IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


’’සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොතක්

පුස්තක මස්තක 20


“සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොත 2023 දෙසැම්බර් මස කර්තෘ ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ කවි 47කින් යුතු කැනඩාවේ එඩ්මන්ටන් හි පදිංචි තමාරා ජයතිලක මහත්මියගේ පුළුල් විවරණයකින් යුතු වේ.  

ජීවිතේ මග කියන තැන්,  සමීප  අවස්ථා  කවියට නැගූ රසවත් කවි පොතක් වන මෙහි කවි කිහිපයක් වෙත මගේ ඇස නැවතුනේ මන්ද යැයි නොදනිමි.  විමසමි ඔබෙන් ඔබත් විමසමින්  නවතින්න.

“ඇයයි රොබරෝසියා රැජිනිය“  මෙම පොතේ (05) වැනි කවිය වන අතර ඒ දිගු කවියෙන් මා සිත නැවතුන තැනක් මෙලෙස රඳවමි. 

“සරාසඳ විත් රැයේ මැදියම
අදත් වැලපෙයි සිමෙන්තිය මැද
සොරාගත්තේ කවුද කිය කිය 
මගේ රොබරෝසියා පෙම්බර   “

“ඇයයි රොබරෝසියා රැජිනිය“  අපූරු කවි පන්තියකි.  පේරාදෙණිය සරසවියේ වළේ පිහිටි රොබරෝසියා ගසේ නික්ම යාම සමීප කොට ගත් ජීවිතයේ මතක අතර ඇවිදින කවියා පෙම්වතුන් උන්මාදයෙන් තෙමෙන රොබරෝසියා වැස්ස ගැන කියයි.  වළේ නාට්‍ය බැලූ ඇයට ආදරය නොකළෝ කවරහු ද?    සඳ ඇති රැය ගත පෙම්වතුන් බුහුමන් කළ ආකාරය මැනවින් ලියා ඇත.  


“පිපෙන්නට ඈ නමින් මිහිමත 
නවමු රොබරෝසියාවක් වී
මියෙන දිනකදි මගේ හදවත
නිදන් කළ මැන ඇය විසූ තැන“

රසවත් සරසවි ප්‍රේමයක මතක අවුස්සන කවියා ඒ මතක අතර අප ද අතරමං කිරීමට සමත් වේ.  එමෙන්ම කවියාගේ පැතුම හැඟීම්බරය.  රොබරෝසියාට ආදරේ කළ තරම එයින් මැනවින් පැහැදිලි වේ.  

ප්‍රේම පත්‍ර (06)  කවියෙන් මා සිත්ගත් කොටස මෙලෙස රඳවමි.

“ලස්සන සුදු රෝස මලක්
ඔබෙ කෙහෙරල තුළ රන්දා
හිනාවෙන්න හැකිනම් ළඳ
අප සෙනෙහස එක්තැන් වූ 
පුංචි පුතුගෙ මුදු සිනහවෙ
ජීවිතයේ අරුත ඇතැයි
සිතාගන්න හැකිනම් ළඳ“

කවියා එදා දුන් “ප්‍රේම පත්‍ර“ නොබලා ඒ ප්‍රකාශ මගින් ලබා දුන් ඉටු නොවුණු සැබෑ නොවුනු පොරොන්දු කෙරෙහි  ළතැවුල් නොගෙන පුංචි පුතුගෙ මුදු සිනහවෙ  ජීවිතේ අරුත තිබෙන බවත් ලියැවුණු  කවියකි.  පෙම් පත් එලෙසය.  තාරුණ්‍ය⁣යේ පෙම්පත් එදා ලියුවද ඒ පෙම් පත් වල රැඳී තිබුණේ  අව්‍යාජ පැතුම් හා සිහින සිතුවිලිය.  සිතුවිලි බලාපොරොත්තු යන මැයෙන් තම ජීවිත කාලය තුළ දී ඉටුකර ගත හැක්කේ අංශු මාත්‍රයකි.  ඉටුනොවුණු දේ ගැන නොතැවී ඉන්නැයි කවියා තම ප්‍රේමියට පහදා දෙයි.  ජීවිතයේ යථාර්ථයට මුහුණ දීම වටිනා බව එයින් පැවසේ.  

එමෙන්ම “වැට ගාව සිට ලියමි“ යන මැයෙන් තවත් අපූරු කවියකි.  එය මෙම පොතේ (08) වැනි කවිය වන අතර එහි මා සිත්ගත් කොටස මෙලෙස රඳවමි.

“එකම හිරු - එකම සඳු
එළිය දෙන ලෝකයක
කටුකම්බි වැට දෙපස 
අප දෙදෙන
දෙපැත්තක් බලාගෙන

ඔබත් ඔබෙ සිරගෙය තනාගෙන
මමත් මගෙ සිරගෙය තනාගෙන“ 

දේශ සීමා පසුකොට ගලමින් යන සුප්‍රසිද්ධ ගංගා තිබුණ ද හිම මිදුණු තුරු වදුලු අතහැර සියොතුන් පියඹා ගියද  ලොවට එළිය දෙන එකම සඳු නැගෙන වෙලාවක කටුකම්බි වැට දෙපස සිට දෙදෙනාම තම තමන්ගේ සිර ගෙවල්වල සිරවී ඇති බව කවියා  පවසයි.  සත්‍ය වශයෙන්ම අපි  සැවොම අපට පුද්ගලික සිරගෙවල් තනාගෙන සිටින බව කිසිවෙක් නොදැනීමයි අරුමය.  

මෙලෙස ගලා යන කවියාගේ කවීත්වය ජීවිතේ හැම තැනම නැවති නැවතී විමසයි.   වෙද හාමිනේලා, දැඩිසත්කාර ඒකකය, හුළං විස්කෝතු, එරන් කරඬුව , හිස් තැනට ආ තනිකම  හා අම්මාගේ සොහොන මා සිත් ගත් තවත් කවි කිහිපයකි.



අදහස් (0)

’’සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1612 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1388 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 492 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site