IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සියපතක රැඳි කවි : කපිල කුමාර කාලිංගගේ නවතම කෙටි කවි එකතුව

පුස්තක මස්තක

කපිල කුමාර කාලිංග නමක් දිනා ගත් ප්‍රබන්ධ රචකයෙකි. එමෙන්ම අමතක නොවන ගීත කීපයක් ලියූ  ගීත රචකයෙකි. එබඳු කෙනකු කෙටිකවි ලිවීම තුළින් පෙනෙන්නේ එකී ශානරය සතු කිසියම් සුවිශේෂ ගුණයක් ඇති බවයි . මේ සමග ඇති ඉංග්‍රීසි කෘතිය කපිලගේ මීට පෙර කෙටිකවි එකතුවේ ඉංග්‍රීසි පරිවර්තනයයි . ඒ පරිවර්තනය සිදු කර ඇත්තේ මාලින්ද සෙනවිරත්න විසිනි. මාලින්ද සෙනවිරත්නට එකී සිංහල කෙටිකවි එකතුව හමුවන්නෙ මා ලියූ සටහනක් නිසා වීම මට සතුට ගෙන දෙයි. තමන්ට අවනත කෙනකු දෙන්නකු ගැන ලියමින් ඒවා සාධාරණීකරණය කරන්නට බෂෝ, බූසෝන් ,ශිකී, ඉසා වැනි විශිෂ්ට කවියන් ද යොදා ගන්නා පසු බිමක අප කළ යුතු වන්නේ කාගේ නමුත් හොඳ දෙයක් දුටු විට අගය කිරීමයි. එහෙත් ලක්ශාන්ත අතුකෝරල,මාලනී කල්පනා ඇම්බ්‍රෝස් වැනි මනා අවබෝධයකින් යුතුව කෙටිකවි ලියූ අය ද ඇතැමෙක් මග හැර යති.

                               
            ලියන මේසය  මත
           ඇති රවුම්
           ගලින්
           දකිමි
          ගං පතුළ

             සාමාන්‍යයෙන් අලංකාරයට මේසය මත තබා ගන්නා සිනිඳු ගලක් නිමිත්ත කර ගන්නා මේ කවිය ගලක් අනාදිමත් කාලයක් තිස්සේ ගංපතුලක ඒ සිනිඳු බව අත්පත් කර ගන්නා ක්‍රියාවලිය වෙත පවා අපේ සිතිවිලි මෙහෙයවයි .  මේ කවිය කියවන විට විලියම් බ්ලේක්ගේ කවියක කොටසක් මතකයට එයි.

           " To see a world in a grain of sand and a heaven in a wild flower,hold infinity in the palm of your hand and eternity in an hour "
                              සැබැවින්ම කපිල මෙහි  දී දරන්නෙ එබඳු ප්‍රයත්නයකි.
                              බෂෝ නම් ප්‍රකට කවියාගේ හයිකුවක් පහතින් දැක්වේ.

         The way it appears 
         this time is special
         Fuji in May

             හිම දියවන සමයක ෆූජි කඳුවැටිය දැකීමෙන් ඇති වූ ප්‍රහර්ෂය මෙහි දී බෂෝ අප වෙත ගෙන එයි. කපිල කුමාරගේ කවියක් බෂෝගේ ප්‍රයත්නය අපට සිහිපත් කරයි.

            සතුටිනි මසිත
            අද පැහැදිලියි
            ඈත
           කඳු දසුන

පුහුණු රසිකයකුට මේ කවිය කඳු දසුනේ පැහැදිලි බව ඉක්මවන භාවමය සම්පත් ප්‍රදානය කරයි .
කපිල සිය කෙටිකවි තුළ ඇතැම්විට කුඩා නිරීක්ෂණයක් පමණක් අප වෙත ගෙන එයි. එහෙත් ඒ සෞන්දර්‍යාත්මක මොහොත අප සිත විවිධ ඉසව් වෙත රැගෙන යාමේ  ගුණයකින් යුක්තය. පහතින් දැක්වෙන්නේ එබඳු කවියකි.

          අහසින් වට
          පියාපතක්
          ගං දිය මත
          අරඹයි
          වෙනත් ගමනක්


                 මෙබඳුම නිරීක්ෂණයක් සහිත කවියක් රුවන් බන්දුජීව ලියා ඇති බව ද මතකයට එයි.

             පරවී ඇද වැටුණු පසුවයි
            ඇවිදින්න පටන්ගත්තේ 
              තුරුපත්

            පරව දිය මත
             ඇද වැටුණු පසු
          හැම නෙලුම් මල් පෙත්තක්ම
            ඔරුවක්

                   කපිල ලෝකය දෙස බලන්නේ හුදෙක් මානව කේන්ද්‍රීය ඇසකින් නොවේ. මේ එබඳු නිමැවුමකි මේ

            පාත්‍රය අග රැඳි
            බත් සුඟක්  ගෙන
            ඉවත යයි 
             කුහුඹුවෙක්

                      සියලු සත්ත්වයෝ නිදුකවෙත්වා යැයි ප්‍රාර්ථනා කළ ශාස්තෘවරයකුගේ දහම මේ ක්ෂුද්‍ර කවිය තුළ පණ ගැහෙන්නේ නොවේද?   කපිලගේ  කෙටි කවියේ ශෘංගාරාත්මක  මොහොතවල් ද හමුවෙයි.

         දුහුල් 
        කවුළු තිර
         වැළඳ
         සඳ එළිය
        අනග රැඟුම්ක

                    
            ඇතැම් විට අපේ ගතානු ගතික අදහස් දෙස උත්ප්‍රාසාත්මකව බලන්නට ද කපිල පෙලඹෙයි. පහත නිමැවුම  එබන්දකි.

        ඉවත ලන්න
        ඔය සුදු රෙදි කඩ
       මේ ඇගේ
         දෙවන විවාහය

                 කපිල කුමාර කාලිංග බඳු ප්‍රවීණයකු කෙටිකවිය බඳු අඩවියක් තුළ සිය ප්‍රරතිභාව උරගා බැලීම අපගේ ඉමහත් සතුටට හේතු වන බව ගෞරවයෙන් සටහන්  කර තබමි.



අදහස් (0)

සියපතක රැඳි කවි : කපිල කුමාර කාලිංගගේ නවතම කෙටි කවි එකතුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site