IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


“ටික්ටොක්” මාධ්‍යයෙන් රඟපා සිල්වර් සම්මාන ලැබූ “ගවී”

අද වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම රසික ආදරයක් ප්‍රතිචාරයක් ලබාගෙන සිටින චරිතයක් මෙවර “යූටියුබ්” විශේෂාංගය වෙනුවෙන් ඉරිදා ලංකාදීපයට එකතු කර ගන්න හිතුවා.   


ඇය නමින් ගවී ප්‍රනාන්දු....   


ගවී ප්‍රනාන්දු කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය ටික්ටොක් තරුවක්. ඒ නිසාම මෑතකදී U Tube හරහා ලබාදෙන සම්මානයකටත් හිමිකම් කිව්වා නේද?

   
ඔව්. ඇත්තටම U Tube හරහා ලබාදෙන ‘සිල්වර් බට්න්’ කියන ඒ සම්මානය මට ලැබුණා. ඒ සම්මානය ලැබෙන්නෙ මගේ U Tube නාළිකාවේ මාව නැරඹූ, මගේ වීඩියෝ නැරඹූ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියාට පසුව. සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂය ඉක්මවා ගියා මෑතකදී. ඉතින් ඒ වෙනුවෙන් U Tube හරහා අපිට සුභ පැතුම් එකතු කරලා පළමුවෙන්ම ලබාදෙන සම්මානය තමයි ඒ. ඉතින් ඒ සම්මානය මට ගෙදරටම ලැබුණා. US වලින් තමයි මේ සම්මානය ලැබෙන්නේ. සිල්වර් බට්න් එකෙන් පස්සේ ගෝල්ඩ් බට්න් දක්වාම ඒ සම්මානය U Tube හරහා ලබා දෙනවා. ඒ ලැබෙන්නෙ අපිත් එක්ක එකතු වන සබ්ස්ක්‍රයිබර්ලගෙ සංඛ්‍යාව අනුව තමයි.  


ඉතින් ඔබව නරඹන ඒ පිරිසගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?   


ඇත්තටම ගොඩක් හොඳයි. මම මුලින්ම ටික්ටොක් මාධ්‍යය ගැන ලොකුවට දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. 2020 අවසන් මාස කිහිපයෙදි වගේ තමයි ටික්ටොක් වීඩියෝ කරන්න සම්බන්ධ වුණේ. නමුත් මම මුලදි සාමාන්‍ය වීඩියෝ කරගෙන හිටියෙ. මගේ රංගනයන් අඩංගු වීඩියෝ කළේ නැහැ. ඒත් මම ලංකාවෙ වයිරල් යන වීඩියෝ දැකලා තිබුණා. මටත් ඒවගේ වීඩියෝවක් කරන්න ලොකු ආසාවක් තිබුණා. ඉතින් කොහොමහරි එක දවසක මම රංගන හැකියාවත් යොදාගෙන මම කරපු වීඩියෝවක් බොහෝ දෙනෙක් අතරට යන්න පටන් ගත්තා. ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබා ගන්න හැකිවුණා. ඒ අවස්ථාවේ මට හිතුණ දෙයක් තමයි ටික්ටොක් ඇතුළෙ හොඳ දෙයක් කරන්න පුළුවන් කියන දේ.   


ටික්ටොක් ඇතුළෙ ගවී වැඩිපුර ඉදිරිපත් කරන්නෙ හාස්‍යෝත්පාදක රංගනයක්. ඇත්තටම මිනිස්සු හිනස්සනවා කියන දේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ලොකු අභියෝගයක්. නමුත් ඔබ ඒ අභියෝගය ජයගෙන තියෙනවා?   


ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. රංගනයේදී මොන චරිතයන් ඉදිරිපත් කළත් හාස්‍යෝත්පාදක චරිත කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඒ දේ කරන්න සමහරු අසභ්‍ය දේවල්, අසභ්‍ය වචන, දෙපිට කැපෙන වචන වගේ දේවල් යොදාගෙන ආකර්ෂණය ලබා ගන්න හදනවනෙ. නමුත් මම විශ්වාස කරන විදියට ඒ දේවල් අවශ්‍ය වෙන්නෙ නැහැ. අපි රංගනයේදී ලබාදෙන ඉරියව් සහ තමන්ගෙ රංගන හැකියාව තුළින් ඒ ආකර්ෂණය ලබා ගන්න පුළුවන්. මම කොහොමත් මගේ රංගනයන්ට යොදා ගන්නෙ සාමාන්‍ය ජීවිතේ මිනිස්සුන්ට එදිනෙදා මුහුණ පාන්න වෙන දේවල්, යාළුවො අතර ගෙදර දොරේ සිද්ධ වෙන දේවල්. එතැනදී මගේම චරිතය නේද මේ ඉදිරිපත් කරන්නේ කියන දේ ගොඩක් දෙනෙක්ට දැනෙනවා. මගෙ රංගනයන්වලට ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් මට කියන දෙයක් තමයි. ‘ඔයා මං ගැන නේද මේ වීඩියෝවෙන් කරලා තියෙන්නේ’ කියලා. ඒ ප්‍රතිචාර ලැබෙද්දී මට හිතෙනවා මම සාර්ථකයි කියන දේ. අද සමාජයේ ජීවත් වන පුද්ගල චරිත ස්වභාවයන් හා ඒ හැසිරීම රංගනයන්ට යොදා ගැනීම නිසාත් තමයි බොහෝ දෙනෙක් අතරට මේ වීඩියෝ හුවමාරු වෙන්නෙ.   


අද ටික්ටොක් සහ U Tube තරුවක් කියද්දි පහළටම දාලා නේද කතා කරන්නේ?  


ලංකාවෙ ටික්ටොක් මාධ්‍යය ගැන ගොඩක් අය වැරදි විදියට හිතන්නෙ. ඒ මාධ්‍ය ගොඩක් පහත් කරලා තියෙන්නේ. මේ විකාරයක්, ලංකාවෙන් ටික්ටොක් අයින් කරන්න ඕනෑ කියලා කියන්නේ. එහෙම හිතෙන කාලෙක තමයි මට හිතුණෙ ටික්ටොක් කියන දේ තමන්ගේ හැකියාව පෙන්නුම් කරන මාධ්‍යයක් බවට පත් කර ගන්න. ඉතින් මම නොහිතපු විදියට ඒ තුළින් යම් ජනප්‍රියත්වයක් ලබා ගන්න හැකිවුණා. ඒ දේත් එක්ක මම දිගටම ටික්ටොක් කළා. ඒ අතරතුර ගොඩක් දෙනෙක් මට කිව්වා U Tube එකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද කියලා. මට ඒ ගැන ඇත්තටම මුලදි අවබෝධයක් තිබුණෙ නැහැ. ටික්ටොක් කරගෙන ඉන්නම තමයි අදහස තිබුණෙ. නමුත් U Tube නාළිකාවක් ආරම්භ කරලත් බලන්න හිතුණා ටික්ටොක් හරහා ලැබුණු ප්‍රතිචාරයන් එක්ක. U Tube කියන්නෙ ටික්ටොක්වලට වඩා හාත්පසින්ම වෙනස් මාධ්‍යයක්. ඒ තුළින් මුලදි ඉදිරිපත් කරපු වීඩියෝ සාර්ථක වුණෙත් නැහැ. පොඩි පොඩි වැරදි තිබුණා. වීඩියෝවල අඩුපාඩු තිබුණා. ඉතින් ඒ හැමදේම හදාගෙන අලුත් විදියට U Tube නාළිකාව ආරම්භ කරලා මාසයක් දෙකක් යද්දි සබ්ස්ක්‍රයිබර්ස්ලා විශාල සංඛ්‍යාවක් එකතු වුණා. ඒ විදියට වැරදි අඩුපාඩු හදාගෙන ආපු නිසා තමයි සබ්ස්ක්‍රයිබස්ලා ලක්ෂය ඉක්මවා යන්න හැකිවුණේ. ඉතින් කව්රු මේ මාධ්‍යය පහත් කොට සැලකුවත් ඒ තුළින් හොඳ දෙයක් කරගෙන හිටියොත් ඒ දේවල්වලත් ලොකු වටිනාකමක් තියෙනවා. ඒ දේවල් හරි විදියට භාවිතා කිරීම වැදගත් වෙන්නෙ.   


අද ගොඩක් තරුණ ගැහැණු ළමයි ටික්ටොක් හරහා අඟ පසඟ නිරාවරණය කරලා ඒ තුළින් ජනප්‍රිය වෙන්නනෙ හදන්නෙ නේද?   


ඇත්තටම ඒ දේවල් නිසා තමයි අද මේ මාධ්‍යය පහත් ලෙස සලකන්නෙ. ටික්ටොක් U Tube ඇතුළෙ මිනිසුන්ගෙන් හොඳ ප්‍රතිචාර මේ කාලෙදි ලබා ගන්න නොහැකි වෙලා තියෙන්නෙත් එවැනි බහුතරයක් නිසා. අඟ පසඟ විවෘත කරලා ලයික් කමෙන්ට් ගන්න දඟලන පිරිසක් ඉන්නවා. නමුත් මට එවැනි දෙයක් අවශ්‍ය වුණේ නැහැ. මගේ දක්ෂතාවලින් ඉදිරියට ගිහින් තැනක් හදා ගන්නයි ඕන වුණේ. ඇත්තටම කියන්න සතුටුයි මට මේ වනතුරු කිසිම කෙනෙක්ගෙන් නරක ප්‍රතිචාර ලැබිලා නැහැ. මට 99% හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නෙ.   


ගවී තරුණ ගැහැණු ළමයෙක්. ඉතින් මේ ජනප්‍රියත්වයත් එක්ක මේ හරහා ආදර යෝජනා එහෙම එනවද?   


ඔව්. ඒ යෝජනා නම් එනවා. කැමතියි, ආදරෙයි කියලා කියන අය ඉන්නවා. නමුත් මම ඒවට ප්‍රතිචාර දක්වන්න යන්නෙ නම් නැහැ.   


අනවශ්‍ය යෝජනා එහෙමත් ඒ අතර ඇති?   


එහෙම නරක යෝජනා නම් මට ඇත්තටම ලැබිලා නැහැ. ඒ දේවල් මේ තුළ සිද්ධවෙනවා කියන දේ අහලා තිබුණා. නමුත් තමන් ජීවත් වන විදිය අනුව එවැනි දේවල් සිද්ධ වෙනවා ඇති.   


U Tube හි මේ දේවල් කරගෙන යන්නෙ වෘත්තියක් විදියටද? මේ තුළින් ඉහළ ආදායමක් ලැබෙනවා කියන්නෙ ඇත්තද?   


U Tube වලින් මුදලක් උපයන්න පුළුවන් කියන දේ මම මුලදි ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ. ඒ තුළින් මුදලක් ලැබෙනවා තමයි. නමුත් ඒ දේ ලබා ගන්න හරි අමාරුයි. මුලදි ලොකු කට්ටක් කන්න වෙනවා.   


ඒ කියන්නෙ ඒ කට්ට කාලා ​මේ වෙද්දි හොඳ ආදායමක් ඔබ මේ තුළින් උපයා ගන්නවාද?   


තරුණ ගැහැණු ළමයෙක් විදියට මමත් කැමතියි මගේ ඇඳුම් පැළඳුම්, විලාසිතා හැමදේටම මගේ වියදමින් කරගන්න. ඉතින් පවුලෙ එකම දරුවා මම, අම්මා, තාත්තා එක්ක මම ගෙදර ජීවත් වෙන්නෙ. ඉතින් අම්මාට තාත්තාට බරක් නොවී මගේ වැඩ කටයුතු කරගෙන යන්න මම U Tuber කෙනෙක් විදියට මේ වෙද්දි යම්කිසි ආදායමක් ලබනවා. ඒත් එක්කම ස්පොන්සර් වීඩියෝ, ප්‍රමෝෂන් ආදියත් කරනවා. ඉතින් ඒ ලැබෙන ආදායම මට දැනට ප්‍රමාණවත්.  


මාසෙකට වීඩියෝ කොච්චරක් එළි දක්වනවද?   


මාසෙකට වීඩියෝ 3ක් 4ක් වගේ තමයි දාන්නේ.   


මේ වීඩියෝවල චරිත නිරූපණය කිරීමේදී ගවී චරිත ගණනාවක් එකවර ඉදිරිපත් කරනවා. විටෙක මව, පියා, යහළුවා, සහෝදරයා වැනි ගැහැණු/පිරිමි හැම චරිතයම. ඒක ලොකු අභියෝගයක් නේද?   


ඔව්. ලොකු අභියෝගයක්. එතැනදි මම එකම චරිතයක්. ඒ චරිතය තමයි විවිධ චරිත මවන්නෙ. ඒ තුළින් අම්මගෙ චරිතය ගත්තම ගොඩක්ම වෙනස්.   


අම්මා කෙනෙක් කිව්වම එහි ලක්ෂණ වෙනස්. ඒ වගේම යාළුවො ගැහැණු/පිරිමි හැම චරිතයම එකිනෙකට වෙනස්. ඒ විදියට චරිත මවන්න කලාව කියන දේ හදාරලා ති​ෙයන්න ඕනෑ. එක් එක් චරිතයට ඉරියව් වෙනස්වීම් සිද්ධ වෙනවා. ඉතින් මේ හැමදේටම අම්මා තමයි මට උදව් කරන්නෙ. ඒ ඒ චරිතයට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, වේශ නිරූපණය හැමදේම කරගෙන චරිත සාර්ථකව කරගෙන යන්නත් මේ දේවල් වීඩියෝ කරන්නත් ලොකු සහයෝගයක් දෙනවා.     


රංගනයට අමතරව මොනවද තියෙන කුසලතා?   

 

චිත්‍ර අඳින්න යම් කුසලතාවක් තියෙනවා. ඒ වගේම නර්තනයටත්. වැඩිපුරම කැමති නම් රංගනයට.   
නමුත් මම AL වලට හැදෑරුවෙ දේශපාලන විද්‍යාව, ජන සන්නිවේදනය සහ සිංහල. ඒ නිසාම මාධ්‍ය පැත්තට යම් කැමැත්තක් තියෙනවා. විශේෂයෙන් නිවේදනයට. ඒ වගේම කථික පැත්තට මගේ යම් දක්ෂතාවයක් තියෙනවා. ඒ නිසා දේශපාලන විද්‍යාව හැදෑරුවේ. දේශපාලනයටත් පොඩි කැමැත්තක් තියෙනවා.

 

 

ධනු විජේරත්න



අදහස් (2)

“ටික්ටොක්” මාධ්‍යයෙන් රඟපා සිල්වර් සම්මාන ලැබූ “ගවී”

අතුල සෞදි Saturday, 08 January 2022 12:57 PM

මමත් ඇයගේ ටික්ටොක් බලන ප්‍රේක්ෂකයෙක්. හැමෝටම බැලිය හැකි ලස්සන වැඩක්. ඇයගේ ඉදිරි නිර්මාණ සඳහා සුභ පතනවා.

:       2       3

Naumiyala Wednesday, 12 January 2022 08:21 AM

ටික් ටොක්....... මොනවද මේ විකාර පිස්සු වැඩ..

:       1       2

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10951 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6218 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5949 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5294 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3252 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1724 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1996 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1771 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site