IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්

"අමා" කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල් ඩෙකර් ව තාමත් බොහෝ දෙනා හඳුනන්නේ අමා නමින්. මේ දවස්වල ඇය  පුංචි තිරයෙ දැක ගන්න නැති නිසාම අපි හිතුවා ඇය සමඟ පුංචි කතාබහක යෙදෙන්න.

ප්‍ර ළඟදි උපන්දිනේ සැමරුවා නේද?

ඔව්, හැම පාරම මම  පවුලේ අයත් එක්ක, හිතවත් අයත් එක්ක මගේ උපන්දිනේ සමරනවා. මේ පාරත් ගොඩක් සතුටින් ලස්සනට උපන්දිනේ සැමරුවා. 

ප්‍ර තාමත් ෂෙරිල්ට කට්ටිය කතා කරන්නේ අමා කියලද?

ඔව්, ඩ්‍රාමා ගොඩක් කරලා තිබ්බට අදටත් කට්ටිය මාව අඳුර ගන්නෙ අමා කියලම තමයි. ඉතින් අවුරුදු ගාණක් ගිහිල්ලත් තාමත් ප්‍රේක්ෂකයන්ගෙන් අමාට ලැබෙන ඒ ආදරේ එහෙම්මයි. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

ප්‍ර ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැනත් වචනයක් කියමු.

මට අදටත් කිසිම අඩුපාඩුවක් නැහැ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඒ ආදරේ.ඉතින් එයාලගේ ඒ ආශීර්වාදය නිසා තවත් මම දියුණු වෙලා තියෙනවා. ඒකට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ අය නිසා තමයි මම අද මෙතන ඉන්නෙ. ඉතින් ඒ ආදරේට මාත් ගොඩක් ආදරෙයි.

ප්‍ර ෂෙරිල් ළඟදි ලන්ඩන්වලත් ෆොටෝ ෂූට් එකක් කළා නේද?

ඔව්, ඇත්තටම අපිට එහෙ ෂූට් එකක් කරන්න ආසාවක් තිබ්බා. අපි ෂූට් දෙකක් කළා. එහෙ ඉන්නවා මගෙ යාළුවෙක් චෙස්මි සහ පුබුදු අයියා. ඉතින් එයාලත් එක්ක ලස්සනට ප්ලෑන් කරලා කරපු වැඩක් ඒක. හිතුවා වගේම වැඩෙත් ලස්සනට වුණා. ෆොටෝ ෂූට් එක කරන්න විශේෂ හේතුවක් තිබ්බෙ නැහැ. හැබැයි අපි හිතුවා ලස්සන මතකයක් ජිවීතේට එකතු කරගන්න ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනේ කියලා. ලන්ඩන් කියන්නේ ගොඩක් ලස්සන තැනක්. ඉතින් මට හිතුණා රුවන් එක්ක බ්‍රිතාන්‍යයෙ අය විදිහට ඒ ඇඳුම් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒ විදිහට තමයි ෆොටෝ ෂූට් එක කළේ.

ප්‍ර දැන් ෂෙරිල්ව නිර්මාණවලින් දැක ගන්න නැත්තෙ ඇයි? 

ඇත්තටම අලුත් නිර්මාණවලට නම් ආරාධනා ලැබුණා. නමුත් මම සම්බන්ධ වුණේ නැහැ. මොකද මේ දවස්වල මම ගොඩාක් වෙලාවට මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක තමයි කාර්‍යබහුල වෙලා ඉන්නේ. මම IICA කැම්පස් එකෙන් ඩොක්ටර් තිළිණි අබේපාල යටතේ Ayurveda products manufacturer drugs ගැන ඉගෙන ගත්තා. එතනින් පස්සෙ තමයි  පොඩ්ඩක් පැත්තකට වෙලා මගේ ව්‍යාපාර කටයුතු ටික කරගෙන යන්නෙ.

එහෙම නැතුව රංගනයෙන් ඉවත් වෙලා නැහැ. ඉදිරියෙදි මට හරියන නිර්මාණයක් ලැබුණොත්  අනිවාර්යයෙන්  කරනවා. 

ප්‍ර රංගනයෙන් දකින්න නොලැබුණත් ෂෙරිල් මේ වෙන කොට දක්ෂ ව්‍යවසායිකාවක්? 

ඔව්, ළඟඳි විශිෂ්ටතා සම්මානයක් හම්බ වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි මට. මොකද දැන් මේ ක්ෂේත්‍රයේ අවුරුදු 20 ක් විතර වෙනවා. ඒ ආපු ගමන තුළ මම කාට වුණත් කියන දෙයක් තමයි හැම වෙලාවෙම ස්වාධීන වෙන්න. එකකින් විතරක් පැවතෙන්න  බලාපොරොත්තු වෙන්න එපා. අපේ දියුණුව වෙනුවෙන් හැම වෙලාවෙම අපිට කියලා  දෙයක් අපි කරන්න ඕනේ.  මම හැමතිස්සෙම බලන්නේ මගේ ඉදිරි ගමන වෙනුවෙන් මොකක් හරි කරන්න. මොකද ගැහැනියක් හැටියට අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් තමන්ටම කියලා ව්‍යාපාරයක් කරගන්න, ජීවිතේ එන අභියෝගවලට මුහුණ දෙන්න අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් මම ඒ වගේ කෙනෙක්. මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වුණත්  ව්‍යාපාර කටයුතුත් කරන නිසා මම එතනත් ස්ථාවරයි. එකකින් බලාපොරොත්තු තියා ගන්නෙ නැතුව තව දෙයක් කරන්න. ඒක ඉස්සරහ ගමනට ශක්තියක් වෙයි. ඉතින් මම අනිත් ව්‍යවසායකයන්ටත් සුභ පතනවා. 

ප්‍ර එතකොට ෂෙරිල් රංගනයට වඩා කැමති  ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නද ඇහුවොත්?

පළවෙනි දේ මම ආවේ රංගනයෙන්නේ. ඒ නිසා මම ආපු  දේට  ප්‍රමුඛතාව දෙනවා. ඒකෙන්නෙ මට දෙයක් ලැබුණේ. මොකද ෂෙරිල්ව කට්ටිය දැන ගත්තෙ රංගනයෙන්. ඒ නිසා ඒකට මුල් තැන දීලා තමයි මගේ අනිත් වැඩවලට තැන දෙන්නෙ. හැබැයි දැන් නම් දෙකම මට මුල් තැන වෙලා තියෙන්නේ.

ප්‍ර ෂෙරිල් කියන්නේ ඉස්සර මියුසික් වීඩියෝවල නිතරම දකින්න ලැබුණු මුහුණක්. ඉස්සරහටත් එවැනි නිර්මාණයකින්  දැක ගන්න ලැබෙයිද?

ඔව්, මොකද මම ඒ කිසි දෙයකින් අයින් වෙලා නැහැ. මට හොඳ ගැළපෙන දෙයක් ලැබුණොත් මම කරනවා.

ප්‍ර ෂෙරිල්ගේ හීනෙ මොකක්ද කියලා ඇහුවොත්?

මට හීන ගොඩක් තියෙනවා. මම ඒවා කියන්න කැමති නැහැ. මම ළඟදි සම්මානයක් ගත්තා. ඒක මට එකපාර ලැබුණු තෑග්ගක්. ශක්තියක් වගේ. ඉතින් සමහර හීන තියෙනවා හැබැයි ඒවා කියන්න නරකයි කියලා මම හිතන්නේ.

ප්‍ර සැබෑ ජීවිතේ ෂෙරිල් කියන්නේ කොයි වගේ කෙනෙක්ද?

ෂෙරිල් කියන්නේ ඉතින් හරි කටකාර, කෙළින් කතා කරන පොළොවෙ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක්.

ප්‍ර ෂෙරිල් හිතන විදිහට කාන්තාවකගේ සාර්ථකත්වය මොකක්ද?

මං ගැන මම කියන්නම්, මම කියන්නේ තමන්ට එන ප්‍රශ්නවලට මුහුණ දීලා ඒ අභියෝගවලින් ජයග්‍රහණය කිරීම තමයි සාර්ථකත්වය වෙන්නේ. අපි ඒවා කාටවත් කියන්නෙ නැතුව අපිම ඒවට මුහුණ දෙන්න ඕනේ. මොකද ජීවිතේ මට තරග තියෙන්නෙ මගෙත් එක්ක. එතකොට මම මුහුණ දෙන්න ඕනේ ඒවට. මම හිතෙනවා එතකොට තමයි සාර්ථක වෙන්න පුළුවන්.

ප්‍ර ෂෙරිල් කොහොමද ආදරේ දකින්නේ?

ආදරේ එහෙමයි මෙහෙමයි කියලා කියන්න  බැහැ කියලා මට හිතෙන්නේ. හැබැයි ආදරේදි ගරුත්වයක් තියෙන්න ඕනේ. මොකද ආදරෙදි ගෞරවය දුන්නොත් අනිත් කෙනාටත් ඒ විදිහටම ලැබෙනවා කියලා මම හිතනවා.

ප්‍ර හැම දේකටම උදව් කරන ජීවන සහකාරයෙක් ෂෙරිල්ට ඉන්නවා. ඒ ගැන මොකද හිතන්නේ?

හරිම සතුටුයි. මම හරි ශක්තිමත් කෙනෙක්. එයාට මං වගේම මට එයත් ලොකු ශක්තියක් වෙනවා. මම මේ කියන දේ සමහරුන්ට විහිළුවක් වෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ ඇත්ත. මම පොඩි කාලේ ඉඳලා  කතෝලික කෙනෙක්. මම ගොඩක් ජේසුව විශ්වාස කරනවා. මම හිතනවා මිනිස්සු ආගමක් කියලා විශ්වාස කළාට ජේසු කියන්නේ ප්‍රේමයක් කියලා. ඉතින් ඒ ප්‍රේමය මම හිතන්නේ  අපේ පවුල් ජීවිතේටත් අඩු නැතිව ලැබිලා තියෙනවා. ඇත්තටම ඒක ජේසුගෙන් අපිට ලැබුණු ආශීර්වාදයක්. ඒවත් එක්ක තමයි අපි මෙච්චර කල් ආදරෙන් බැඳිලා ඉන්නේ.

ප්‍ර මේ දවස්වල වැඩකටයුතු?

මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක තමයි මේ දවස්ටික ගෙවෙන්නේ. මොකද විවිධ ආයුර්වේද නිෂ්පාදන කෙරෙනවා. ඒවට තමයි මගේ මුළු අවදානෙම දෙන්නේ. කොටින්ම බිස්නස් එක ගැන තමයි මේ දවස්වල මගේ ඔළුවෙ තියෙන්නේ.

ප්‍ර පවුලෙ අයවත් අපි මතක් කරමු.

මගේ ජීවිතේ මට හිටපු විශේෂම කෙනෙක් තමයි මාව පොඩි කාලේ ඉඳලා බැලුවෙ මගේ ආච්චි අම්මා, එයා ජනවාරිවල නැති වුණා. ඉතින් එයාව ආදරෙන් මතක් කරනවා. මොකද එයා තමයි අපිව හැදුවේ. ඒ වගේම අම්මා, තාත්තා, අක්කා,  වගේම රුවන්, ළඟින් ඉන්න යාළුවො ඒ හැමෝමත් මේ වෙලාවෙ මතක් කරනවා.

කෞශල්‍යා ලක්ෂානි



අදහස් (0)

මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site