ඇය මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද හොඳම නිළිය ලෙස අපේ රටට කීර්තියක් අත්කර දුන් ප්‍රවීණ රංගවේදිනියකි. එමෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවකි. කලා ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ මේ ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය කලකට පසු ලාංකිය සිනමාවට ‘තේජා’ ලෙසින් එක්වන්නීය. ප්‍රධාන භූමිකාව රඟපාමින්,නිෂ්පාදනයට දායක වූ ඇයගේ ‘තේජා’ චිත්‍රපටය මාර්තු 7 වැනිදා සිට මෙරට සිනමාශාලා රැසකදී තිරගත කෙරේ.
නිලන්ත හපන්වීර අධ්‍යක්ෂණය කළ ‘තේජා’ චිත්‍රපටය වසර 10කට වැඩි කාලයකට පසු යළි තිරගත කරන්නේ තහනමෙන් මිදී වීම විශේෂත්වයකි. කලක් තහනමට ලක්වූ මේ චිත්‍රපටය පිළිබඳව කතා කරන්නට ඇයට අපි ඉඩ ප්‍රස්ථාව ලබාදුන්නේ විශේෂ කාරණාවක් නිසාවෙනි. ඒ ඇයගේ කලා දිවියට වසර 60 සපිරීම නිමිත්තෙන් මේ චිත්‍රපටය තිරගත කරන හෙයිනි. එදින ඇයට විශේෂ උපහාරයක් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ. ලාංකීය සිනමාවේ ජනාදරයට පාත්රවූ මේ රංගවේදිනිය නමින් නීටා ප්රානාන්දුය. මේ ඇය සමග ‘‘රසවින්දන’’ කළ කතාබහක සටහනකි.
‘‘මගේ කලා දිවියේ වසර 60 දෙස ආපසු හැරි බලද්දී සාර්ථකයි කියා හිතනවා. අවුරුදු 60න් මම 40ක් තමයි කලාවේ නිරත වෙලා හිටියේ. අවු: 20ක් කැනඩාවේ හිටියේ. හෙමින් පටන් ගත්තාට සිනමාවේ ඉක්මනට යම් දුරක් ආවා. කාලයක් නතර වුණා. සිනමාවේ දෙවැනි ගමන ඇරඹුණේ ‘පවුරු වළලු’’ චිත්‍රපටයෙන්. එතැන් සිට තවමත් මම මේ ගමන යනවා. සාර්ථකත්වයක් විතරයි මට පේන්නේ. ජාත්‍යන්තර සම්මාන රැසක් ලැබුණා. ප්‍රේක්ෂකයන්ට තවම අපි මතකයි. ඔවුන්ගේ ආදරය තවමත් ලැබෙනවා. ඒ ගැන ලොකු සතුටක් තිබෙන්නේ.
‘‘තේජා’’ චිත්‍රපටය කාන්තාවන් පිළිබඳ කතාවක්. නිදහස් වෙළෙඳ කලාපයේ සමහර ඇඟලුම් කර්මාන්තශාලාවල කාන්තාවන්ට සිදුවූ තාඩන පීඩනවලට එරෙහිව ඇතිකරන අරගලයක් පිළිබඳවයි මෙහි කතා කරන්නේ. අයිතිවාසිකම් ඉල්ලා හඬ නඟන ඒකට පොලිසියේ ඇවිත් කඳුළු ගෑස් ගහනවා විතරක් නොවෙයි පහරත් දෙනවා. එහෙම දර්ශනයක් තිබුණා එතනදි පොලිසියෙන් මීට වසර ගණනාවකට පෙර එකක් නිසා එහෙම කරන්න බැහැ කිව්වා. උද්ඝෝෂණ විරුද්ධව තමයි මේක තහනම් කළා කියලා පැවසුවේ. අධ්යක්ෂ නිලන්ත එතනදි නියම විදියට පැහැදිලි කළා. රැඟුම් පාලක මණ්ඩලයෙන් මෙය පෙන්වන්න එපා කියද්දී එයට හේතු සාධක පෙන්වා දුන්නා. ඒ හින්දයි තහනම් වුණේ. පස්සේ දර්ශනය ඉවත් කළා.
මේ චිත්‍රපටය තහනම් වුණේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ඉල්ලූ විටදීයි. චිත්‍රපටය කරලා දැන් අවුරුදු 10කට වැඩියි. දැන් වගේ නෙවෙයි. ඒ කාලයේ මේවාට ප්‍රශ්න වැඩියි. ඇත්තටම මෙච්චර කාලයක් චිත්‍රපටයක් රඳවාගෙන යළි මුදාහරින විටදී නිෂ්පාදකයකුට විශාල අසාධාරණයක් සිදුවන්නේ. දැන් තිබෙන ක්‍රමවේදයට අනුව ඉතාම අමාරුයි චිත්‍රපටයක් තිරගත කිරීම. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නිර්මාණය කළ විටදීම එය තිරගත කරන්න පුළුවන්වීමෙන් තමයි නිෂ්පාදනයට සාධාරණය ඉටුවන්නේ. කාලයක් යෑම තුළ ඔහුට අසාධාරණයක් සිදුවෙනවා තමයි.
මගේ පෞද්ගලික ජීවිතයේ සිනමාව වෙනුවෙන් කළ දේ පිළිබඳව සතුටුවෙන්න පුළුවන්. මා ලබා තිබෙන සාර්ථකත්වය ගැන සතුටුයි. එහෙත් දැන් සිනමාවේ තිබෙන තත්ත්වය ගැන සතුටුවෙන්න බැහැ. විශේෂයෙන් ප්‍රදර්ශනය පිළිබඳව හොඳම අත්දැකීම මා ලබාගත්තේ මා රඟපෑ නිෂ්පාදනය කළ ‘‘ස්වර’’ චිත්‍රපටයෙන්. චිත්‍රපටයේ දර්ශන වේලාවන් සිනමාශාලා හිතු හිතූ විදිහට වෙනස් කළා. සමහර ඒවා කැන්සල් කළා. ඒ වගේ කිහිප තැනක අසාධාරණකම් වුණා. ඒකාධිකාරයක් අද ප්‍රදර්ශනය රටාවේ තිබෙන්නේ. බෙදාහරින්නන්ගේ තිබෙන මාෆියාවක් තමයි දක්නට ඇත්තේ. ඒක ගැන නිෂ්පාදිකාවක් හා රංගන ශිල්පිනියක් වශයෙන් විශාල කනගාටුවක් තිබෙනවා. එයට යම්කිසි වැඩපිළිවෙළක් හැදිය යුතුයි. අඩුම ගණනේ චිත්‍රපටයක් සුමාන දෙකක්වත් ප්‍රදර්ශනය කළ යුතුයි කියා නීතියක් චිත්‍රපට සංස්ථාවෙන් හරි බලයලත් කවුරුන්ගෙන් හරි සැකසිය යුතුයි.
ඒ අසාධාරණකම් දැක දැක තමයි ‘තේජා’ මුදාහරින්නෙත්. මොනවා කරන්නද? පෙන්වන්න වෙනවා අපට. ප්රේක්ෂකයො ආදරයෙන් බලා ඉන්න බව අපට වැටහෙනවා. මෙය සත්‍ය කතාවක්. ‘තේජා’ සත්‍ය කතාවක් විදිහටමයි සිනමාවට ගෙනාවේ. නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවල කාන්තාවනට සිදුවෙන අසාධාරණකම් ඔවුන්ගේ අයිතිවාසිකම් නැතිවීම වගේම ගොඩක් කාරණා සත්‍ය ලෙසටම මෙහි කතා කරනවා. මේ අසාධාරණකම්වලට විරුද්ධව වැඩ කරන ගැහැනියක් තමයි තේජා කියන්නේ. මෙහි යටින් ආදර කතාවකුත් ගලාගෙන යනවා. මේ කතාව අදටත් වලංගුයි. දැන් ඉස්සරට වඩා ඒ කර්මාන්තශාලා තත්ත්වය හොඳ ඇති කියා මා හිතනවා.
අපි හැමදාම සිනමාවේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒත් තවමත් ඒවාට කිසි පිළිතුරක් නෑ. මා කියන්නේ එයට පිළිතුරක් සංස්ථාවෙන් දිය යුතුයි කියලයි. සංස්ථාවක් තිබෙන්නේ ඒකටයි. ඔවුන් මෙයට මැදිහත්වෙලා මේවාට උත්තර දෙන්න කියලයි මා තරයේ ඉල්ලා සිටින්නේ. නැත්නම් වැඩක් නෑ. නිෂ්පාදකවරු බොහෝ වෙලාවට මේ නිසා අසරණ වෙනවා. ඔවුන්ට යමක් සිදුවූ විට කතා කරන්න තැනක් නෑ. නිෂ්පාදකයා රැකගන්න ක්‍රමයක් මේ තුළ හුඟාක්ම අඩුයි. අපිට අපි දිහා බලාගන්න ඕනේ. සංසද සමිති, ඕනෑ තරම් තිබෙනවා. ඔවුන් එකතුවෙලා රජයට හරි දේ පවසලා විසඳුම් සෙවිය යුතුමයි. මා හිතනවා ඉදිරියේදි ඒ දේවල් වෙයි කියලා බලමු නේද?
නිෂ්පාදනය පැත්තෙන් කලකිරීමක් තිබෙනවා. ඒත් සිනමාවට ආදරේ පැත්ත කවදාවත් නැතුව යන්නේ නෑ. ඒක වුණත් දැනට නම් මම චිත්‍රපට නිෂ්පාදනයට සහභාගිවෙලා නෑ. රඟපෑමෙන් දායකත්වය ලබාදෙනවා. ඒ රඟපෑමෙන් ලැබෙන මුදල මම නොගෙන එය නිෂ්පාදනය පැත්තට දායක කරගන්නවා. එහෙම තත්ත්වයක් තමයි මා කරන්නේ. සිනමාව ඉදිරියට ගෙනියන්න එයින් මා උදව්වක් කරන්නේ සිනමාවට තිබෙන ආදරය නිසාමයි. මා ඒ දේ කරන්නේ. අලුත් සභාපතිතුමා මේ පිළිබඳව කටයුතු කරයි කියා බලාපොරොත්තුවක් තිබෙනවා. නිෂ්පාදකවරු රැකගන්න කියලයි මා ඉල්ලා සිටින්නේ.’’.
-සමන්ත යහම්පත්-
බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.
හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහ
මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීල
අස්වනු නෙළන යන්ත්‍රයක් විකුණා රුපියල් තිස් හත් ලක්ෂ අනූපන් දහසක මුදල් ලබා නොදුන් බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩාය
මේ දිනවල පවත්නා වර්ෂාව හා පෝෂක ගංගාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අද (01) බදුල්ල මහියංගන මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දමමින් තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇස් දෙක පියාගත්තාම මට මනෝරාණිව මැවිලා පේනවා.