IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඉරානය කැළඹු තරුණියගේ ඉරණම ?


ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය ඉරානයයි. 1978-79 වසරවල ඉරාන ජනතාව තුළ පිබිදීමක් ඇති විය. ඉස්ලාමීය විප්ලවයක් තෙක් දුරදිග ගිය එය, 1979 පෙබරවාර් 11 වැනිදා, මොහොම්මඩ් රේසා පාලෙවි ෂා රජුගේ රාජාණ්ඩුව පෙරළා දැමීය. ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පරිවර්තනය වූයේ ඉන් අනතුරුවය. වසර 45 කට වැඩි කාලයක් තිස්සේ ඉරානයේ ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වෙයි. ඉරාන කාන්තාවන් සම්පූර්ණයෙන් හිස ආවරණය කර ගනිමින් හිජාබය පැලැඳීම අනිවාර්ය වෙයි. එසේ නොකරන්නේ නම් එය බරපතළ දඬුවම් හිමිවෙන වරදකි. ඉරාන ඉස්ලාමීය නීතිය සැකැසී ඇත්තේ ද සුළු වරදකට පවා, ඉරාන කාන්තාවන්ට දැඩි දඬුවම් ලැබෙන අයුරිනි.

පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේත්, පසුව බටහිර මාධ්‍ය ඔස්සේත් වීඩියෝ දසුන් පෙළක් ප්‍රසිද්ධියට පත් විය. එහි අන්තර්ගත වූයේ අඩ නිරුවතින්; යට ඇඳුම්වලින් පමණක් සැරසුණු තරුණියක ඉරානයේ තෙහෙරාන් අගනුවර විශ්වවිද්‍යාලයක සිසුන් අතරේ සිටින අයුරු සහ පසුව ඇය විශ්වවිද්‍යාලයට ඉදිරියෙන් ඇති මාර්ගයේ ඇවිද යන ආකාරයයි. ඉරානයේ ඉස්ලාමීය නීතිය යටතේ මෙය බරපතළ වරදකි. ඉරානයේ ක්‍රියාත්මක සදාචාරය සුරැකීමේ පොලිසියට අනුව, දරුණු අපරාධයකි.

ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය, බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් සේවය මෙම වීඩියෝ දසුන් ප්‍රසිද්ධ කරමින්, පුවත් පළ කළේ මෙම තරුණිය, තෙහෙරාන් අගනුවර අසාද් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක බවත්, ඇය ඇඳුම් උනා දමා, හිස නිරාවරණය කරගෙන, ප්‍රසිද්ධියේ අඩ නිරුවතින් සිටියේ, ඉස්ලාමීය නීතිය යටතේ, ඇඳුම් පැලැඳුම් සම්බන්ධයෙන්, ඉරාන තරුණියන්ට පනවා ඇති කොන්දේසි සහ තහංචිවලට විරෝධය පෑමක් ලෙස බවත්ය‍. තරුණියගේ එම වීඩියෝ දසුන් ප්‍රසිද්ධයට පත් කර තිබුණේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසිනි.


විශ්වවිද්‍යාලය තුළ සෙසු විශ්වවිද්‍යාල සිසුන් සහ සිසුවියන් සමඟ සුහදව කතා කරමින් සිට මෙම තරුණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඇති මාර්ගයේ අඩ නිරුවතින් ඇවිද යද්දී, මෝටර් රථයකින් පැමිණි පිරිමින් පිරිසක් ඇය වටකරගනිමින්, බලහත්කාරයෙන් ඇය ඊට ගොඩකරවාගෙන රැගෙන යන අයුරු දැක්වෙන තවත් වීඩියෝ දසුන් පෙළක් ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ප්‍රසිද්ධ කර ඇත. තරුණිය ප්‍රචණ්ඩකාරී ලෙස අත්අඩංගුවට ගනිමින්, බලහත්කාරයෙන් මෝටර් රථයට දමා රැගෙන ගිය බව ක්ෂමා ආයතනය පවසන අතර, ඔවුන් ඔවුන්ගේ කනස්සල්ල ද ඉරාන රජයට පළ කර තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට අනුව, තරුණිය, අඩ නිරුවතින් සිටියේ, ෂාරියා නීතිය යටතේ අසාද් විශ්වවිද්‍යාල පරිපාලනය, සිසුවියන්ට ඇඳුම් සම්බන්ධයෙන් පනවා ඇති දැඩි නීතිරීතිවලට විරෝධය පෑමක් ලෙස බවය. අසාද් විශ්වවිද්‍යාලයේ මහජන සබඳතා අංශය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කර ඇත්තේ, එම තරුණිය මානසික ආබාධයකින් පෙළෙන තැනැත්තියක් යැයි පවසමිනි.

අඩ නිරුවත් වීමට පෙර, මෙම තරුණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දී බසීජ් සොල්දාදුවන්ගේ අඩන්තේට්ටම්වලට සහ හිරිහැර කිරීම්වලට ලක්වුණු බව විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත. බසීජ් යනු ඉරාන විප්ලවීය හමුදාවට අයත් අතිරේක බළඇණියකි. මේ සම්බන්ධයෙන් අසාද් විශ්වවිද්‍යාල පරිපාලනය පැහැදිලි කිරීමක් කර ඇත. ඒ, ඇය විශ්වවිද්‍යාල භූමියේදී කිසිදු ආකාරයකට හිරිහැරයකට ලක් නොවුණු බවත්, විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීන් ඇය අඩ නිරුවතින් සිටිනු දැක බොහොම සන්සුන්ව, ඇයට විශ්වවිද්‍යාල භූමියෙන් පිටවෙන්නැයි දැනුම් දුන් බවත්ය. ජාත්යන්තර ක්ෂමා සංවිධානය, අසාද් විශ්වවිද්‍යාල ශිෂ්‍යාව වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අතර ඇයට, ඇගේ පවුලේ අයට සහ නීතිඥයාට ප්‍රවේශය ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි ද සී.එන්.එන්. පුවත් සේවය පවසයි.


මේ වන විට මෙම සිද්ධිය ජාත්‍යන්තරයේ අවධානයට ද හේතුවක් වී ඇත. ඉරාන ඉස්ලාමීය ජනරජය සම්බන්ධයෙන් ක්‍රියාකරන, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මායි සාටෝ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් කනස්සල්ල පළ කර ඇත. මෙම සිද්ධිය සහ එම තරුණිය සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවෙන බව ද නියෝජිතවරිය පෙන්වා දී ඇත. මීට වසර දෙකකට පෙර, 2022 දී කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම් සම්බන්ධයෙන් ඉරාන රජයේ නීතිරීති මුල්කොට ගනිමින් ඉරානය පුරා දැවැන්ත ජනතා විරෝධයක් නිර්මාණය විය. එම සිද්ධියට මුල් වූයේ 22 හැවිරිදි මහ්සා අමිනී නමැති තරුණිය නිසාය. මැය ඉරානයේ කුර්දි තරුණියකි. නිසි ලෙස හිජාබය පැලඳ නොසිටි බවට චෝදනා නගමින් ඉරානයේ සදාචාරය සුරැකීමේ පොලිස් නිලධාරීන්, අමිනී අත්අඩංගුවට ගත් අතර, පොලිස් අත්අඩංගුවේ දී වධ බන්ධනයට ලක්වීමෙන් අමිනී මියගියාය. ඉරාන රජයට එරෙහිව විරෝධතා නිර්මාණය වූයේ ඉන්පසුවය. සති ගණනක් තිස්සේ විරෝධතා පැවැත්වුණු අතර, ඉරාන රජය එම විරෝධතා නිර්දය ලෙස මර්දනය කළේය. එම හේතුව නිසා ඉරානයේ කුර්දි වැසියන් සිය ගණනකට දිවි අහිමි විය.


ලු‍සිත ජයමාන්න
සී.එන්.එන්. ඇසුරිනි


 



අදහස් (0)

ඉරානය කැළඹු තරුණියගේ ඉරණම ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1102 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site