IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


සීතල කේක්

 

නන්තල් කාලයට ගැළපෙන මෙම කේක් වර්ග සති නත්තලට සති 2, 3කට කලින් සාදා ගැනීමට වුවද පු`ඵවන.  චොක්ලට් රසය වැඩියෙන් ඉස්මතු වන මෙම කේක් අමුත්තන්ට වගේම නෑදෑ ගමනකට ගෙනයාමටද සුදුසුය. මෙම කේක්  ශීතකරණයේ තබා පාවිච්චියට  ගැනීමෙන් රසය තවත්  වැඩි වේ.

 

චොක්ලට් මයෝනීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 
පිටි කෝප්ප 2 ක්
චොක්ලට් පවුඩර් කෝප්ප 1/2 ක්
චොක්ලට් කැබලි කෝප්ප 1/2 ක්
බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක්
ආප්ප සෝඩා තේ හැඳි 1 1/4 ක්
ක්‍ෂණික කෝපි කුඩු  තේ හැඳි  1ක්
බිත්තර 3 ක් / මයෝනීස් කෝප්ප 1 ක්
සීනි කෝප්ප 1 ක් / වතුර කෝප්ප 1 1/4 ක්
වැනිලා තේ හැඳි 1 ක් / ලුණු ස්වල්පයක්
චොක්ලට් ගනාෂ් / කුකින් චොක්ලට් ග්‍රෑම් 100ක්
හෙවි ක්‍රීම් ග්‍රෑම් 100 ක් / මීපැණි මේස හැඳි 1ක්


සාදන ක්‍රමය
 බිත්තර සහ සීනි බඳුනකට දමා ගසන්න. එයට මයොනීස් සෝස් එකතු කරන්න.  පිටි, චොක්ලට් කුඩු,  බේකින් පවුඩර්, ආප්ප සෝඩා, කෝපි කුඩු එකට කලවම් කරන්න. මෙම මිශ්‍රණය බිත්තර සීනි මිශ්‍රණයට එකතු කරන්න. වතුර කෝප්ප 1/4 එකතු කරන්න. මෙය බටර් ගාගත් තැටියට දමා සෙන්ටිග්‍රේඞ් 175 උෂ්ණත්වයට  විනාඩි 20, 25 ක් බේක් කරන්න. බේක් කරගත් කේක් එක ටූත් පික් ගසා සිදුරු කරන්න. එය ඉවතට ගෙන නිවෙන්න තබන්න.


චොක්ලට් ගනාෂ්
  සාස්පානකට හෙවික්‍රීම්, චොක්ලට් කැබලි, මීපැණි දමා  යන්තම් අඩු ගින්දරේ උණු කරන්න. දිය වූ පසු කේක් එක වයර් රැක් එකකට දමා චොක්ලට් ගනාෂ් කේක් එක මතට වත් කරන්න. ශීතකරණයේ පැය 2 ක් තබා කෑමට ගන්න. 


 

 

 

පයිනැපල් හෝලි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
පිටි ග්‍රෑම්  250 ක්
සීනි ග්‍රෑම් 250 ක්
එළවළු තෙල් කෝප්ප 1/2 ක්
ලොකු බිත්තර 3 ක්
බේකින්  පවුඩර් තේ හැඳි 2 ක්
වතුර කෝප්ප 1 1/4 ක්
ටොෆින්
ක්‍රීම් චීස් ග්‍රෑම් 250 ක්
විප්ඞ් ක්‍රීම් මිලි ලීටර් 200 ක්
අන්නාසි ගෙඩි 1/2 ක් 
සීනි ග්‍රෑම් 100 ක්


සාදන ක්‍රමය 
බඳුනකට සීනි, තෙල්, දමා ගසන්න. බිත්තර එයට  එකතු කරගන්න. පිටි, බේකින් පවුඩර් එකට හලන්න. එය බිත්තර මිශ්‍රණයට එකතු කර මිශ්‍රකර තෙත මදි නම් වතුර එකතු කරන්න. මිශ්‍රණය තැටියට දමා සෙන්ටිග්‍රේඞ් 175 උෂ්ණත්වයට විනාඩි 35, 40 ක් බේක් කරන්න. කේක් එක නිවෙන්න තබා ස්ට්‍රෝ බටයකින් කේක් එක සිදුරු කරන්න. සිදුරු උඩින්  සීනි සමග ස්ටු කරගත් අන්නාසි වලින්  1/2 ක් දමන්න.  දැන් ක්‍රීම් චීස් සහ විප්ඞ් ක්‍රීම් ගසන්න. එය අන්නාසිවලට උඩින් දාන්න. ඉතිරි කරගත් අන්නාසි ස්ටු  උඩින් දමා  ශීතකරණයේ තබා කෑමට ගන්න.



අදහස් (0)

සීතල කේක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site