IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


’’සකිය මධුවිත’’ සිත මුසපත් කළ නවකතාවක්

පුස්තක මස්තක

 

 කෘතිය  :  සකිය  මධුවිත

කර්තෘ:   ආරියරත්න  විතාන

ප්‍රකාශනය :    ග්‍රැෆිකෙයා
                                            


      රසය පිළිබඳ අවසන් නිර්වචනයක් හෝ රස නිෂ්පත්තිය  පිළිබඳ අවසන් විනිශ්චයක් හෝ තවම නිපැද වී නැත. එබැවින් සීමා මායිම් තුළ කොටු නොවී හෘද සාක්ෂියට එකඟව යම් නිර්මාණයක් විඳීමේ  අයිතිය තවමත් අප තුළ පරිස්සම් ය. මේ පරිස්සමේ අගය අලුතෙන් මා තුළ අවදි කළේ සකිය මධුවිත නම් වූ අපූරු නවකතාව ය. ඔව් .එය හැඳින්විය හැකි විශේෂණ පදය අපූර්ව යන්නය.

        ඒ.විඳීමේ උණුසුම පහව යන්නට කලින් ඒ හැගීම් අකුරු කළ යුතුයැයි පෙළ සටහන ලියම්න් සිටියදී මාර්ග බාධයක් හමුවිය.ඒ කෘතිය සමාජ ගතවීම පිළිබඳ පූර්ව නිවේදනයයි. සමාජ ජාලයේ හදිසියේ මුණ ගැසුණු එහි,, " දූෂණය විචිත්‍රය. විඳින්න. එය ස්පර්ෂ කරන්න." යන උධෘතය විය. එහි යම් වෙනසක් විය යුතුයැයි මට සිතිණ. කොතැනකවත් දූෂණය විචිත්‍ර නැත. එයසමාජ පිළිලයක් පමණි. එය විඳිණු බැරිය.අන්වීක්ෂයකින් දකින්නා සේ ඒ පිළිලය නිර්මාණය වන හැටි අපට නිරීක්ෂණය කළ හැකිය. ආරියරත්න විතානයන් සකිය මධුවිත පුරා කරමින් සිටින්නේ ද එයයි.

     සකිය යනු මිතුරා ය. මධුවිත යනු මත්වීම සඳහා පානයකි. මෙම කෘතිය ඉක්මනින් විඳින්නට මගේ කුහුල වඩවාලූයේ ද මේ ආමන්ත්‍රණයයි.මට දැන ගන්නට මුලින් ම අවැසි  වූයේ, නවකතාවය, කෙටිකතාව ය, පරිවර්තනය, සිනෙමාවය, වේදිකාවය  ඈ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රමාණික දැනමුත්තකු වූ  මේ පරිණත මිනිසා  තුළ මධුවිතට ආලය කිරීම ගැන ලියන්නට තරම් විභවයක් අයත් වූයේ කෙසේදැයි යන්නය.ඊ ළඟට ගිනිඅවි, සොරකම, ලිංගික බලහත් කාරය, බුදුදහමට පමණක් ගැරහීම වැනි වර්තමානයේ උත්කර්ෂයට නංවන රැඩිකල් රැල්ලට එකතු වීමට ඔහුට අවශ්‍ය වූයේදැයි  යන්නය.

         එහෙත් අප වැරදිය.පූර්ව නිගමන බොහෝ විට වැරදිය.

         අප මෝහනය කරන්නට කිසිදු නවකතාකරුවකුට නොහැකි ය. එහෙත් මුසපත් කරන්නට පුළුවන.මේ කතුවරයා  සකිය මධුවිත ඔස්සේ ගතානුගතිකත්වයෙන් ඔබ්බට පොලාපනී.සම්ප්‍රදාය වෙනුවට නව්‍යකරණය එන්නේම බලාපොරොත්තු කරා හඹා යාමට මිනිසාට තිබෙන අසීමාන්තික ආසාව බව පිළිගන්නා ඔහු  ඒ ඔස්සේ සොයායාම අරඹයි.අපට වැදගත් දේ ඔහු සොයා යන්නේ මොනවාද යන්නය.

          දිග හැරෙන වෘතාන්තයයේ සන්දර්භය මෙන්ම  ආකෘතියද මනාව කළමනාකරණය කරගනිමින්, අවශ්‍ය පාත්‍රවර්ගයා මනාසේ හසුරුවමින් ඔහු සොයා යනදේ කෙටියෙන් විස්තර කළ නොහැකි වූවත් , මා මුසපත් කළ දේ මට කිව හැකිය. මා අවදි කළේ සකිය මධුවිත තුළ පෙනි පෙනී නොපෙනී සිටින සමාජ යථාර්තය යි.සැබැවින්ම එය දේශපාලනිකය.

         ව්‍යාපාරික ක්ෂේත්‍රයෙහි ස්වෝත්සාහයෙන් ඉහළට නගින තරුණ යුවළකි.අන්තිමේදී උතුරන්නට සල්ලි ඇති ධනපතියන් බට පත්වෙයි.ඇඟලුම්, එළවළු, මස් වෙළෙඳාම ඔස්සේ ඉහළට ගිය ඔවුන්  මත්බීම වෙළෙද ක්ෂේත්‍රයෙහි අන් අයගේ ඇස නොගැටෙන ඉසව්වක් ජයගන්නට අදහස් කරයි. එනම් වැඩිපුර සල්ලි අත නොගැසෙන මැද සහ කම්කරු පන්තියේ මත් ලෝලීන්ට , නවීනත්වයට ගැළපෙන පහසුකම් සහිතව, ඔවුන්ගේ අභිමානට වැඩෙන අයුරින් සුව පහසු අසුන්වල වාඩිවී සංගීතයට සවන් දෙමින් මධුපානය කළ හැකි රෙස්ටොරන්ට් එකක් අත්හදා බලන්නටය.ඔවුන් ඒ සඳහා මිතුරෙකුගේ සහයෙන් රත්නපුර නගරයට ආසන්නයේ ගරාවැටුණු පරණ වලව්වක් මිල දී ගනී. එය මනා සේ ප්‍රතිසංස්කරණය කරයි.සැඟවීමකින් තොරව ඔවුන්ගේ අරමුණු ගැන කතා කරයි.එනම් පාරිභෝගිකයාට අඩුමිලට සේවා පහසුකම් සැලසීමයි.
                        සකිය මධුවිත
යනු මේ රෙස්ටෝරන්ට් එකට  යොදන  නමයි.

ප්‍රතිසංස්කරණයට ආ කම්කරු සේවකයකු මගින් මේ ආරංචිය නගරයේ, ලාභ ලැබීම එකම අරමුණ කරගෙන සුරාසල් පවත්වාගෙන යන සුරාසල් හිමියන් තිදෙනෙකුගේ කන්වලට යයි.

        සැබවින්ම සකිය මධුවිත  ඇරඹෙන්නේ එතැන් සිටය.

         මේ අලුත් බීම සලේ  බීම බලපත්‍රය අහෝසි කිරීම උදෙසා ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේගේ  මූලිකත්වයෙන් ඔවුහු විරෝධතා සටනක් අරඹති.

         බාර් හිමියන් තිදෙනකු, එක් බාර් හිමියකුට එරෙහිව ඇරඹි ඒ සටන සුළුපටු නොවේ.එය සැබවින්ම ප්‍රහසනකාරීය.

         තරුණ පරපුර  මත් රකුසාට බිලිදෙන, තරුණයන් පන්සලෙන් ඈත් කරවන මේ බේබදු බලපත්‍රය  අහෝසි කිරීම උදෙසා, ඒ ඒ ආයතනවල දැන හඳුනන්ගේ උදව්වෙන් ජනාධිපති මාධ්‍ය ඒකකයේ ද, සියලුම පෞද්ගලික රූපවාහිනී නාලිකාවල හා පුවත්න්පත්වල ද උදව්වෙන් රට ජාතිය  බුදුදහම හා තරුණ පරපුර බේරා ගැනීම සඳහා සකිය මධුවිත බලපත්‍රය අහෝසි කිරීමට ගෙනයන මේ ජාතික ව්‍යාපාරය   අවසානයේ  මල්වතු  අස්ගිරි අවධානය  දක්වා ව්‍යාප්ත වෙයි.  

         ඉතිරිය ඔබට සකිය මධුවිත කෘතියෙන් බලා ගන්නට ඉඩ හරිමි.

        ආරියරත්න විතානයන්  මේ  තරුණ පරපුර හා බුදු දහම බේරා ගැනීමේ මේ ජාතික සටන ඉතා විනීත ආකාරයෙන්, කිසි තැනක් මග නොහැර  විශිෂ්ට ලෙස සකිය මධුවිත තුළ ගොඩ නගන්නේ මැජික් කාරයෙක් සේය. ඒ  ඔහුට අනන්‍ය වූ විශිෂ්ට භාෂා වාදනයකිනි. එක වදනක් වත් මග නොහැර  තලු මරමින් මා සකිය මධුවිත වින්දේ කෑදර සිතකිනි.

        නවකතාකරුවෙකුගේ වගකීම්  අතරෙ ම්නිස් මනස අවදිකිරීමත්  එකකි. ආරියරත්න විතානයන් විවිධත්වයේ ඒකමිතිය තුළ, ම්නිස් සත්තාව අවබෝධ කරගනිම්න් මා වෙත පෑ මේ සෞන්දර්‍යාත්මකබලහත්කාර කම බොහෝ  දේවල්  ගැන නැවතන්  සිතන්නට මා  පොලඹවයි.බාර්කාරයන් තිදෙනකු එකතු  වී සංඝරත්නය හා තරුණ පරපුර පාවිච්චි කරම්න්   එක් බාර්කරුවකුගේ බලපත්‍රය තහනම්  කිරීමට  ගෙනයන  මේ සටන ඇත්තටම ප්‍රහසනයකි ..  එය නාට්‍යානුසාරය. මින්   ඉදිරියට  රට ආගම තරුණ කැල බේරාගැනීමේ සටන දුටු  මට  සකිය  මධුවිත  ඉබේ සිහිපත් වේවි.

අලුත් ආරක අත්දැකීමකින් මා සන්තර්පණය කළ  සකිය  මධුවිත  මම  අගයමි.



අදහස් (0)

’’සකිය මධුවිත’’ සිත මුසපත් කළ නවකතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site