IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


සෙත්කවි නිර්මාණයට නැතිවම බැරි ජන්ම පත්‍රය

වර්තමානයේදී බො​ෙහා් දියුණු ලෙස ක්‍රියාත්මක වන දත්ත ගබඩාවකින් කිසියම් අයෙකුගේ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම හැඳුනුම්පත් අංකය ඔස්සේ කළ හැකි සේම පුද්ගලයෙකුගේ ග්‍රහ චාරය, ක්‍රියා පිළිවෙළ හැසිරීම, ගති ලක්ෂණ ආදිය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීම එකී පුද්ගලයාගේ ජන්ම පත්‍රය ඔස්සේ සිදුකළ හැකිය. 

ජන්ම පත්‍රයක කොටු තුළ සැඟවී පවත්නා තොරතුරු රැසකි. එමෙන්ම කිසියම් ජන්ම පත්‍රයක දැක්වෙන දින වකවානු ඇසුරින් ඔහුගේ හේ ඇයගේ අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාවක් ද පවතී, කිසියම් කාල සීමාවකට වරක් තම ජන්ම පත්‍රය පරික්ෂා කරවා ගැනීම විශේෂඥ වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම තරමටම වැදගත්ය. 


 ජන්ම පත්‍ර පරික්ෂණ වාර්තාවක ‘සෙත්කවි ගායනා කර ගැනීම මැනවි’ යනුවෙන් නිර්දේශයක් තිබුණොත් ඒ පිළිබඳව උනන්දුව දක්වා සෙත්කවි රචනා කරවාගෙන සියලු වත් පිළිවෙත් සහිතව එය ගායනා කරගැනීම නුවණට හුරුය. ඒ හැරුණු විට ජන්ම පත්‍ර පරීක්ෂණ වාර්තාවේ ඇති සෙසු නිර්දේශද ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එකී නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් එය රෝගියකුට වෛද්‍යවරයකු ලබා දෙන ලද බෙහෙත් තුණ්ඩුවක් පැත්තකට දමා නිකම් සිටීමකට සමානය. 


 ජන්ම පත්‍ර පරික්ෂාවක දී සෙත් කවියක් ගායනා කිරීමේ අවශ්‍යතාව දක්වා තිබුණහොත් ඔබ පළමුව කළ යුතු වන්නේ ඒ පිළිබඳ උනන්දු වීමය. සෙත්කවි රචකයකු හමුවීමට යාමේදී රැගෙන යා යුතු ප්‍රධානම මූලාශ්‍රය වනුයේ සෙත්කවිය අවශ්‍ය අයගේ ජන්ම පත්‍රයයි. ඒ ඔස්සේ සෙත්කවි රචකයා සොයාගන්නා තොරතුරු බොහෝය. සෙත්කවිය අවශ්‍ය පුද්ගලයාගේ ජන්ම පත්‍රය තුළ ඇති ග්‍රහ පිහිටීම් පරික්ෂා කර බලා ඒ වන විට ග්‍රහයන් ගමන් කරන ආකාරය විශ්ලේෂණය කොට ඒ අනුව සෙත්කවි රචකයා යම් යම් නිගමන ගනී. 


දැන් ගෙවී යන්නේ කුමන මහ දශාවද, කුමන අතුරු දශාවද යන කාරණයත් අවධානයට ගනී. එමෙන්ම එ්රාෂ්ටක අපල තිබේද නැද්ද යන්නත් පරික්ෂාවට ලක් කෙරේ. මේ සියල්ල විමසිල්ලෙන් බැලීමෙන් පසු සෙත් කවිය රචනා කළ යුත්තේ කුමන දෙවියන් උදෙසාදැයි නිගමනය කෙරේ. 


රවි අපලයට ඊශ්වර දෙවියන්ටත්, සඳු අපලයට සමන් හෝ පත්තිනි දෙවියන්ටත්, කුජ අපලයට කතරගම දෙවියන්ටත්, බුධ අපලයට විෂ්ණු හෝ දැඩිමුණ්ඩ දෙවියන්ටත් ගුරු අපලයට විෂ්ණු හෝ බ්‍රහ්ම දෙවියන්ටත්, සිකුරු අපලයට පත්තිනි දෙවියන්ටත්, සෙනසුරු අපලයට විෂ්ණු දෙවියන්ටත්, රාහු අපලයට සූනියම් දෙවියන්ටත්, කේතු අපලයට කතරගම දෙවියන්ටත් සෙත්කවි ලියැවේ. 


 සාමාන්‍ය ග්‍රහචාරය අභිබවා එ්රාෂ්ටක අපල බල පවත්වන බැවින් සෙත්කවි රචකයකු තම සේවාදායකයාගේ ජන්ම පත්‍රය ඇසුරින් එ්රාෂ්ටක අපල පිළිබඳ විමර්ශනයක් කෙරේ. ඒ අනුව ජන්ම සෙනසුරු එ්රාෂ්ටකය, ලග්න එ්රාෂ්ටකය, ලග්න අෂ්ටම එ්රාෂ්ටකය සහ චන්ද්‍ර අෂ්ටම එ්රාෂ්ටකය පිළිබඳ විමසා බලා එකී එ්රාෂ්ටක කාලවලදී ඇතිවිය හැකි කරදර හිරිහැර මඟහරවා සෙතක් ශාන්තියක් ලබා දිය හැකි දෙවිවරු කවුදැයි සොයා බලා එකී දෙවිකෙනෙකුට හෝ අවශ්‍ය වුවහොත් දෙවිවරු දෙදෙනෙකුට හෝ සෙත්කවි රචනා කර දෙනු ඇත. මේ සියල්ලටම ජන්ම පත්‍රය පාදක කොට ගනී. 


සෙත්කවියක් ලිවීම ආරම්භ කරනුයේ සුබ මොහොතක දී ය. එම සුබ මොහොත තෝරා ගැනීම සඳහාත් සෙත්කවිය අවශ්‍ය පුද්ගලයාගේ ජන්ම පත්‍රය අවශ්‍ය වේ. සෙත්කවිය අවශ්‍ය පුද්ගලයාගේ උපන් නැකතට සීහෙන නැකතක් සොයා ගැනීම පංචාංග ග්‍රහස්ඵුට ලිත බලා සිදුකර ගනී. 


ජ්‍යොතිෂයේ දැක්වෙන පංචාංගයම සුබ වන මොහොතක් සොයාගෙන සෙත්කවි ලිවීම ආරම්භ කිරීමට සෑම සෙත්කවි රචකයකුම උත්සාහ ගනී. සේවාදායකයාගේ පක්ෂියා රජවන යාමය හෝ පක්ෂියාගේ භෝජන යාමය සෙත්කවි රචනා කිරීමට යොදාගත හැකි නම් එයින් ලැබෙන ප්‍රයෝජන ඉමහත්ය. ඉහත දැක්වූ පරිදි සෑම කාරණයකදීම වඩා හොඳ අවස්ථා ලබා ගනිමින් සෙත්කවි රචනා කිරීමට ජන්ම පත්‍රය පරික්ෂා කිරීමෙන් සෙත්කවි රචකයාට හැකියාව ලැබේ. එබැවින් සෙත්කවි රචනා කරවා ගැනීමකට යන්නේ නම් සෙත්කවි අවශ්‍ය පුද්ගලයාගේ නිවැරදි හා පැහැදිලි ජන්ම පත්‍ර පිටපතක් රැගෙන යාම ඉතාම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමි. 

 

 

 

 


පාඨශාලාචාර්ය 
අසෝක විජයසේකර, 
තලාව ගා/වඳුරඹ 
076-6827325



අදහස් (0)

සෙත්කවි නිර්මාණයට නැතිවම බැරි ජන්ම පත්‍රය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site