IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මාරාන්තික විපාක ගෙන දෙන නිවසේ වාස්තු දෝෂ හඳුනාගන්න

ආදරණීය අම්මේ.   


පුතේ කියා අම්මා කතා කරන විට හඬ ඇසෙන විට රමේෂ් හිටියේ අඩ නින්දකය. හීනයක් දෝයි රමේෂ්ට සිතුණත් ආයෙත් ඒ හඬ ඇසුනා. ඇඳෙන් නැගිට්ට රමේස් නිදිමතේම ඇවිදගෙන කුස්සිය දිහාවට ආවා. හායි ගාලා කුස්සියේ දොර ඇරලා දාලා. අම්මා පේන්න නැහැ. අම්මා කාමරයට යන්න ඇති හිතාගෙන රමේෂ් සාලය දිහාවට පියමැන්නා. ඒත් රමේෂ්ට යන්න පුළුවන් වුණේ. අඩි කිහිපයයි. සාලේ කෙළවරක තිබූ සුදු මල් මාලයක් දාපු අම්මාගේ රාමු කරපු පින්තූරය රමේෂ් දැක්කා. සුදු මල් මාලේ මල් වේලිලා කහ පාට වෙලා. නෑදෑයෝ සාලේ තැන තැන බිම වැටිලා නිදි. අම්මාව භුමදාන ක​ෙළ් ඊයේනේ කියලා රමේෂ්ට සිහියට ආවා. එක පාරට පපුව පිච්චිලා යනවා වගේ රමේෂ්ට දැනුණා. අම්මාව මතක් වෙන මතක් වෙන වාරයක් පාසා වේදනාව වැඩි වුණා. බලන බලන අත අම්මා ඉන්නවා වගේ දැනෙනවා. 
  
අම්මා උදරයේ පිළිකාවක් වැළඳිලා මියයද්දී අම්මාට අවුරුදු 48 යි. ගහක් ගලක් වගේ හිටිය අම්මාගේ මරණයට ගොඩක් අය දොස් කීව්වේ රමේෂ්ට. හිතුමතේට ගේ වෙනස් කරලා අම්මා මරා ගත්තා කියලයි. අම්මාගේ ජීවිතයේ අවසන් දවස් වෙද්දී අම්මා වේදනාවෙන් කෑ ගැහුවා. මව ළඟ රැඳුණු රමේෂ් අම්මාට නින්ද යන්න කියලා එළි වෙන තුරු පිරිත් කිව්වා. තාත්තා රට ඉඳන් එවපු සල්ලියි, රමේෂ් රස්සාවෙන් ඉතිරි කර ගත් මුදලින් පැරණි නිවසට අලුතින් කොටස් එකතු කරලා අලුත්වැඩියා කළා. එයින් අවුරුදු දෙකකට පස්සේ ඔවුන්ගේ ජීවිතවලට අවාසනාව පැමිණියේ වසංගතයක් ලෙසින්. රමේෂ් ජීවිතය අන්තයටම කලකිරිලා හිටියේ. ගිහිගෙය හැර දාලා යන්න හිතන් හිටියත් මවගේ මරණයෙන් මාසයක් යන විට ගෙදර ඉන්න බැහැ කියලා නැන්දලාගේ ගෙදර පදිංචියට යන්නේ රමේෂුයි, නංගියි, ආච්චි නිවසේ තනි කරමින්. රමේෂ් මේ දේවල් වලින් තවත් අසරණ වුණා. තාත්තාට ලංකාවේ පදිංචියට එන්න තිබුණේ හරියටම මාස හයයි. නංගීත් සැරින් සැරේ අසනීප වෙන්න ගත්තේ මේ අතර. අම්මාගේ ඉරණමටම නංගිටත් මුහුණ දෙන්න වෙයි කියලා රමේෂ් බය වුණා. මේ තරම් විනාශයක් ඇති වෙන්ඩ හේතුව ගෙදර පවතින දෝෂයක් යැයි සිතූ රමේෂ් නිවසේ වාස්තු පරීක්ෂා කළා. ඇත්තෙන්ම මවට මාරක ගෙන දීමට හේතු සාධක වූ නිවසේ තිබූ වාස්තු දෝෂ බව ඔහුට වැටහුණා. ඒවා ඉවත් කිරීමට යෙදිය යුතු පිළියම් මෙසේය.   


කුස්සියේ දොර උළුවස්ස මර්මස්ථාන රේඛාවකට කැපීම   


වාස්තු විද්‍යාවේදී කුස්සියේ දොර උළුවස්ස නිවසක බිරිඳ නියෝජනය කරනු ලබයි. මර්මස්ථාන රේඛා යනු නිවසේ හරි මැද එනම් බ්‍රහ්ම පාදයේ සිට එකතු කිරීමේ ලකුණක් ආකාරයෙන් ගමන් කරන නිවස සමාන්තර කොටස් 4 බෙදා වෙන් කරන රේඛා හතරය. දොර උළු වස්සක් හරහා මෙම රේඛාවක් ගමන් කිරීම මර්මස්ථාන දෝෂය ලෙස හැඳින්වේ. මරමස්ථානයක කුස්සියේ දොර පිහිටි විට බිරිඳට මාරක, හදිසි අනතුරු, දරුණු රෝගාබාධ ඇති වේ. බිරිඳ දැඩි කායික මානසික පීඩාවට බඳුන් වේ. ගෙදර බිරිඳ නොමැති නම් වැඩි මහල් දියණියට දෝෂය බලපායි. කුස්සියේ දොර උළුවස්ස ගලවා වෙනත් සුබ පාදයක තැබීම හෝ නිවසට නව කොටසක් එකතු කිරීමෙන් මරමස්ථාන දෝෂය ඉවත් කළ හැක.   


නාන කාමරය ඉදි කිරීමේදී කුරුස පාදමක් වැටීම   


සාමාන්‍ය ව්‍යවහාරයේදී මිනිසුන් කුරුස බිත්ති ගැන කතා කරයි. නමුත් වාස්තු විද්‍යාවේදී කුරුස හට ගන්නේ අත්තිවාරම තුළයි. මෙය පොළොව යට සැඟව තිබෙන මතු පිටින් පහසුවෙන් නොපෙනුණත් බිත්ති බැඳ තිබෙන ආකාරයට අනුව කුරුස පාදමක් වැටී ඇති බව නිරීක්ෂණය කළ හැක. අත්තිවාරමේ කුරුස තිබීම නිවැසියන්ට මාරක පිළිකා වැනි රෝග ඇති කරයි. දෝෂය ඉවත් කිරීමට බිත්ති කඩා ඉවත් කිරීමෙන් පළක් නොවේ. කුරුසය අත්තිවාරමෙන් සම්පූර්ණයෙන් ගලවා ඉවත් කළ යුතුය.   


බ්‍රහ්ම පාදය පීඩා වන සේ නාන කාමරයක් ඉදිකිරීම.   


නිවසේ හරි මැද බ්‍රහ්ම පාදය වාස්තු පුරුෂයාගේ හදවතයි. බ්‍රහ්ම පාදය මත ඉදිකිරීමක් නොකළ ද මර්මස්ථාන රේඛාවකට හසු වන පරිදි නාන කාමර වැසිකිළි ඉදි කළ හොත් බ්‍රහ්ම පාදය පීඩාවේ. මෙම නිවසේ නාන කාමරය ඉදි කර තිබුණේ වාස්තු පුරුෂයාගේ නාභියෙන් ඉහළ පීඩාවන ලෙසය. මෙලෙස පිහිටීමෙන් නිවැසියන්ගේ උදරය, පිට කොන්ද ආශ්‍රිතව සුව නොවන තුවාල, ගෙඩි, සැත්කම් ආදිය ඇති වේ. තිබෙන ස්ථානයෙන් නාන කාමරය ඉවත් කිරීමෙන් හෝ නිවසට නව කොටසක් ඉදිකිරීමෙන් දෝෂය ඉවත් කළ හැක.   


කුස්සියේ දොර කෙළින් වැසිකිළි වළ තිබීම.   


මෙලෙස තිබීමෙන් ගෙදර බිරිය පීඩාවට පත් වේ. නිරත්තරයෙන් රෝග පීඩා හා මානසික පීඩා ඇති වේ. බාහිර කරදරවලින් ද නිවැසියෝ පීඩාවට පත් වෙති. මෙය බිරියගේ ජීවන ගමන අහුරාලන පිහිටීමකි. දොර තිබෙන තැනින් ගලවා ඉවත් කිරීමෙන් මෙම දෝෂය ඉවත් වේ.   


රමේෂ් විසින් තම මෑණියන්ට මාරක ගෙන දුන් මෙම දෝෂයන් ඉවත් කළ අතර ඔහු දැන් විවාහ වී නිවසේ සතුටින් දිවි ගෙවයි.   

 

 

 

 


අමාලි අගස්පතිරණ   
වාස්තු ජ්‍යොතිෂවේදී ඉංජිනේරු   
සැලසුම් ශිල්පී.  

 



අදහස් (2)

මාරාන්තික විපාක ගෙන දෙන නිවසේ වාස්තු දෝෂ හඳුනාගන්න

චමින්ද Tuesday, 12 February 2019 01:56 AM

මර්මස්ථාන වෙිද රේකාවන් පමක් නොව මර්මර්මස්ථාන ද පිඩාවන ⁣ලෙස දොරටු නොතැබිය යුතුය...

:       1       0

නයනතාරා වන්නිආරච්චි Friday, 03 September 2021 07:21 AM

මිස්, ගෙයක් L හැඩයට තියෙද්දි ඒකත් මාරක අපල ගෙන එනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site