IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ලංකාවේ ක්‍රිකට් පොලිෂ් කළ සුද්දා

 

An islands eleven

මේ දිනව අපට නිතර ඇසෙන මාතෘකාවක් වන්නේ ක්‍රිකට්. ඊට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ලබන ජයග්‍රහණ හේතුවෙන් මෙරට ප්‍රේක්ෂක ප්‍රජාව ක්‍රිඩාව නැරඹීමෙන් යම් වින්දනයක් ලබන බව දක්නට ලැබීමයි. අද පුස්තක මස්තක තතීරයට අප තෝරගත්තේ අපේ රටේ ක්‍රිකට් ගැන කියැවෙන අපූරු කෘතියක්.

ශ්‍රී ලංකාව ක්‍රිකට් එක්දින ලෝක කුසලානයක් දිනාගත්ත ද ඒ පිළිබඳව හෝ අපේ රටේ ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව සිංහල බසින් කිසිදු කෘතියක් නිකුත් වී නැහැ. අසල්වැසි ඉන්දියාව සිනමා කෘති පවා නිර්මාණය කළ ද, මෙරට එවැනි කිසිදු උත්සාහයක් දක්නට ලැබී නැහැ. එය කනගාටුවට කරුණක්. එහෙත් දශක හතරකට වැඩි ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන ලියැවෙන්නේ, සුද්දෙක් අතින්.මේ අනුව

නිකලස් බෲක්ස් මහතා විසින් රචිත An island's elevan  කෘතිය පිළිබඳව අද කතාබහට ගැනෙයි. එහි දී A History of Cricket in Sri Lanka  යනුවෙන් පොතේ නමට යටින් යොදා ඇති වැකිය පොතේ අන්තර්තය ගැන ඉඟියක් සපයයි. ඇත්ත වශයෙන්ම මෙය ශ්‍රී ලංකා ‘ක්‍රිකට් බයිබලය’ යනුවෙන් හැඳින්වීමේ වරදක් නැහැ. ඊට හේතුව, මෙරට ක්‍රිකට් ආරම්භය සිදුවූයේ වර්ෂ 1832 පමණ ඈත භාගයේ බ්‍රිතාන්‍ය පාලකයන් අතින් බව සාක්ෂි සහිතව මෙහි සනාථ කොට තිබීමයි. එදා සිට 2014 වර්ෂය දක්වා කාණ්ඩ හයක් යටතේ මාතෘකා පනහක් ඉක්මවා යමින්, මෙම කෘතිය සංග්‍රහ කර තිබෙනවා . මෙම කෘතිය කියැවීමේදී අප මෙරට ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් හඳුනාගෙන ඇත්තේ ක්‍රිඩක නම්-ගම් කිහිපයක් පමණක් බවත්, නමුත් ඊට යටින් විශාල කතාන්තරයක් ඇති බව ද බෲක්ස් අපට පෙන්වා දෙනවා.එමෙන්ම ක්‍රිකට් ක්‍රිඩාව පිළිබඳ හදාරන්නන්ට, පර්යේෂකයන්ට ද මෙය එකසේ වැදගත් කෘතියක්.

එලෙසින්ම මෙම කෘතියේ අපේ රටේ ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීම, කුමන්ත්‍රණ, දේශපාලනය, තහනම් දකුණු අප්‍රිකා සංචාරය, ලෝක කුසලානයේ තිරයේ පිටුපස කතා ආදී කාරණා රැසක් අන්තර්ගත කර තිබෙනවා.පෙන්ගුයින් සමාගම විසින් ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්කර ඇති මෙම කෘතිය පිටු 579 කින්  සහ දුර්ලභ ඡායාරූප රැසකින් යුක්ත වන අතර රචනයේදී ඉතා සරල, රසවත් භාෂාවක් බෲක්ස් ඊට යොදාගෙන තිබෙනවා.මෙහි කරුණු සපයා ගැනීමේදී ඔහු ජීවමාන ක්‍රිකට් පුරාවෘත්ත රැසක් සම්මුඛ සාකච්ඡාවට ලක්කර ඇති අතර, ලිපිලේඛන විශාල ප්‍රමාණයක් විමර්ශනයට ලක්කොට තිබෙනවා.මෙය පර්යේෂණ කෘතියක් ලෙස සම්පාදනය කැර ඇති මුත් සාමාන්‍ය කෘතියක් ලෙස කියැවිය හැකි ලෙසින් නිකලස් බෲක්ස් සංග්‍රහ කර තියෙනවා . එය පසුගිය වසරේ හොඳම ක්‍රීඩා සාහිත්‍ය කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වීමත් විශේෂත්වයක් .

මෙම කෘතියේ අන්තර්ගත රසවත් කතන්දර සයිබර් අවකාශයේ, ෆේස්බුක් බිත්තියේ පළවනු දුටු බැවින් මෙම කෘතිය කෙරෙහි අපේ අවධානය යොමුවුණා. මෙම කෘතිය මෙරට පාඨකයන් දැන හඳුනාගන්නේ විශේෂඥ වෛද්‍ය, සම්මානිත පරිවර්තක පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා විසින් වසර කිහිපයකට පෙර ෆේස්බුක් වෙත එක්කළ සටහනක් හරහා බව දැනගන්නට ලැබුණා . පසුව මෙහි රසවත් කොටස් පියවරෙන් පියවර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිළිණ රුවන් මලලසේකර විසින් සිංහල බසින් තවද රසවත් කොට ෆේස්බුක් අවකාශය වෙත මුදාහැර තිබුණ . අප මෙහි දී උපුටා දක්වන්නේ එහි පළවූ පරිවර්තනයක කොටසක්.

අදින් ශතවර්ෂ එකහමාරකටත් එපිට, එනම් එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල අග භාගයේ පැවැත්වුණු, රාජකීය - ශාන්ත තෝමස් පාසල් ක්‍රිකට් තරගය පහත සඳහන් රස කතාවට පාදක වෙයි.

”... පසුව මෙම ක්‍රීඩා තරගය දෙදිනක් පුරා පැවැත් වුණු අතර, එහි සහභාගීත්වය පාසල් දෙකෙහි සිසුන්ට පමණක් සීමා විය.

දුර්වල පිතිහරඹයන් හා තණකොළ  නොකැපූ, අනතුරුදායක විකට්ටුත් හේතුවෙන් කණ්ඩායම් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාම දිගටම සිදු විණි.

තරගවල රැස් කෙරුණු ලකුණු ප්‍රමාණය අඩු වූ නමුත් ශ්‍රී ලාංකික කොල්ලන්ගේ මේ ක්‍රිකට් ක්‍රීඩා සැණකෙළිය මහජනයාගේ මනසට කෙමෙන් කෙමෙන් ගෝචර වන්නට පටන් ගැනුණි.

ස්වදේශිකයෝ රහසින් තරගවලට ඔට්ටු ඇල්ලීමට පටන් ගත්හ. ඒ තම කාසි පොල්කටු තුළ සඟවා තබා ගනිමිනි.

එහිදී වඩාත් ජනප්‍රියම ඔට්ටුව වූයේ පිතිකරුවන් කී දෙනෙක් ලකුණු නොලබා දැවී යාවිද යන්නයි.”



අදහස් (0)

ලංකාවේ ක්‍රිකට් පොලිෂ් කළ සුද්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1971 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site