මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවිතයක ඇරඹුමක් සමඟින්ම එක්කරන්නේ නවමු අත්දැකීම්.
ජීවිතයක.අසිරිමත්බව විඳීමටනම් සෑම මිනිසකුම සොබාදහමට ආදරය කළ යුතුමයි.ගහ වැලක පිපෙන මලක හැඩරුව විඳින්න වගේම ඇළ දොළක දිය කඳුරක එක දිය දෝතක් දක්වාම ,පොළෝතලය සිපගෙන හමනා සුළං දහරත් ජීවිතයට එක්කරන්නේ අලුත් අත්දැකීම්.ඒ නවමු මිහිර හැම ජීවිතයකටම අත්‍යවශ්‍ය යි.
බොහෝ මිනිසුන් ගෙවන කාර්යබහුල ජීවිතය මත දවසින් දවස ඈත් වී යන්නේ මේ මිනිසත්කම්,යහගුණදම් පිරී පවතින සොබාදහම යි.නාගරීකරණයට නතු වූ බොහෝ මිනිසුන් ගහ කොළක් නැති කැකෑරෙන කටුක පරිසරවල තම ජීවිතය සිරකොට පවතින රැළි පසුපස දිවයන්නේ මං මුලාවූ සේය.
මේ ජීවිතය තුළ සොබාදහම මත ගලායන ආදරය හැම හදවතක්ම විඳිය යුතුයි.ඒ තුළින් ජීවිතය දැකිය යුතුයි.ඒ ආදරයට ආදරය කළ යුතුයි.
සොබාදහමේ ඇරඹුමත්
ලියා ඇති එක ඉරණමක්
නිමා වන හමුවීමකත්
කොහේ හෝ ඇති ප්‍රේමයක් ...
දවා හළු කළ මතකයත්
රිදුම් දෙයි හැමදාකමත්
නවාතැන් වුණ හිත් යටත්
කොහේ හෝ ඇති කවුරුවත් ...
හිනාවෙන හද පතුලකත්
සුසුම් නෑ අවසානයක්
බිඳී ඇහැරෙන රිදුමකත්
කොහේ හෝ ඇති ප්‍රේමයක් ...
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගී පද රචනා ක්ශේත්‍රය ට කාන්තා දායකත්වය හිමිවන්නේ 1965 වසරේ මැයි 31 දා තිරගතවූ ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ 116වන චිත්‍රපටය වූ " ලා දළු" තුළින්. ඒ ගී පද රචිකාව වන්නේ චන්ද්‍රා වයමන්.ගායන ශිල්පිණී මල්ලිකා කහවිට ගැයූ පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කළ " සෙනෙහස සොම්නස අතිනත ගත් විට.." එම ගීතයයි.
එසේ ඇරඹුණු ගී පද රචිකාවන්ගේ දායකත්වය සිංහල ගීතයට ලැබුණේ අල්ප වශයෙන් බව පැවැසිය හැක්කේ 2000 වසර දක්වාම සංඛාත්මකව අඩුවක් ගත් බැවින්.ඉන්පසු කාල පරිච්ඡේදය ගීත ක්ශේත්‍රය තුළ විවිධ වෙනස්කම් ඇතිවූ අතර බොහෝ ගී පද රචිකාවන් ගීතයට තම දායකත්වය ලබාදුන්නා.
ජීවිතයේ,ආදරයේ සියුම් තැන් නිරීක්ෂණය කරමින් සුබාවිත ගීතයට නැවුම් දායකත්වයක් එක්කළ නවමු ගී පද රචිකවක වූ නෙලූකා එස් ප්‍රනාන්දු ද මතු බලාපොරොත්තු තබාගත හැකි රචිකාවක්.
"මානව බැදීම් කියන්නෙ මහ පුදුම දෙයක්. ජීවිතේ ජීවත් වෙනකොට විදින්නට වෙන අත්දැකීම්,අත්විදීම් එක්ක ජීවිතේ ගලපන කොට මට දැනෙන්නෙම මේ සොබා දහමේ දහම අපේ ජීවිතේ ගලා යන්නෙ කියල.
කොහොම වුණත් මා පෙර පරම්පරවේ ගීත නිර්මාණ , අහන්න බොහෝ සෙයින් ප්‍රය
කරනවා.
ඒ අතරින් පල්ලේගම හේමරතන හාමුදුරුවන් ලියූ අතීතය සිහිනයක් පමණයි ගීතය මගේ ජීවිතේ ට බද්ධ වුණු නිර්මාණ ක් කියල දැනෙන්නෙ. එහි කියවෙන ..
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ....
මේ වදන් මාව නිරන්තරයෙන් කම්පනයට පත් කලා. ඒ නිසාම මේ සොබාදහමට පිටින් කිසිවක් නැති බව හැගෙන ගීයක් ලියන්න හීනයක් තිබුණ. මේ ඒ හීනෙ හැබෑ වීමක්.
මේ හීනේ හැබෑ කරන්න ලැබෙන්නෙ නෑ ප්‍රවිණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේයන් සහ ආචාර්ය රෝහණ වීරසිංහ සර් නොසිටින්න.
මේ ගිය මේ වන විට හෙමි හෙමින් රසික හිත් මත ගලා යනවා. ඒක ට හේතුව තමයි ප්‍රේමයේ අනුරාගී ස්වරයෙන් හදවතට කතා මේ අපුරු හඩ.මෑතක දී මේ ගීයට නැවුම් හැඩයක් එක් කලා. ඒ තරම් අපේ තාරුණ්‍යයේ දක්ෂ සංගීතය වේදී සුගත් හෙට්ටිආරච්චිගේ නදින් හැඩවූ නව සංගීත සංයෝගයෙන්.
කොහොම වුණත් මේ ගීය අයිති දැන් මට නොවේ ඔබට යි."
සොබාදහමත්,ජීවිතයත්,ආදරයත් එකට එක්වූ තැන මැවෙන හෘදයාංගම මතක හැම හිතකටම සදාකාලික මතකයක්...
විවරණය: සුජිත් ප්‍රසංග
වසන්ත කුමාර කොබවකයන්ගේ ධවනිතාර්ථපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංරචනයෙන් ද සු
සෑම මිනිසකුගේ ම ප්‍රාර්ථනය මානවදහමින් වෙළී අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවී සුජීවත් වීමටය.එහෙත් අප වසන සමාජය එබඳු සුන්දර,සැපවත්, පිරිපුන් ජීවිතයක් ගත
කුමාරදාස සපුතන්ත්‍රියන්ගේ හාවපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද උප
අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් විසින් විරචිත සංජීව් ලෝන්ලියෙස්ගේ හඬ සහ නද සුසංයෝගයෙන් සුපෝෂිත මෙි ගීමිණ මානවබන්ධුත්වයේ සුගන්ධයෙන් අප හද මෝහනය කරයි.
ලූෂන් බුලත්සිංහලයනගේ සුගේය පද සුරචනයෙන් ද නන්දා මාලිනීයගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද ඩන්ස්ටන් ද සිල්වාගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද නන්දා මාලිනීයන්ගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන් සුපුෂ්
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
කොහේ හෝ ඇති ප්‍රේමයක්..