ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිතය වසර 12,000 ක ඉතිහාසයකට උරුමකම් කියයි. අහසේ දිස්වන තාරකා අනුව කාලගුණය, යුද්ධ කැරලි, වසංගත සහ සමාජ දේශපාලන පෙරළි පිළිබඳව පූර්ව නිමිති පෙන්වන බවත් ඒ අනුසාරයෙන් අනාගතය කල්තබා දැනගත හැකිය යනු මේ විෂයෙහි ඇති මූලික පදනම වේ.
උක්ත ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව අනුව ලංකා භූමිය අයත් වන්නේ කුම්භ රාශියට ය. මෑත ඉතිහාසයේ නම් රටකට අයත් රාශිය සොයනු ලබන්නේ අක්ෂාංශ සහ දේශාංශ දැනුම භාවිතයට ගැනීමෙනි. ලංකාව අයත් වන්නේ කුම්භ රාශියට බව අප කියනුයේ මේ රට සුද්දන් ගෙන් නිදහස් වූ අවස්ථාවේ උදා වී තිබුණු රාශිය කුම්භ වීම නිසා නොව ඉහත කී භූගෝලීය බෙදීම් රාශි චක්‍රයට අනුව ගැන බැලීමෙන් බව අවධාරණය කළ යුතුය.
කෙසේ නමුත් කුම්භ ලග්න ලංකා කේන්දරය සහ රාහු ග්‍රහයා අතර ඇති සම්බන්ධය පුදුමාකාර වේ. ආසන්න වශයෙන් වසර 18 ට වරක් රාහු කුම්භ රාශියට පිවිසෙන අතර, ඒ සෑම විටෙකම ලංකාවේ සමාජ දේශපාලන වටාපිටාව බෙහෙවින්ම ආන්දෝලනාත්මක ආතතියකට පත් කරනු ලැබ තිබේ. ඒවා යුද්ධ කැරලි කෝලාහල හෝ සමාජ දේශපාලන පෙරළි ලෙස හෝ ඉස්මතු වෙයි.
විරුද්ධ දේශපාලන බලවේග හෝ පුද්ගලයන් හෝ මර්දනය කිරීම පිණිස ආණ්ඩුව බලය පාවිච්චි කිරීමට යොමු වුවහොත් එය ඛේදවාචකයකින් සහ වත්මන් ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම අහෝසි වී යෑමෙන් කෙළවර විය හැකිය.
2025 මැයි මස 18 දා නැවත වරක් රාහු ග්‍රහයා කුම්භ රාශියට පිවිසීමට සූදානමින් සිටී. එමෙන්ම 2026දෙසැම්බර් 5 දා තෙක් ආසන්න වශයෙන් මාස 18 ක් එහි ගමන් කිරීමට ද නියමිතය. එකී දහ අට මාසය ලංකාවට බෙහෙවින් තීරණාත්මක වනු ඇත.
ඉතිහාසය දෙස සැකෙවින් නෙත් යොමු කළහොත් 1932-33 / 1951-52 / 1969-70 / 1988-89 / 2006-07 / යන කාල පරාසයන්හි රාහු ලංකා කේන්දරයේ ලග්න ශීර්ෂයේ ගමන් ගත් අතර, එකී කාලයන්හි මෙරට හටගත් සමාජ
දේශපාලන පෙරළි මොනවා ද යනු ඉතිහාසය පිරික්සීමෙන් ඔබට මැනවින් අවබෝධ කැරගත හැකිය.
2025 රාහු කුම්භ රාශිගතවීම පිළිබඳ පුරෝකථනයන් මෙසේයි.
පුරෝකථනය:
ටොලමියානු ජ්‍යෝතීර්වේදී
කේ. සී. ජේ. රත්නායක
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි