IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ලන්ඩන් වැසියන්ට පිහියෙන් ඇන්න ලංකාවෙන් ගිය ත්‍රස්තයා

ලෝකෙන් ටිකක්

 

 

ඉරාකයෙන් සහ සිරියාවෙන් අඩපණ වුණු අයි.එස්. ත්‍රස්ත සංවිධානය, ඔවුන්ගේ බලය පෙන්වීමට තෝරාගෙන ඇත්තේ දකුණු ආසියාව බව ශ්‍රී ලංකාවට ඉකුත් වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසක් විණි. එම ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු එම සංවිධානයේ අනුගාමිකයින් බව බුද්ධි තොරතුරුවලින් තහවුරුව තිබියදීත්, අයි.එස්. සංවිධායන හා ලාංකිකයින් බොහෝ දෙනෙකු අතර සම්බන්ධතා තවදුරටත් පවතින බව එංගලන්තයේ දකුණුදිග ලන්ඩන් නුවර ඉකුත් 2 වැනිදා සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් හෙළි වූ බව ස්කොට්ලන්ඩ්යාඩ් රහස් පොලීසිය සොයා ගන්නා ලදී.  


එම ත්‍රස්ත ප්‍රහාරයේ ස්වරූපය වූයේ පිහි ප්‍රහාරයකි. එය ත්‍රස්ත ප්‍රහාරයක් බව ස්කොට්ලන්ඩ්යාඩ් රහස් පොලිසිය පසුගිය 3 වැනිදා තහවුරු කළේය. පිහි ප්‍රහාරය එල්ල කළේ ලන්ඩනයේ පදිංචි ශ්‍රී ලාංකික මුස්ලිම් සම්භවයක් ඇති 20 හැවිරිදි සුදේශ් අම්මාන් නමැති තරුණයෙකු යැයි මේ වනවිට අනාවරණය වී ඇත. 2018 වසරේ දී, මොහුට තෙවසරක සිර දඬුවමක් නියම විය. ඒ, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ මතවාද සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීමේ වරදටය. කෙසේ නමුත් වසර 1 1/2 ක් ගතවෙද්දී සුදේශ් අම්මාන්ට නිදහස හිමිවී ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.   
සුදේශ් අම්මාන් නමැත්තා මෂේතේ (මන්නා පිහියක්) වර්ගයේ දිගු පිහියක් අතැතිව ජනතාවගෙන් පිරී පැවැති ලන්ඩනයේ ස්ත්‍රෙතන්හැම් වීදියේ කලහ කරමින් පහර දුන්නේය. පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ අවුරුදු 44 ක් සහ 55 ක් වයසැති පිරිමියකු සහ කාන්තාවකි. මොවුන් දෙදෙනා කඩිනමින් රෝහල්ගත කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කරනු ලැබුවේ එහි භයානකකම කලින්ම වැටුණාක් මෙනි. 


සුදේශ් අම්මාන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ බෝම්බ කබායකින් සැරැසී සිටිනවා යැයි කෑ කෝ ගසමිනි. ඒ, ඉකුත් 2 වැනිදා දහවල්ය. ප්‍රහාරය සැලවීමත් සමඟ මිනිත්තු කීපයක් යද්දී ලන්ඩන් පොලිසියේ ත්‍රස්ත මර්දන පොලිස් ඒකකයේ විශේෂ නිලධාරීහු එම ස්ථානයට පැමිණියහ. සිවිල් ඇඳුමින් සිටි එක් පොලිස් නිලධාරියකු තරුණයා කොටුකර ගත් අතර, ඔහුට යටත් වෙන්නැයි පැවැසුව ද තරුණයා ඊට කන් නොදුන් බැවින් පොලිස් නිලධාරියා ඔහුට වෙඩි තැබුවේය. වෙඩි ප්‍රහාරයෙන් තරුණයා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත් විය. තරුණයා පැලඳ සිටියේ ව්‍යාජ බෝම්බ කබායක් බව පසුව අනාවරණය වූයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් පැමිණීමෙන් අනතුරුවය. ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෙන්ම ලන්ඩන් පුරපති සදීක් ඛාන් ද සිය කනස්සල්ල පළ කර තිබේ. 
දකුණු ලන්ඩනයේ පුද්ගලයින් පිරිසකට තියුණු ආයුධයකින් පහර දීමෙන් පසු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ සැකකරු සුදේශ් අම්මාන් බව මුලින්ම හෙළි වුවද ඔහු ලාංකික සම්භවයක් යුතු අයෙක් වීම සහ, ඔහුගේ අයි.එස්. සම්බන්ධතා හෙළි වූයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය පසු සිදුකළ පරීක්ෂණවලින් පසුවය. එම පරීක්ෂණවලදී හෙළි වූ තවත් කරුණක් වූයේ පසුගිය ජනවාරි මාසයේදී බන්ධනාගාරයෙන් නිදහස ලැබූ පුද්ගලයෙකු බවය. 
20 හැවිරිදි සුදේශ් අම්මාන් පොලිස් වෙඩි පහරින් මරණයට පත් වීමට මත්තේ ඔහු සතියකට පෙර බන්ධනාගාරයෙන් නිදහස ලැබූ අයෙක් විණි. ඒ තවත් ත්‍රස්ත වැරදි හේතුවෙන් වසර 3ක් සහ මාස 4ක කාලයක් සඳහා දී තිබූ සිර දඬුවමෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුවය. 
ලන්ඩන්හි ස්ට්ත්‍රෙතම් මාර්ගයේදී අදාළ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ පොලිසිය ඔහු පිළිබඳව සෝදිසියෙන් සිට ඇත. පොලිසිය විශ්වාස කරනුයේ, මෙය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවටය. මෙම පරීක්ෂණ මෙහෙයවන ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය පැවසුවේ, අදාළ සැකකරු පදිංචි වී සිටි බව පැවසෙන දකුණු ලන්ඩනයේ සහ හර්ට්ෆෝර්ඩ්ෂයර්හි ලිපිනයන් සොයා සිය නිලධාරීන් සෝදිසි මෙහෙයුම්වල නිරත වී සිටින බවය.  


කවුද මේ සුදේශ් අම්මාන්? 


ශ්‍රී ලාංකික දෙමාපිය යුවළකට දාව උපන් සුදේශ් අම්මාන් බ්‍රිතාන්‍යයේ හැරෝ ප්‍රදේශයේ හැදී වැඩුණු අයෙක් විය. ඔහුගේ මව වූයේ ලාංකිකයෙකු වන හලීමා ෆරාස් ඛාන් නමැති 41 හැවිරිදි කාන්තාවකි. ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ වෙසෙන බැව් වාර්තා වුවද ඔහුගේ නිවැරදි තොරතුරක් තවමත් නොමැති බැව් පැවසේ. බාල සොහයුරන් හය දෙනෙකුට වැඩිමහල් සොහොයුරා ලෙසින් සිටි සුදේශ් අම්මාන් නොර්ත් වෙස්ට් ලන්ඩන් කොලීජියේ විද්‍යාව හා ගණිතය පිළිබඳ උසස් අධ්‍යාපන කටයුතු හැදෑරූ අයෙකු විය. ත්‍රස්තවාදී තොරතුරු ඇතුළත් ලියකියවිලි සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා 6කට සහ ත්‍රස්තවාදී ප්‍රකාශන බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා 7කට අදාළ සැකකරු 2018 වසරේ නොවැම්බර් මාසයේදී වැරදිකරු වූ අයෙකුද විය. 
එම ප්‍රකාශන අතර ”Bloody Brazilian Knife Fighting Techniques” නමැති සඟරාවක් ද තිබුණු බව සඳහන් වන අතර සුදේශ් අම්මාන්ට එම වැරදිවලට අදාළව 2018 දෙසැම්බර් මාසයේදී වසර 3ක් සහ මාස 4ක කාලයක් සඳහා සිර දඬුවම් නියම කෙරිණි. එම තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී සුදේශ් අම්මාන් සිනා නගමින් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි බවද තමන් දුටු බවය. 


සුදේශ් අම්මාන් ඊට පෙර පළමුවරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ, 2018 වසරේ මැයි මාසයේදීය. ඒ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බවට සැකපිටය. සුදේශ් අම්මාන් නමැති චූදිතයාගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තාවල පළ කර තිබේ. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබුණේ, ඔහු “ශ්‍රී ලංකාවේ පවුල් සබඳතාවක් පැවති ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු බවට වැරදිකරු වූ පුද්ගලයෙකු” බවය. ඩේලි මේල් පුවත්පත 2018 වසරේ නොවැම්බර් 07 වන දා වාර්තා කර තිබුණේ, සුදේශ් අම්මාන් “අල්-කයිදා සංවිධානයට අයත් සඟරාවක් Whatsapp සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇති අතර, ඔහුගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ සිටින,” බවය. 
මේ සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු කිසිවක් තමන්ට ලැබී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. එය මේ අවස්ථාවේදී නිශ්චිත වශයෙන් තහවුරු කළ නොහැකි අතර මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලිය යුතු බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී. 


මේ පිහි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවට ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය ප්‍රකාශ කිරීමත් සමඟ බ්‍රිතාන්‍යයේ පළ වන “ද සන්” සහ “ස්කයි නිව්ස්” ප්‍රවෘත්ති වාර්තාවල සුදේශ් අම්මාන් නමැති විද්‍යා ශිෂ්‍යා ස්ට්ත්‍රෙතම් ජිහාඩ්වාදියෙකු බවට පත් වූයේ කෙසේද යන්න සම්බන්ධව තොරතුරු වාර්තා කර තිබිණි. ඔහුගේ මරණයෙන් සිත් තැවුලට පත් මව වූ හලීමා ෆරාස් ඛාන් එම පුවත් සේවාවලට සඳහන් කර සිටියේ සුදේශ් අම්මාන් “ආචාරශීලී, කාරුණික, ආදරණීය පිරිමි ළමයෙක්” වූ බවය. එසේම ඔහු ත්‍රස්තවාදී වැරදිකරුවන් ගණනාවක් සිටින අධි ආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ කාලය ගත කිරීමෙන් පසුව ඉතා රැඩිකල් පුද්ගලයෙකු වූ බවද කියා සිටින්නීය. 


ඒසේම ඔහු එම ප්‍රහාර එල්ල කළ දිනට පෙරදින සිය මවගෙන් ඔහුගේ ප්‍රියතම ආහාරය වූ මට්න් බිරියානි සකසා දෙන මෙන් ඉල්ලා සිටි බවද අම්මාන්ගේ මව හැඬූ කඳුළින් ස්කයි නිව්ස් වෙත පැවසුවාය. එසේම බන්ධනාගාර ගතව සිටි මොහොත සිය පුතණුවන් ඉතාමත්ම ආගමට දහමට ඉතාම නැඹුරුව සිටි අයෙකු බවය. 
“මම ඔහුව බැලීමට යන විට ඔහු හොඳින් සිටියා. ඔහු සිරගෙය තුළ වඩාත් ආගමික වුණා. එහිදී මම සිතන්නේ ඔහු රැඩිකල්කරණය වී ඇති බවයි. ඔහු එහිදී අන්තර්ජාලය හරහා දේවල් නරඹමින් හා සවන් දෙමින් සිටියා. ඔහු සිරගෙට යාමට පෙර ඔහු එතරම් ආගමිකයෙකු නොවීය. ඔහු එළියට ආ පසු ඔහු ඇත්තටම ආගමිකයෙකු වුණේ නැහැ. “ඔහු ආචාරශීලී, කාරුණික, ආදරණීය පිරිමි ළමයෙක්. ඔහු නිතරම සිනහවෙන් සිටියේද” යැයිද හලීමා වැඩිදුරටත් මාධ්‍ය වෙත පැවසුවාය. 
අන්තර්ජාලය ඔස්සේ අම්මාන්ගේ අයි.එස්. නැඹුරුව මුලින්ම දැක සිටියේ ඕලන්ද බ්ලොග්කරුවෙකු විසිනි. අම්මාන්ගේ පෝස්ට්වල පිහියක රූපයක් සහ කළු ජිහාද් ධජයක ගිනි අවි දෙකක් සහ අරාබි වැකි පැවතිණි. හයිඩ් පිටියේ ස්පීකර්ස් කෝනර් හි පැවති සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකුගේ යූ ටියුබ් වීඩියෝවකට ඔහු එය සම්බන්ධ කර ඇති අතර “සියල්ලන්ම එක් වී එකිනෙකාට පහර දෙන ලෙස” අන් අයගෙන් ඉල්ලා සිටියේය. 
පොලිසිය අම්මාන්ව අත්අඩංගුවට ගත් විට බෝම්බ සෑදීම, පිහියෙන් ඇනීම සහ සමීප සටන් වැනි අත්පොත් ඇතුළු ත්‍රස්තවාදී ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. ඔවුන් සතුව තුවක්කුවක්, කළු කොඩියක් සහ සටන් පිහියක් ද තිබී ඇත. ඉස්ලාමීය රාජ්‍යයන්ගෙන් ආනුභවය ලත් ආධාරකරුවන් සිහිපත් කරන ඉරියව් සහ කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු වට්ස්ඇප් පණිවිඩ ඔහුගේ පවුලේ සහ මිතුරන් කණ්ඩායමක් අතරේ බෙදාහැර තිබිණි. වරෙක ඔහු තම පෙම්වතියට හිස ගසා දැමූ වීඩියෝ යවා ඇති අතර ඇගේ “කුෆර්” (නොඇදහිලිවන්ත) දෙමව්පියන් මරා දමන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. ඔහු ඇයට පණිවුඩයක් යවමින් ඔහු අයිසිස්ට පක්ෂපාතී වන බවට ඔහුගේ නඩු විභාගයන්හිදී වාර්තා වී තිබිණි. 


වෙනත් තැන්වලදී, බෝම්බවලට වඩා පිහියෙන් ඇනීමේ අදහසට තමා වඩාත් කැමති බව ලියා තිබිණි. මෙම ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයන් හිදී ඔහු තම වරද පිළිගැනීමෙන් පසු ඔහු සිරගත කරමින් විනිසුරු මාක් ලුක්ෆ්‍රයෆ්ට් කියා සිටියේ ඉස්ලාමීය අන්තවාදය සහ අයි.එස්. කෙරෙහි අම්මාන්ගේ උනන්දුව “නොමේරූ ආකර්ෂණයකට වඩා වැඩි යමක්” බවයි. 


අම්මාන්ගේ මෙම සියලු ජිහාද් කටයුතුවලින් ලබා ගත හැකි අවසන් පණිවිඩය වන්නේ නිදහසේ තමන් කැමැති ආගමක් ඇදහීමට රටක ජනතාවට අයිතිය තිබිය යුතුය. ජීවත් වෙන්න නිදහස තිබිය යුතුය. එම නිදහස උදුරා ගන්න තැත් කරන්නන් මනුෂ්‍යයන් නොවෙයි. අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අරමුණ පැහැදිලිය. මෙම සංවිධානය මුළු ලොවටම තර්ජනයකි. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම කෙසේ වෙතත්, ත්‍රස්ත ප්‍රහාර හරහා ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ, ඉන්දියාවේ, බංග්ලාදේශයේ, පිලිපීනයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය පතුරුවන්නට අයි.එස්. සංවිධානය සමත් වී අවසන්ය. අයි.එස්. ත්‍රස්තවාදය පිටුදැකීමට එක් රටකට පමණක් කළ නොහැකිය. ඒ සඳහා මුළු ලොවම එක් විය යුතුව බවය. 

 


සටහන 
තිළිණි ද සිල්වා 

 



අදහස් (5)

ලන්ඩන් වැසියන්ට පිහියෙන් ඇන්න ලංකාවෙන් ගිය ත්‍රස්තයා

sharm warn Monday, 17 February 2020 04:19 AM

ලංකාවේ ඉන්න කොටින්ව පෝෂණය කරමින් සිංහල මිනිස්සුන්ට නොනවත්වාම කෙනෙහිලිකම් කරන ඉංග්‍රීසි ජාතිකයන්ට කල කම් පල දුන්න තවත් අවස්ථාවක් හැටියට මේක දකින්න පුළුවන් ...

:       1       113

athula Monday, 17 February 2020 06:04 AM

එවන්න. ලංකාවට දැන් ඒ අයගේ නගරයට දැන් මහ නගරසභාවක් කළානේ. දැන් ඒ අයට ඕන දෙයක් හිසබුල්ලගේ මාර්ගයෙන් සැලසුම් කරන්න පුළුවන්. සැපද ? 69 සතුටුද ? දෙන්න ඊළඟ ඉලෙක්ෂන් එකටත් 3/2 ක්.

:       118       109

KamalMonday, 17 February 2020 06:44 AM

නොදන්නා නිසා අහන්නේ මෙහෙම කරන්න හේතුවයි? මේක නිසා ඇති වෙන අවාසිදායක තත්වය මොකක්ද? මේක දෙනවා කියල කලින් කිව්ව දේශපාලකයන් කවුද?

:       1       3

Joe ASaturday, 22 February 2020 05:45 AM

දුන්නත් ඡන්දේ දෙන්නේ නෑ ඡන්දේ දුන්නොත් සලකලා බලමු

:       0       0

SB Friday, 21 February 2020 08:55 AM

කොහොම වුනත් මම දැකපු දෙයක් තමයි මොකක් හරි වැරද්දක් එංගලන්තේ ඉන්න ලාංකික දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක් කළොත් පබ්ලිෂ් වෙන්නේ ලාංකිකයෙක් කරා කියලා. හැබැයි මොනවහරි හොඳ දෙයක් කළොත් පබ්ලිෂ් වෙන්නේ ලංකාවේ ඉදලා වාර්ගික යුද්දෙන් සිංහලුන්ගෙන් බැට කාලා ගිය දෙමළ කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් හරි කියලා - ඒකෙත් හැටි...............

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර
2025 මැයි මස 11 14 0

දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය


යොවුන් හදවත් සනසා නළවන සෙවිනි ශ්‍රී ගමගේ
2025 මැයි මස 11 10 0

‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක
2025 මැයි මස 11 16 0

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්


චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 27 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 37 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 15 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1212 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1506 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 386 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site