IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලොව වටා දැනුම බෙදන ’’අකුරු’’

පුස්තක මස්තක - 8

 

අපූරු වස්සාන සමයක ලෝක ඉතිහාසය අතරේ ඇවිද යන එක සුන්දර අත්දැකීමක් වේවි. ජනේලයෙන් වැටෙන වැස්ස දිහා බලා බලාගෙන ලෝකය දිගේ පොතක් හරහා සංචාරය කරමින් සුන්දර ඇල්ප්ස් කඳුවැටියෙන් පටන්ගෙන හිමාලය දක්වාත්, අප්‍රිකාවෙන් ඇරඹී රුසියාව දක්වාත් යන්නට නම් ඔබට එක පොතක්ව ප්‍රමාණවත්.

ආචාර්ය මැල්කම් සංඝක්කාර (මැල්කම් සන්ග්)මහතා විසින් සම්පාදනය කරපු මෙම "අකුර" කෘතිය මෑත කාලයකදි විදෙස් විත්ති හා ඉතිහාස කතන්දර ගැන ලියවුණු හොඳම කෘතියක්. මෙහි ඇතැම් සිදුවීම් කාලයේ වැලිතලාවෙන් වැසීගියත්, මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට ඒවායින් ලැබුණු දායකත්වය සුළුකොට තකන්නට බැහැ.

මැල්කම් සිය ෆේස්බුක් බිත්තියේ ලියන ලද සටහන් විශාල ප්‍රමාණයක් අතුරින් තෝරාගත් කතන්දර හැටක් පමණ මෙයට ඇතුළත් කර තිබෙනවා. ඒවා පොතට තෝරා ගැනීමේදී ඔහු පරෙස්සම් වී තිබෙනවා. දේශපාලනය, විද්‍යාව, ඉතිහාසය, භූගෝලය, සාහිත්‍යය, සිනමාව, සොබාදහම සහ දර්ශනය වගේ විවිධ ක්ෂේත්‍රවල පැතිරුණු කතන්දර මෙහි අන්තර්ගතයි. ඇතැම් සිදුවීම්වල සුලමුල පාඨකයා දැනගන්නේ පළමු වතාවට විය හැකියි. ඇතැම් ප්‍රකට සිදුවීම් මතක තිබුණාට සිද්ධිය හරියාකාරව මතක නැති අයටත් මේක වැදගත්.

ලෝකයේ නම ගිය යුද්ධ, ශිෂ්ඨාචාර සම්බන්ධ දැනුම මෙහි සරලව හා රසවත්ව අන්තර්ගත කරල තිබෙනවා. කියවන්නෙකුට ප්‍රියකර, සරල සහ ලිහිල් බස්වහරක් මුළු කෘතිය පුරාම දක්නට ලැබෙනවා. රසවත් චොක්ලට් පෙත්තක් වගේ හැම කතාවක්ම කියවල හිමිහිට විඳින්න පුළුවන්. ඉතිහාසය පිළිබඳ දැනුම සහ මානවවාදී බව මෙහිදී මැල්කම් මොනවට විශද කරනවා.

වැඩිය කතා නොකර අපි මැල්කම් ලියන්නෙ මොනවගේ දේවල්ද බලමු.

රැකියාවෙ සගයෙක් ජපානයට යන​ව හදිසියේම සංගීත සංදර්ශනයක් බලන්න. මාස කීපයක් තිස්සෙ දිල්ලියට යන්න තියන රාජකාරි ගමනක් කල් දාමින් ඉන්න අපේ මිත්‍රයාට ඉන්දියානු කවුන්ටරෙන් කියනව ජපානයට යන අතරතුර දවස් දෙකක් දිල්ලියේ නැවතිලා.. ඉන්පස්සෙ ජපානයට යන්න කියලා.

වෙන් කරන ලද ගුවන් යානා සමාගම යන්නෙ ඉන්දියාව හරහා නෙවේ කියල මේ මනුස්සයා කොයිතරම් පැහැදිලි කරන්න හැදුවත් අපේ ඉන්දියානු මිත්‍රයාට ඒක තේරෙන්නෙ නෑ.

යුරෝපයේ ඉඳල ජපානයට යන ගුවන් යානා බොහොමයක් යන්නෙ උත්තර ධ්‍රැවය හරහා මිස ආසියානු කලාපයෙන් නෙවෙයි කියල වැඩි දෙනෙක් දන්නෙ නෑ.

කතන්දරය ඒක නෙවේ..ජපානයේ කට්සුමායා නගරයේ පැවත්වෙනව කිටාරෝගෙ සංගීත සංදර්ශනයක් කිටාරෝගේ ඔකෙස්ට්‍රා සංගීතය ජීවිතයේ එකවරක් හරි රස විඳින්න ඕනෙ වර්ගයේ බොහොම අපූරු සංගීතයක්.

නිව් ඒජ් ( New Age ) සංගීත‍යේ රසය ලෝකයට හඳුන්වාදෙන්නෙ කිටාරෝ කීවොත් වැරදි නෑ.

සිල්ක් රෝඩ් කියන්නෙ කිටාරෝගෙ විශිෂ්ටතම නිර්මාණ එකතුවක්.

ඔඒසීස් - (Oasis 1979)

සිල්වර් ක්ලවුඩ් - (Silver Cloud 1983)

ඩ්‍රීම් - (Dream 1992)

තින්කින්ග් ඔෆ් යූ - (Thinking of you 1999)

ටුවර්ඩ්ස් ද වෙස්ට් වගේ සංගීත සංචාර ඇල්බම් කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ.

සමහර සංගීත ඇල්බම් භාවනාවන් වගේ.

මතක විදිහට කිටාරෝ අන්තිමට කරපු ඇල්බම් එක American Indian "Storyteller".

කොහොම වුනත් සිල්ක් රෝඩ් තරම් හිතගිය නිර්මාණයක් තවම ඇහුවෙ නෑ.

කැරවෑන් Caravan මම කැමතිම ... නිතරම අහන ගීතවලින් එකක්.

අනිත් විශේෂත්වය තමයි කිටාරෝගේ සංගීත සැඳෑව පැවත්වෙන්නෙ බෞද්ධ පන්සලක.

පන්සලේ එක් බිත්තියක ඩිජිටල් චිත්‍ර හා වීඩියෝ සංදර්ශනය සංගීතයට සමගාමීව පැවැත්වෙනවා ප්‍රොජෙක්ටර් ආධාරයෙන්.

මට මතක් වෙන්නෙ ජිනීවා නගරයේ බැසිලිකාවෙ පැවැත්වෙන සංගීත උත්සව.

ඇත්තටම පල්ලි පන්සල් තියෙන්න ඕනෙ මිනිසුන්ව සතුටු කරන්න... නිදහස හොයල දෙන්න මිස ලෝකෙ නැති විකාර නීතිවලින් සීමා කරන්න නෙවේ. වාසනාවකට බුද්ධිමත් සමාජ සහිත රටවල ජනතාව වගේම පූජක පක්ෂය යත් මේ වුවමනාව වටහාගෙන තියනවා.

පන්සල් පල්ලි කියන්නෙ තවදුරටත් මොළ හූරාකන .. නීති රීතිවලින් මිනිස්සු අතරමං කරන අඳුරු ස්ථාන නොවිය යුතුයි.

අවුරුදු දාස් ගාණකට කලින් ලියපු පොතක් දෙකක් අල්ලගෙන සමහර මිනිස් ඛාණ්ඩ තමන්ගෙ ජීවිතේ විතරක් නෙවෙයි අනුන්ගෙ ජීවිතත් අඳුරු කරන යුගයකයි අපි තවම ජීවත් වෙන්නෙ.

ඒ පොත පත නිසා මිනිස්සු යුද්ධ කරනව ජීවිත කාලය පුරාම.

සංගීතය ගැන කතා කරන්න ගියත් අනවශ්‍ය ආගම් ගැන ඉබේම ලියවෙනවා.

කිටාරෝගේ මැජික් සංගීත සැන්දෑව පැවැත්වෙන දයිශාන් සෙයිඩාජි පංසල ( Daishizan Seidaiji Temple ) පිහිටල තියෙන්නෙ කට්සුයාමා නගරයේ.

මේ පන්සල කැපකරල තියෙන්නෙ එශිසෙන් නම් බුදුවරයා වෙනුවෙන්. ( Echizen Great Buddha).

1953 වසරේ උපන් කිටාරෝගේ උපන් නම Masanori Takahashi. අද වෙද්දි මේ අපූරු නිර්මාණකරුවාට වයස අවුරුදු හැත්තෑවක්.

කුමන නිර්මාණකරුගේ සංගීතයටද වඩා කැමති කියල කවුරු හරි ඇහුවොත් ඒ කියන ලයිස්තුවේ...

එනියෝ මොරිකෝනෙ.. අන්තෝනියෝ විවාල්දි... රිචාර්ඩ් වැග්නර් වගේම කිටාරෝත් ඉන්නවා.

 



අදහස් (0)

ලොව වටා දැනුම බෙදන ’’අකුරු’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site