හටගන්නා ආවේගශීලී සිතිවිලි, වචන සහ ක්‍රියාවන් තුළින්.

අප මුහුණ දෙන විවිධාකාර කායික සහ මානසික පීඩාකාරී අත්දැකීම් වලින්.

විශේෂයෙන් අප වටා සිටින මිනිසුන්ගෙන් නිකුත්වන සෘණාත්මක ශක්තීන් තුළින්. එමෙන්ම ආහාර පානවලට කෘත්‍රිම ලෙස එක්කරන රසායනිකයන්,වායු දූෂණය, ජල දූෂණය තුළින්.


ඕරාව බලවත් කර ගත හැකි ද?


මානව ශක්ති ක්ෂේත්‍රය බල ගැන්වීය හැකියි. එමගින් අපගේ සිතිවිලි සුභවාදී, ධනාත්මක සහ ප්‍රීතිමත් වන තරමට ශක්ති ක්ෂේත්‍රයෙහි ප්‍රබලත්වය වැඩි වේ. එවන්  සිතුවිලි සහිතව සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එම සිතිවිලි වචන බවටත් එම වචන අනුව ක්‍රියාත්මක වීම ද සිදුවිය යුතුය. 

සරලව පැවසුවහොත් අප ඇතුළාන්තයෙන්ම අවංක, අව්‍යාජ විය යුතුය. එක් දෙයක් සිතෙහි තබාගෙන තවත් දෙයක් කීමෙන් හෝ කිරීමෙන් ප්‍රබල aura වකට හිමිකම් කීමට නොහැකිය.

එසේනම් Aura ව ප්‍රබල කර ගැනීමේ සරලතම මග අව්‍යාජත්වයෙන් යුතුව තම හිතට එකඟව ජීවත්වීමයි. හැකි පමණින් රාග, ද්වේෂ, මෝහාන්ධකාරයන්ගෙන් දුරුව තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමයි. 

මෙහිදී අප මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නය අද අප ජීවත්වන මෙම කාර්ය බහුල ජීවන රටාවේදී මෙන්ම අප මුහුණ දෙන අනේක වූ සමාජීය හා ආර්ථික බලපෑම හමුවේ අපගේ ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය රඳවා ගැනීමට කෙතරම් දුරට අපට හැකියාවක් ඇත්ද යන්නයි.

අපේ සිතුවිලි, වචන සහ ක්‍රියා  සුභවාදී හා ධනාත්මක වන තරමට අපගේ ශක්ති ක්ෂේත්‍රය බලවත් වන අතර වෛරී, අශුභවාදී, අඳුරු සිතුවිලි, වචන හා ක්‍රියාවන් වැඩිවන තරමට ශක්ති ක්ෂේත්‍රය දුර්වල වේ. 

එසේනම් අද දවසේ අප සතු අභියෝගය වන්නේ අප සතු ස්වාභාවික ශක්ති පද්ධතිය එලෙසින්ම ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්නයි.

ඒ සඳහා, ස්වාභාවික ලෙස ස්වභාව ධර්මයට සමීපව ජීවත් වන්න.

(ස්වභාව ධර්මයේ දායාද වන ස්වාභාවික පළිඟු වර්ග ඇතුළු ස්වාභාවික දේ භාවිත කළ හැකිය.)

එමෙන්ම යහපත්, සුභවාදී සිතිවිලි දරන්න, ඒවා පවසන්න, ඒ අනුව ක්‍රියා කරන්න. සතුටින්, සැහැල්ලුවෙන් යුතු අව්‍යාජ දිවි පෙවෙතක් ගත කරන්න. තමන්ගේ සහ අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න. භාවනාවන් ප්‍රගුණ කරන්න. සියලු දෙනා වෙත මෛත්‍රීය පතුරවන්න,  තමන්ට හැකි අයුරින් පිහිට සැමට පිහිට වන්න. අන් අය සමඟ තරඟයට හෝ ඊර්ෂ්‍යාවට නොව තම සිතට එකඟව උත්සාහවන්ත වී වැඩ කරන්න. තමන් ඇසුරු කරන අය පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න. සෘණාත්මක චර්යාවන් ඇති අයගේ ඇසුරින් දුරස් වන්න. ජලය වැඩිපුර පානය කරන්න. තමන් ජීවත් වන පරිසරය සුභවාදී ශක්තීන්ගෙන් සමන්විත වන සේ පිරිසිදුව සකසා ගන්න.


නදිශා අතුකෝරළ


 



අදහස් (0)

ඔබේ ඕරාවත් දුර්වල ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1876 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site