“මෙවැනි මාතෘකාවක් පිළිබඳව මා විස්තරාත්මකව කතා කරන්නේ ගොඩක් කාලයකට පස්සේ. ඊට ඉස්සෙල්ලා මා කියූ දේවල් අහුලගෙන යම් යම් මාධ්‍යවල පළවුණා. නමුත් මේක කරන එක හේතුවක් ඔබට බෑ කියන්න බැරිකමයි. අනිවාර්යෙන්ම නැත්නම් අාදරය, ප්‍රේමය පිළිබඳව බැහැරව ඉන්න හේතු රාශියක් තිබෙනවා. මෙහිදී ඔබට බොහෝ දෙනා දන්නේ නැති දේවල් විවෘතව මා කියනවා. මට රිදෙන්න ඕනෑ දෙයක් ලියැවුණාට කමක් නෑ. නමුත් මට බැහැ, මම ආදරය කරපු තුන්වෙනි පාර්ශ්වයට පොඩ්ඩක්වත් රිද්දන්න. ඒකට ඔබ මට ගෞරවයෙන් උදව් කරයි කියා මා සිතනවා”
ඔහු කතාව පටන් ගන්න පෙරම කියූ දෙයට එකඟවෙමින් ‘‘ආදරය ප්‍රේමය සහ විවාහය’’ යන මාතෘකාව ඔස්සේ අපේ කතාබහ ආරම්භ කරන්න පටන් ගත්තෙමු. ඔහු ලාංකීය සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙකි. මේ නිසාම ඔහු බොහෝ නිළියන්ගේ ප්‍රේමවන්තයා ද විය. නිළියන් තිදෙනෙක් සමඟ විවාහවීමට ඔහු උත්සාහ කළ ද ඒ සියල්ල නිෂ්ඵල විය. අද ඔහු තනිකඩයෙක් ලෙස තම ජීවිතය ගෙවා දමන්නේය. වරෙක රංගධරයෙකි. වරෙක චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. මේ දිනවල ඔහු මොබයිල් ටෙලි නිර්මාණකරුවෙකි. දේශපාලන ක්ෂේත්රයේද ආන්දෝලානාත්මක චරිතයක් වූ ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කළ අයෙකි. ඔහු නමින් සනත් ගුණතිලකය. ප්‍රථම වරට විවෘතව ‘‘ආදරය ප්‍රේමය සහ විවාහය’’ ගැන ඔහු කතාකළේ මා හා ඔහු අතර ඇති මිත්‍රත්වය නිසාය. ඉදින් අපි ඔහුගේ හඬට කන්දෙමු.






2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලිනී හා සබීතා දෙන්නටම මගේ තිබුණු බැඳීම අසීමිතයි