IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ග්‍රහ අපල දුරු කරගන්නේ මෙහෙමයි

අප සමාජයේ ජීවත්වන සෑම අයෙකුටම ග්‍රහ අපල යෙදේ. එය යම් යම් කාලවලදී උදාවේ. සමහරු අපල ගැන විශ්වාස නොකරයි. එය තමාගේ නිදහස වේ. ග්‍රහ අපල යනු අප ජීවත්ව සිටින කාලය තුළ අප අතින් සිදුවන පාපකර්ම පටිසන් දීමකි. 

පුණ්‍ය කර්මයක් තුළින් එවැනි පාප බලවේග අඩුකර ගැනීමට හැකිවේ. තරාදියක් ගෙන එහි දෙපැත්ත පින් සහ පව් යනුවෙන් බෙදාගතහොත් සැම විටම බර වැඩි පැත්ත පහළට නෙරා යයි. එය පව් ලෙස සැලකුවහොත් එම බර අඩුකර ගැනීමට අනික් පැත්ත නොහොත් පින් පැත්තේ බර වැඩි කළ යුතුය. 


එයට පින් වැඩියෙන් කළ යුතුය. එවිට පින් පැත්ත බර වැඩිවීමෙන් පවු පැත්තේ බර අඩුවී යයි. එවිට අපල ගති අඩුවේ. එබැවින් අපලවලට හොඳම ප්‍රතිකාරය ධාර්මික ජීවිතය, ගුණදහම් වැඩීම සහ පින් ලබාගත හැකි පුන්‍ය කර්මයක් කිරීමයි. ඒ අනුව එක් එක් ග්‍රහයන්ගේ අපල කාලවලදී පහත සඳහන් ධාර්මික පුණ්‍ය ක්‍රියාවන්වල යෙදිය යුතුවේ. 


රවි ග්‍රහයාගේ අපල සඳහා රතු නෙළුම් මල්, රන්වන් පාට මල්, රන් භාණ්ඩ තෙරුවන් සඳහා පූජා කරන්න. ඉන්පසු දෙවියන්ට පින් දෙන්න. මරණයට නියම වූ සතුන් නිදහස් කරන්න. උදේ සවස මෝර පිරිත කීම හෝ කෙනෙකු ලවා කියවීම කරන්න. 


සඳුගේ අපල සඳහා සමන් පිච්ච, පිච්ච වැනි සුදු මල් ඕලු මානෙල් වැනි මල් තෙරුවන්ට පූජා කරන්න. සුදු පාට වස්ත්‍ර දී කිරි, ගිතෙල් සඳුන් සිල්වත් මෑණිවරුන්ට දන්දීම, උදේ සවස පිරිත් තුන් සූත්‍රය (මංගල රතන කරණීයමෙත්ත) කීම හෝ කියවීම 


ශනිගේ අපලවලට තල තෙල් පහන් අබ තෙල් පහන් නිල් පාට මල්, නිල් පාට කොඩි තෙරුවන්ට පූජා කරන්න. ගිතෙල් මිශ්‍රකළ කිරිබත් කපුටන්ට දෙන්න. බෝධිය පිරිසිදු ජලයෙන් නාවන්න. නුග පැළයක් සිටුවා එයට සාත්තු කරන්න. 


කුජගේ අපල සඳහා රතු පාට මල්, රත්මල්, කනේරු මල් තෙරුවන්ට පූජා කරන්න. වැඩිහිටියන්ට උපකාර කරන්න. කොලොන් වෘක්ෂයට සාත්තු කරන්න. ගස ස්පර්ෂ කරන්න. උදේ සවස මංගල සූත්‍රය කියවන්න. 
රාහු කේතු අපල සඳහා වැටකේ මල් විසිතුරු මල් වර්ග තලතෙල් හා එළඟිතෙල් පහන් මිශ්‍ර පාට කොඩි තෙරුවන් වෙනුවෙන් පූජා කරන්න. බෝමළු විහාරමළු පිරිසිදු කරන්න. සර්පයින් මරණයෙන් බේරා ගන්න. රතන සූත්‍රය හා කරණීය මෙත්ත සූත්‍රය කියවන්න. 


සිකුරුගේ අපලවලට එළඟිතෙල් පහන්, විසිතුරු පාට මල් මිශ්‍ර පාට කොඩි තෙරුවන්ට පූජා කරන්න. දියෙහි සිටින සතුන්ට හා කුරුල්ලන්ට ආහාර දෙන්න. සිල්වත් අයට උපකාර කරන්න. නිවසේ පිරිත් කියවන්න. 
ගුරුගේ අපලවලට එළඟිතෙල් පහන්, කහපාට මල් රන් පාට මල් පූජා කරන්න. තෙරුවන් වෙනුවෙන් දහම් පඬුරු පූජා කරන්න. ශ්‍රී මහා බෝධීන් වහන්සේට අටපිරිකර පූජා කරන්න. සිල් සමාදන් වන්න. ධර්ම පූජා පවත්වන්න. නිවසේ බණ දහම් කියවන්න. 


බුධගේ අපල වෙනුවෙන් කහපාට මල් රිදී පාට මල් සුවඳ වර්ග පොල්තෙල් පහන් තෙරුවන්ට පූජා කරන්න. නිතරම මෛත්‍රී භාවනාව වඩන්න. සිල් සමාදන් වන්න. රතන සූත්‍රය කියවන්න. 


මේ සෑම පූජාවකටම පෙර බුදුන් වහන්සේ උදෙසා බෙහෙත් බඩු ගිලන්පස, දැහැත්, මල් වර්ග බුදු මැදුරක් තුළදී පූජා කොට පිං ලබාගත යුතුය. අපලය ඇති අයට මෙය කිරීමට අවස්ථාවක් නැතිවිට නිවසේ වෙනත් අයෙකු හෝ මේ ධාර්මික පුණ්‍ය ක්‍රියා සිදු කරන්න. එවිට සැමට සහනය උදාවනු ඇත. යමක් දැනගැනීමට අවශ්‍ය නම් 0718070143 අමතන්න. බුද්ධ ධම්ම හා සංඝ යන තෙරුවන් බලෙන් සියලු අපල දුරුකර ගත හැක. 

 

 

 

 


ජ්‍යෙතිර්වේදී 
සේනානන්ද කරුණාරත්න
කළගෙඩිහේන



අදහස් (0)

ග්‍රහ අපල දුරු කරගන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site