නීතිඥ ජෝන් ද සිල්වාණන්ගේ පද සංකල්පනාවෙන් ද හියුබට් රාජපක්ෂයන්ගේ සුගායනයෙන් ද විශ්වනාථ ලව්ජින්ගේ මියුරු මියැසියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ බුදුන්ගේ ශ්‍රීවිභූතියෙන් සුපෝෂිතය. ශතවර්ෂයකට අධික කාලයක් මෙරට රසික හදවත් මනෝරංජනය කළ "දන්නෝ බුදුන්ගේ" ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළේය.1903 වර්ෂයේ දී ලියැවුණු මෙි ගීතය වසර 120 ක් පමණ පැරැණිය.මෙරට චින්තන වින්දන ශක්තිය දියුණු තියුණු කිරීමට "දන්නෝ බුදුන්ගේ" ගීතය කුමන මෙහෙවරක් කර ඇති දැයි අපි බලමු.
සිංහල සුභාවිත ගීතය සුපෝෂණය කිරීමට අනභිභවනීය මෙහෙවරක් කළ නීතිඥ ජෝන් ද සිල්වාණෝ මෙරට වැඩිම ගීත සංඛ්‍යාවක් ලියූ ගේය පද රචකයාණෝය.ඔවුහු නාඩගම්,නූර්ති,වේදිකා නාට්‍ය ගීත රාශියක් ම ලියූහ."දන්නෝ බුදුන්ගේ" ගීතය හැරුණු කොට ඔහු ලියූ අඹ දඹ නාරං කෙසෙල් දෙල්,සුවඳ පද්ම,මගේ මද්‍රි නම් බිසෝ වෙි,සාන්ත ජෝන්ගේ වීදියේ කඩෙි වැනි ගීත අතිශය ජනප්‍රිය විය.ජොන් ද සිල්වා සූරිහු නූර්ති සහ නාඩගම් සම්ප්‍රදාය ඇසුරු කරමින් නාට්‍ය කිහිපයක් ම රචනා කොට නිෂ්පාදනය කළහ.මෙම නාට්‍ය අතරින් සිරිසඟබෝ,ශ්‍රී වික්‍රමරාජසිංහ,දේවානම් පියතිස්ස,දුටුගැමුණු,විහාරමහ දේවිය,රාමායණය,සකුන්තලා,රත්නමාලි,නාගානන්ද,වෙස්සන්තර ආදී නාට්‍ය ප්‍රමුඛ තන්හිලා ගිනිය හැකිය.මෙි ගීතය සිරිසඟබෝ නමැති නූර්ති ශෛලියේ නාට්‍යයෙනි.දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල්ගායනය තරමක් මතභේදාත්මකය.හියුබට් රාජපක්ෂ නමැති පුද්ගලයකු මෙහි මුල්ගායනය ඉදිරිපත් කළ බව ද ඇතැම් කලා විශාරදයෝ කියති.එහෙත් එම ගීතය බටහිර උරුවට ගයන ලද්දක් බවත් එයින් රසභංගයක් සිදුවී ඇති බවත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ තම ජීවිත කතාව අලලා ලියූ "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" නමැති කෘතියෙහි සඳහන් කරති.
"දන්නෝ බුදුන්ගේ " යන ගීය හියුබට් රාජපක්ෂ මහතා ගායනා කරනු ( ජීවමානව හෝ තැටියෙන් හෝ ) අසා ඇත්තේ කී දෙනකු දැයි නොදනිමි.යුරෝපයෙහි ප්‍රගුණ කරගත් කටහඬක් (ටෙිනර් වර්ගයේ ) ඇති ඔහු,එය ගයන්නේ මුළුමනින්ම බටහිර ශෛලියෙන්ය.ඒ නිසා පහාඩි රාගයෙන් නිර්මාණය කරන ලද මෙි ගීයේ ( එය මාඩ් රාගයයි සමහරු කියති ) රසයට එයින් හානියක් පැමිණ නැතැයි කිව හැකි ද?මෙි ගීතය රාජපක්ෂ මහතා කෙතරම් විකෘති කොට තිබෙිද කියතොත් දැන් එය ඇසෙන්නේ සිංහල වචනවලින් ගැයෙන යුරෝපීය ගීතයක් සේ ය, "
( පිං ඇති සරසවි වරමක් දෙන්නේ - 50 පිට )
මහැදුරු සරච්චන්ද්‍රයන්ට අනුව දන්නෝ බුදුන්ගේ ගීතය මුල් ගායකයා විසින් ම විකෘති කොට ඇත.එහෙත් මෙි ගීතයේ අනුවාද ( Version ) පසුකාලීනව කේෂත්‍රයේ ප්‍රවීණයෝ කිහිපදෙනෙක් ම ගැයුහ.රුක්මණී දේවි,ඩබ්ලිව් ඩී අමරදේව,නන්දා මාලනී ආදීහු ඒ අතර කැපී පෙනෙති.තතු මෙසේ වූව ද එයින් ගීතයේ ජනප්‍රියත්වයට කිසිදු හානියක් සිදුවී නැත.ශතවර්ෂයකට අධික කාලයක් සාහිත අඔරේ ලඹ දෙන මෙි ගීමිණ ජාතික උරුමයක් බවට පත්කිරීම මෙරට ගී ලෝලීන්ට සතුට දනවන පුවතක් නොවෙිද?
මෙි ගීතයෙන් වර්ණිත වන්නේ අනුරපුරයේ ශ්‍රී විභූතිය යි.අනුරාධපුරය යනු සිංහලයන්ගේ අභිමානවත් අපරාජිත රාජධානිය යි.එහෙත් මෙකී ශුද්ධ නගරයේ අද රජ කරන්නෝ කවරහුද? ගණිකාවෝ,දුගියෝ යාචකයෝ මංපහරන්නෝ,අපරාධකාරයෝ අද එහි යෙහෙන් වැජඹෙති.එකල අැස අස මානයේ හරිත වර්ණයෙන් බබළන ගහකොළ,ගොඩමඩ සරුසාර කෙත්වතු,වෑතල පැන් පොකුණු,තැනිතලාය.මෙනයින් පුරාණ අනුරපුරය ශ්‍රීවිභූතියෙන් විභූෂිත වූ සශ්‍රීකත්වයේ ප්‍රතිමූර්තියක් බව කීම අතිශයෝක්තියක් නොවෙි .එකල බෞද්ධ ආරාම ධනධාන්‍යවලින් පිරි ඉතිරි ගිය බව ද ඉතිහාසය දෙස් දෙයි.එහි විසු මහ නා හිමිවරු රජවරුන් අභිබවමින් වැඩ කළහ.එපමණක් නොව මෙකී ආරාමවල බැංකු පවා තිබිණි.එහෙත් අනුරපුර ශුද්ධ නගරයේ අද තත්වය එතරම් සතුටුදායක නැත.අද අනුරපුරයේ හැමතැනම රතුපස් පෑදුණු වියළි කර වූ බිම් පෙදෙස්ය.පොළොවෙි තෙත ලෙවකමින් දිනිසුරු ගිනියමට අතවනයි.
පුර වැනුමක් වූ මෙි ගීතය කාව්‍යෝක්තියකි.ජොන් ද සිල්වාණෝ මෙි ගීතය ඔස්සේ ප්‍රබල පරිකල්පන ශක්තියක් සුවිශද කරති.බුදුන් සමයේ සෘද්ධියෙන් ගුවනින් වැඩිය රහතුන් වහන්සේ විශාල පිරිසක් සිටියහ.උන්වහන්සේලා වැඩිය ගමන් මග කිසිදු බාධකයක් නොතිබිණි.මෙකී රහතුන් වහන්සේ සෙවණැල්ලෙන් සූර්ය තාපය පවා භංග වී ගියේය.බුදුන්ගේ රැස් වළල්ලෙන් අනුහසින් නුවර පුරා වැඩම කළ එකී රහතුන් පිළිබඳ රචකයා මවන විචිත්‍ර සිතුවම බොදු බැතිමතුන්ට සුඛානන්දයක්, සුඛප්‍රහර්ෂයක් නොවෙිද?
දන්නෝ බුදුන්ගේ ශ්‍රීධර්මස්කන්දා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ
බුදුන් සරණ ගිය බැතිමත්හු ධර්මය දන්නෝය.ඔවුහු මහත් භක්ත්‍යාදරයෙන් සිල්වත් සිතින් සුදානම් වී බොදු දහම නිති සුරකිති.නොකඩවා සිල් රකින්නෝ මෙනුවර වෙසෙති.කෙලෙස් මලින් පිරුණු ජීවිතය අතහැර ධර්මය ප්‍රගුණ කරන මෙි රහතුන් වහන්සේලාගෙන් මුළු අනුරපුරයම ආලෝකමත් වී දීප්තියෙන් බබළයි.මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? සන්සුන් මනසින් මෙි ගීතය අසන බැතිමතාට සාන්ත රසයක් නොදැනේද?බුදුන්ගේ ධර්මස්කන්ධය මෙපමණ යැයි කිව හැකිද?විශ්වයේ සැරිසරන පරම අමොදය බුදු දහමයි.මෙි වූකලි සියලු මිනිසුන්ගේ ජීවන විදර්ශනාවයි.විඥානවාදියාට මෙන්ම භෞතිකවාදියාටද බෞද්ධ දර්ශනය මගහැර යා නොහැකිය.එය ලොව සනාථන දහමකි.
භූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුනි සාසන වාසේ
සෘද්ධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
එකල කේතුමති රජදහනක් වූ අනුරපුරය මිහිපිට පහළ වුණු දෙව්ලොවක් නොවෙිද? සරුසාර කෙත්වතු, වෑතල, පැන් පොකුණු පමණක් නොව ධනධාන්‍යවලින් පිරි ගිය බෞද්ධ ආරාම එහි කොතෙකුත් තිබුණිද?මිහිපිට සුරපුරයක් බඳු අනුරාධපුරය සාසනයට සුදුසු පරිසරයකි.මෙහි සෘද්ධියෙන් යන රහතුන් වහන්සේලාගේ රැස් වළල්ලට අධික හිරු රශ්මිය පවා භංග වී විනාශ වී යයි.මෙහිදී කවියා ගොඩනගන මනස්කාන්ත දසුන් කෙතරම් රමණීයද? රූපකාර්ථවත්ද?කලාත්මක ද?මෙි ගීතය ඔස්සේ කවියා විචිත්‍රවත් පරිසරයක් නිර්මාණය කරයි.ඇතැම් අවස්ථා අභව්‍ය වූව ද එහි ඇති කලාත්මක සාර්ථකත්වය විශිෂ්ටය.
මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ
අනුරාධ නගරය දැන් පෙනේ බෝ සේ
මෙි පුර වැනුමෙි සෞන්දර්ය පක්ෂය පිළිබඳ කතා කිරීමෙිදී කවියා ගොඩනගන ධ්වනිතාර්ථපූර්ණ යෙදුම් ඖචිත්‍ය ගුණයෙන් පරිපූර්ණ වචන, වෙසෙස් කාව්‍යෝක්ති අමතක කළ නොහැකිය.ගීතයේ සාර්ථකත්වයට යටකී සියලු සාධක බලපා තිබෙි. නෙතට රසඳුනක් බඳු නිල් පැහැති දිය පිරුණු විල් පොකුණුවල රුවැති කුසුම් සුපුෂ්පිත වී සුළඟේ ලෙලදෙයි.මානෙල්,නෙළුම්,ඔිලු ආදී පුෂ්පයෝ සොඳුරු දසුන් මවති.මී බී මත් බිඟුලොල් නදින් මුඛරිත පරිසරය කෙතරම් සෞන්දර්යාත්මක ද?මෙි විල් ජලයේ තරගයට පිහිනමින් සිටින්නෝ කවරහුද? මෙි වනාහි සේරු නම් පක්ෂි විශේෂයකි.සේරු යනු හංසයන්ට සමාන රුවැති ජලජ පක්ෂියෙකි.මෙකී සේරු පන්ති ජල කෙළියේ නිරත වෙද්දී ඈතින් මතුවී එන්නේ කුමක්ද?අනුරාධපුරය නමැති ශුද්ධ නගරය යි.අනාදිමත් කාලයක සිට පැවත එන මෙි ගීතයට පසුබිම වන්නේ සිරිසඟබෝ නාටකය යි.කොතෙක් ඇසූවත් ඇති නොවන මෙි ගීතයේ සාර්ථකත්වයට තුඩුදුන් තවත් හේතු ගණනාවක් ඇත.මෙහි එන සංකල්ප රූප රස මංජරියත් ඒවා දවටා තිබෙන මියුරු මියැසියත් ඊට හේතුය.මෙනයින් මෙබඳු කලාත්මක සාර්ථකත්වයක් දිනු ගීමිණිරුවනක් ජාතික උරුමයක් බවට පත්කිරීම කවර නම් වරදක්ද?
වසන්ත කුමාර කොබවකයන්ගේ ධවනිතාර්ථපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංරචනයෙන් ද සු
සෑම මිනිසකුගේ ම ප්‍රාර්ථනය මානවදහමින් වෙළී අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවී සුජීවත් වීමටය.එහෙත් අප වසන සමාජය එබඳු සුන්දර,සැපවත්, පිරිපුන් ජීවිතයක් ගත
කුමාරදාස සපුතන්ත්‍රියන්ගේ හාවපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද උප
අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් විසින් විරචිත සංජීව් ලෝන්ලියෙස්ගේ හඬ සහ නද සුසංයෝගයෙන් සුපෝෂිත මෙි ගීමිණ මානවබන්ධුත්වයේ සුගන්ධයෙන් අප හද මෝහනය කරයි.
ලූෂන් බුලත්සිංහලයනගේ සුගේය පද සුරචනයෙන් ද නන්දා මාලිනීයගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද ඩන්ස්ටන් ද සිල්වාගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද නන්දා මාලිනීයන්ගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන් සුපුෂ්
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
දන්නෝ බුදුන්ගේ