IMG-LOGO

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා


තෙදබල ඇති සොහොන් කාලි මෑණියෝ

කාලිනෙ ගෝවින්දන්   
පාලන්තු ලෝක සාසනං   
ඒ තේජානු භාවෙන කාලිදේවි   
නාමෝ නමඃ   
ඕම් ශක්ති නික්ක ශිව නික්ක   
නල්ලගුරු මහා ලක්ෂ්මි නික්ක   
සුඩල කාලි අම්මයානෙ එන්නේම්   
පක්කම් වශීය මාග නික්කවේ ශිවාක් 

 
මේ මහා විශ්වයේ බලගතු දෙවියන් වන ශිව හෙවත් ඊශ්වර මහ දෙවියන්ගේ ප්‍රියංභිකාව වන පාර්වතී හෙවත් උමයංගනා දේවියගේ එක් මහා බලගතු අවතාරයක් ලෙස මහා කාලි මෑණියෝ හැඳින්වෙන අතර සුරයන්ට හා නරයන්ට වදහිංසා පමුණුවන අසුරයන්ගේ මහරජෙකු වන අධර්මිෂ්ට බලගතු දුර්ගා නැමති අසුරයා සමග සටන් වැදී එම අසුර සංහාරය විනාශ කළ බවටත් මේ මහා විශ්වයම තම සුළැඟිල්ලේ රඳවා පරක් තෙරක් නොමැති වේගයෙන් කරකවා තම අනුහස් බලය විදහා දක්වා ඇති බවත් මහා කාලි මෑණියන්ගේ අවතාර හතක් වශයෙන් ද කට්ටු 21 ක් වශයෙන්ද එයට අමතරව මහා යක්ෂ සේනාධිපති නිල දූතිකාවන් දස දහස් ගණනින් පිරිවරා සිටින මහා කාලි මෑණියන්ගේ එක් මහා භයංකර බලගතු අවතාරයක් ලෙස හොඳට නරකට දෙකටම ජීවමාන ලෙස තෙද බල ඇති සොහොන් කාලි හෙවත් සුඩල කාලි මෑණියෝ අප්‍රමාණ ලෙස අසරණ දනන් හට දුකට පිහිටවන මහා යක්ෂ සේනාධිපතිනියකි. එහෙත් අප භක්ති ආදර ගෞරවයෙන් සොහොන් කාලි මෑණියෝ කියා ආමන්ත්‍රණය කරමි.   


රත්මල් පැළඳගෙන   

බියකරු රාව නගමින   

ලේ රැඳුණු දෙතොලින   

වඩින් මිහිකත දෙදරවාගෙන   

ඕම් හ්රීම් කාලි කපලානි   

ගුර්ණදේනි විශ්වම්   

විමෝයා ජගනමෝයා   

සර්වමෝයා මෝයා   

දඃ දඃ දඃ ස්වහා   


සොහොන් කාලි මෑණියන්ගෙන් පිහිට ආරක්ෂාව බලාපොරොත්තු වන අයට පිරිසිදු අබ තෙල් පහනක් සහිත රත්මල් මාලයක් අමුණා ඉහත මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් කර කාලි මෑණියන්ට පැලඳවීම ද, රත් කෙසෙල් ඇතුළු පලතුරු පූජාවක් සහිත ලේ ගොටුව තෙල් බැදුම් සහිත කැවිලි පූජාවක් තබා නාගදරණ ඇට 108 ක මාලයක් සාදා ඉහත මන්ත්‍රයෙන් ලක්ෂ වාරයක් ජීවම් කර ප්‍රාණ බලය පිහිටුවා ගැනීමෙන් පසු නැවත 11වාරයක් කියා තමාට අවශ්‍ය කාරණය සොහොන් කාලි මෑණියන්ට ඉතා භක්තියෙන් කියා සිටින්න. සත්‍ය වශයෙන්ම අනිවාර්යයෙන්ම පිහිට ලැබෙනවා. ඒ දේ ඉටුකර දෙනවාමයි. විශේෂයෙන් සතුරු දමනයට, නඩු හබ ජයගැනීමට රැකියා දියුණුවට පවුල් ආරවුල්, විවාහය, දරු සම්පත් ආදී විවිධ ප්‍රශ්න ගැටලුවලින් අත්මිදීමට මෙම අද්විතීය ක්‍රම තුළින් පිහිට ලබාගත හැකිය.   


විශේෂයෙන් මෙම සොහොන් කාලි මෑණියන්ගේ බල මහිමය ලබා ගැනීමේ දී පුරපක්ෂයේ සුභ කටයුතු සඳහා අවපක්ෂයේ දී අවනඩු අසාධාරණ ජයගැනීමට තෝරාගත යුතුය. පුර අඟහරුවාදා හෝ සිකුරාදා දින දෙක උපයෝගී කරගෙන ඉර අස්තයට යන මොහොතේ ගෝධුලි මුහුර්තය නම් සුභ මුහුර්තියෙන් සුභ වැඩ කටයුතු සඳහා ඉතා විශේෂයි. එසේ නොමැති නම් රාත්‍රී 8.8 සිට 8.24 දක්වා හෝරා කාලය සුභයි. සෙත් කවි හෝ වස් කවි කාලි මෑණියන් වෙනුවෙන් භාවිත කරන අවස්ථාවන් ද ඇත. මහා කාලි ජීවම් දිෂ්ටියේ දී පර්වත සිකර වෘක්ෂගත මලයක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ දිෂ්ටියෙන් මලයගිරි නීලගිරි වරංගත් ශ්‍රී පත්‍ර කාලි ජීව ජීව වරවරදිෂ්ටි දිෂ්ටි නමඃ යන අවස්ථාවන්හි ශරීර ආවේෂ ද? ඇතිවිය හැකිය. මේ පිළිබඳ වඩාත් සැලකිලිමත්විය යුතුය.   


ඔබේ නිවසේ ඇතුළත මෑණියන්ට පහන් පුදා පූජා තැබීමෙන් වළකින්න. නිවසට ආලෝකය නොවැටෙන පරිදි පහන් පැල සාදාගත යුතුය. රුක්අත්තන ලීයෙන් අඟල් 11 පළල අඟල් 17 දිග නම් වඩාත් යෝග්‍ය වේ. සුභ ශාන්තිවල දී නැගෙනහිර දිශාවටත් අවලාද අවනඩුවල දී බස්නාහිර දිසාවට මෙන්ම සුභ ශාන්තියට අබතෙල් පහන ද, අවනඩු අවලාදවල දී පස්තෙල් හෝ කොහොඹ තෙල් පහන ද සුදුසු වනු ඇත. සුවඳ සාම්බ්‍රානි හෝ දුම්මල ඇල්ලීම ද ඉහත ක්‍රමයන් අනුගමනය කළ යුතුය. භාරහාර වීමේදී රිදී පඬුරක් හෝ අවනඩුවලට තඹ කාසියක් සුදුසුය. සොහොන් කාලි මෑණියන්ගෙන් පිහිට ආශිර්වාද ලබාගැනීමේ දී ඔබේ යහපත වෙනුවෙන් යහපත් දේ ඔබටම කරගත හැකිය. නමුත් සතුරු විපත් දඬුවම්වල දී ඔබට එතරම් අත්දැකීම් නොමැති නම් අත්දැකීම් බහුල අයෙකු ලවා ඔබේ කටයුතු කර ගැනීම වඩා යෝග්‍ය වේ. සොහොන් කාලි මෑණියන්ගේ බලගතු ගුරුකම් තව බොහෝ තිබුණ ද ඒ සම්බන්ධව ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.   


සොහොන් කාලි මෑණියන් සමග වැඩ කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා බඳුය. හොඳට මෙන්ම නරකට භයානක ප්‍රතිවිපාක ලබාදෙන උත්තමාවියකි. නමුත් මිල මුදල් මත ඇතැම් අය කාලි මෑණියන්ගේ ශ්‍රී නාමය විකුණා අසාධාරණ ලෙස මිනිසුන් රවටන අය ද ඇත. එලොව මෙලොව දෙකේදීම ඒ අයට දේවසාප සහ මහා යක්ෂ සාපවලට ගොදුරු වන බවද මෙයින් සිහිපත් කරමි.   

 

 


ඔබ සැමට උතුම් සොහොන් කාලි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!   

 

 

 


කීර්ති ශ්‍රී ලංකාභිමානී, ජ්‍යෝතිෂ්‍ය විද්‍යා විශාර ද   
ජේ.එම්. ජයන්ත ඒකනායක   
සියපත කාර්යාලය,   
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල



අදහස් (0)

තෙදබල ඇති සොහොන් කාලි මෑණියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33169 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15879 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10083 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 229 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 545 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site