IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ප්‍රෙෂර් කුකරයෙන් පොලොස් උයමු

පොලොස් වෑංජනයට කවුරුත් ප්‍රියය. එහෙත් පොලොස් වෑංජන රසට හදන්නට නම් දර ලිපේ පිසින්නට ඕනෑ යැයි බොහෝදෙනා සිතති. එහෙත් එවනි නියමයක් නැත. ගෑස් ලිපේ මෙන්ම ප්‍රෙෂර් කුකුරයේ වුවත් පොලොස් වෑංජනය සෑදිය හැකිය. මෙහි දැක්වෙන්නේ පෙෂර් කුකරයේ පොලොස්  වෑංජනයක් රසවත්ව පිසගන්නා ආකාරයයි.

පොලොස් වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
පොලොස් ගෙඩියක්
මිරිස් කුඩු මේස හැඳි 2 ක්
ගම්මිරිස් කුඩු මේස හැඳි 1 ක්
තුනපහ කුඩු මේස හැඳි 2 ක්
කහ කුඩු තේ හැඳි 1 ක්
ලුණු කුඩු තේ හැඳි 2 ක්
ගොරකා ඉත්තක්
රතුලූනු ගෙඩි 3, 4 ක්
ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
සුදුලූනු බික් 3, 4 ක්
කරද මුංගු කරල් 2, 3 ක්
කරාබු නැටි 2 ක්
කුරුඳු කැබැල්ලක්
කුරුඳු කොළ 2, 3 ක්
රම්පා, කරපිංචා, සේර කැබැල්ලක්
දියකිරි කෝප්ප 2 ක්
මිටිකිරි කෝප්ප 1 ක් 

 


සාදන ක්‍රමය
පළමුව පොලොස් ගෙඩියේ පොතු හැර හතරට පළා එහි වහලු කොටස ඉවත් කර අඟලේ පමණ කුට්ටි කපන්න. එය සෝදා ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු අතගා පසෙක තබන්න. ප්‍රෙෂර් කුකරයට තෙල් මේස හැඳි 2 ක් දමා රත්කරන්න. එය රත්වන විට අබ ඇට තේ හැඳි 1/2 ක් දමන්න. බැදෙන විට කරපිංචා, රම්පා, ඉඟුරු, සුදුලූනු , ලූනු, කුරුඳු දමන්න. තෙම්පරාදු වන විට මිරිස්කුඩු, තුනපහ කුඩු, කහ තෙලට දමන්න. කළු පැහැ වී බැදෙන විට කපාගත් පොලොස් කැබලි දමා කුරුඳු කොළ දමා හොඳින් අතගා දියකිරි සහ මිටිකිරි කෝප්පය දමා ප්‍රෙෂර් කුකුරයේ පියන වසා පැය 1/2 ක් පමණ තම්බන්න. කුරුඳු කොළ දැමීමෙන් පොලොස්වලට රතු වර්ණය ලැබේ. පොලොස් තැම්බී හමාර වූ පසු නැවතත් මෙහි රසය වැඩි කිරීමට මැටි හට්ටියකට පොලොස් ඉවත් කර පොල් කිරි අඬු කෝප්ප 1 1/2ක් පමණ දමා  ලිප තබා  පිසින්න. වෑංජනය ලිපෙන් බෑමට පෙර කළු කුඩු ටිකක් ඉසින්න.

 


කුළු කුඩු සාදන ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය 
කොත්තමල්ලි මිටක්
සූදුරු මේස හැඳි 1 ක්
මාදුරු තේ හැඳි 1 ක්
උ`ඵහාල් තේ හැඳි 1 ක්
අබ තේ හැඳි 1 1/2 ක්
ගම්මිරිස් තේ හැඳි 1 ක්
කරදමුංගු කරල් 5,6ක්
කරාබු නැටි කරලක්
කුරුඳු පොතු අඟල් 3, 4 කැබැල්ලක්
සාදික්කා කැබැල්ලක්
කරපිංචා කොළ 
මිටක්
රම්පා කැබැල්ලක්

 


සාදන ක්‍රමය
මේ සියල්ල වෙන වෙනම කබලේ බැද කොටන්න.    

 



අදහස් (0)

ප්‍රෙෂර් කුකරයෙන් පොලොස් උයමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 480 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 467 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site