IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?

 

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව.

 

 

ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දිනුෂි ඉමල්කා, රමීෂා ලක්ෂානි, අනර්කලී විශ්වලේකා තමයි මේ කණ්ඩායමේ සාමාජිකාවන්. ඔවුන්ගේ ලොකුම හීනය සංගීත කණ්ඩායමක් විදියට එකට එක්ව ජාත්‍යන්තරයට යාම. ඒ විස්තර ඔවුන්ගෙන්ම අසා දැනගමු.

 

 

Yellow Beats කණ්ඩායම සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රියයි නේද?  


ඔව් ඇත්තටම සමාජ මාධ්‍ය ගත්තම හැම මාධ්‍යයකින්ම වගේ ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. අපි මේ බෑන්ඩ් එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසෙ. ඉතින් මාසයක් ඇතුළත U Tube, Facebook, Tiktok ආදී හැම මාධ්‍යයකින්ම සබ්ස්ක්‍රයිබර්ස්ලා විශාල සංඛ්‍යාවක් එකතු වුණා. අපිට ඒ හැම මාධ්‍යයකින්ම වගේ ලොකු වටිනාකමක් ලැබුණා. ඉතින් වයස් භේදයක් නැතිව අපේ නිර්මාණ ගොඩක් දෙනා වැළඳගෙන තියෙනවා.   


ලස්සන ගැහැණු ළමයි හතර දෙනෙක් එකතුවෙලා කරන වැඩක් නිසා එතරම් වීඩියෝ ෂෙයා වෙනවා ඇත්තේ ?


ගැහැණු ළමයි හතර දෙනෙක් එකතු වෙලා කරන වැඩකටත් වඩා අපේ නිර්මාණ ගැන තමයි ගොඩක් කතා වෙන්නේ. අපිට ප්‍රතිචාර දක්වන්නේ වයස් භේදයකින් තොරව. ලොකු රසික පිරිසක් මේ වෙද්දි ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ. අපි කරන නිර්මාණවලට ගොඩක්ම යොදාගෙන තියෙන්නේ අලුත් පරම්පරාවට අහන්න ලැබෙන්නේ නැති අපෙන් ගිලිහිලා ගිය පැරණි නිර්මාණ. ඒ නිර්මාණ අරගෙන අලුත් විදියට අලුත් පරම්පරාවට අහන්න කැමති විදියට අපේ නිර්මාණ කරන්නේ. ඉතින් අපි හොඳ වැඩක් කරනවා. ලස්සන ගීත නිර්මාණ සමාජ මාධ්‍යයට එකතු කරනවා කියලා ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම හදවතින්ම අගය කරන පිරිසක් ඉන්නේ. ඒ නිසාම වෙන්න ඇති අපේ වීඩියෝ ගොඩක් දෙනෙක් අතර ෂෙයා වෙනවා ඇත්තෙත්.   


ගීත නිර්මාණවලට අමතරව Tiktok එහෙමත් කරනවා නේද?  


ඔව්, අපි ටික්ටොක් කරනවා. ඒවා සමහර වෙලාවට විනෝදෙට වගේ තමයි කරන්නේ. ඉතින් ඒ දේවල් වලටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ මාධ්‍ය හරහා වුණත් අපි නිර්මාණාත්මක වැඩක් තමයි කරන්නේ.   


ටික්ටොක් මාධ්‍ය අපේ සමාජය එතරම් පිළිගන්නේ නැහැ.  


ඇත්තටම අපි දකින විදියට ටික්ටොක් කියන්නේ හොඳ සමාජ මාධ්‍යයක්. මේ මාධ්‍යය ලෝකයේ බොහෝ දෙනෙක් දන්නා සහ භාවිත කරන හොඳ මාධ්‍යයක්. ලංකාවෙත් ගොඩක් දෙනෙක් මේ මාධ්‍ය එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ දේ හරි විදියට භාවිතා කළොත් හොඳ ප්‍රයෝජන ගොඩක් ගන්න පුළුවන්. කොහොමත් සමාජ මාධ්‍ය ගත්තම හොඳ විදියටත් නරක විදියටත් ඕනෑම කෙනෙක්ට භාවිත කරන්න පුළුවන්. තමන් දැනගන්න ඕන ඒවා හරි විදියට නිසි ලෙස පාවිච්චි කරන්න සහ දැනුමක් ඇතිව ඒ දේවල් භාවිත කරන්න.   
හිතුවෙවත් නැති විදියට අපි සමාජ මාධ්‍යට එකතු කරපු අපේ වීඩියෝවක් පළමු වතාවෙම වයිරල් වුණා. ඒ ප්‍රතිචාරත් එක්කම අපිට ලොකු ශක්තියක් ආවා අපේ වීඩියෝ තව තවත් සමාජ මාධ්‍යට එකතු කරන්න. මේ තරම් ඉක්මණින් අපේ ගීත නිර්මාණ මිනිස්සු වැළඳ ගනී කියලා අපි හිතුවෙවත් නැහැ. ඉතින් මේ මාධ්‍ය හරහා අපිව ගොඩක් දෙනෙක් දැන ගත්තා. ඒ දේට සහය වුණේ සමාජ මාධ්‍ය ඉතින්. අපි කියන්නේ සමාජ මාධ්‍ය හොඳ විදියට හරි විදියට භාවිත කළොත් ගොඩක් වටිනවා. 

 
තරුණ ගැහැණු ළමයි හතර දෙනෙක් එකතුවෙලා කරන වැඩක්නේ මේ ඉතින් සමාජ මාධ්‍ය එක්ක ගණුදෙනු කරනවා කියන්නේ ලොකු අවදානමක්. මේ තුළ මුහුණ දෙන්න වෙන ගැටලු තියෙනව ද?  


අද සමාජ මාධ්‍ය කියන්නේ ගොඩක් දෙනෙක් භාවිත කරන දෙයක්නේ. ඉතින් දැන් අපිට බලාගෙන ඉන්න පිරිසකුත් මේ වෙද්දි ඉන්නවා. අපේ නිර්මාණ ගීත එක්ක එකතු වෙලා ඒවාට ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා. අපි හොඳ ගුණාත්මක විදියේ දේවල් මාධ්‍යයට එකතු කළොත් තමයි අපිව බලන අයට ගුණාත්මක දෙයක් ලබන්නේ. ඒ නිසා අපි පරිස්සමින් මේ දේවල් භාවිත කරන්න ඕනෑ. සමහරු ජනප්‍රිය වෙන්න සමාජ මාධ්‍ය අනිසි විදියට භාවිත කරනවනෙ, සමහර චරිත ඉන්නවා අඟපසඟ නිරාවරණය කරගෙන ඒ තුළින් ජනප්‍රිය වෙන්න හදනවා. අසභ්‍ය වචන භාවිත කරගෙන කිසි වැදගත්මක් නැති වීඩි​යෝ හදනවා. ඉතින් ඒ දේවල් කරගෙන ඉදිරියට යන්න හදනවනම් ඒ වගේ දේවල් වලින් ගැටලු මතුවෙන්න පුළුවන්. නමුත් තරුණ කණ්ඩායමක් විදියට අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වුණේ හොඳ වැදගත් දෙයක් කරලා මොකද ලංකාවේ ගීතවලට ආදරය කරන හොඳ රසවින්දනයක් තියෙන පිරිසක් ඉන්නවනෙ. ඉතින් ඒ පිරිස වෙනුවෙන් තමයි අපි මේ බෑන්ඩ් එක පටන් ගත්තෙත්. ලංකාවේ මේ වනතුරු Girss Band තිබිලා තියෙනවා. නමුත් Four Voices කියන කන්සෙප්ට් එක ලංකාවට අලුත්. ඉතින් අපි හිතුවා මේ තුළින් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට වෙනසක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මේ දේ ආරම්භ කළේ. ඉතින් අපි හොඳ දෙයක් කරන නිසා තවම නම් ලොකු ගැටලුවක් මේ මාධ්‍ය ඔස්සේ සිද්ධ වෙලා නැහැ. නමුත් හොඳ නරක කියන ප්‍රතිචාර දෙකම ලැබෙනවා.   

 

මේ කණ්ඩායම ආරම්භ කළේ බුද්ධික දයාරත්න අපේ සර්ගේ සංකල්පයකට අනුව ඔහුට තමයි හිතිලා තියෙන්නේ ගැහැණු ළමයින් හතර දෙනෙක් එකතු කරගෙන හඬවල් 4ක් යොදාගෙන සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න. ඔහුම තමයි අපිව ඉන්ටවිව් කරලා​ මේ බෑන්ඩ් එකේ සියලුම වැඩ කරන්නේ ඔහු තමයි.   


අපි හතර දෙනා විවිධ ප්‍රදේශවල තමයි ජීවත් වෙන්නෙත්. තවම ඉගෙන ගන්නවා. අධ්‍යාපන කටයුතුවල නිරත වෙන අතරතුර තමයි මේ කටයුතු කරගෙන යන්නේ.

 

 

සටහන : ධනු විජේරත්න



අදහස් (0)

යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 510 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site