(විනීතා එම් ගමගේ)
උප ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී බරපතල ලිංගික අපචාර චෝදනාවකට වරදකරුවී වැඩ තහනමකට ලක්වූ පුද්ගලයෙක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා අංශභාර උපදේශකවරයෙකු ලෙස පත්කර ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
1983 වසරේ මරදන්කරඩවල විද්‍යාලයක 9 වසරේ ඉගෙගනුම ලැබු දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති මෙම තැනැත්තා එකී සිද්ධිය නිසා වැඩ තහනමට ලක්ව ඇති අතර ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් එවකට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සිදුකර තිබිණි. ඔහු වරදකරු බවට පත්වී ඇත්තේ මෙම පරික්ෂණයෙනි.
ඒ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කි‍්‍රයාත්මක කරන වත්මනේ පවතින නීති නොතිබු අතර අදාල පුද්ගලයා වරදකරු බවට පත් කර ඇත්තේ එවකට පැවැති සාමාන්‍ය නීතිය මඟින් පමණකි.
මෙම උපදේශකකවරයා වනිතා කටයුතු ඇමතිනිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර එවීම පිළිබඳව එම අධිකාරියේ විරෝධය පළවී ඇතැයි පැවැසේ.
එවැනි තැනැත්තෙකු මෙරට දරුවන් වෙනුවෙන් කටයුතු කරන ප‍්‍රමුඛතම ආයතනය වන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයට පත් කිරීම කිසිසේත්ම නොවිය යුත්තකැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට වෘතීය තහනමක් නේද දෙන්න තිබුනේ ...
පේනවනේ අපේ රටේ ඉන්න පලකයෝන්ගේ ක්‍රියා. අඩුම ගානේ වෙන ආයතනයකට පත් කරත් කමක් නෑ. මේ පාලකයෝ මේ රට දියුණු කරයි කියල හිතන ඉන්න පිරිසකුත් මේ රටේ ඉන්නවා.
දැන් ඔක්කොම කරන්නේ ඒ විදියට තමයි.
ජනාධිපතිතුමා මේක පත්තරේන්වත් දැකල නැද්ද ?
ළමයින් පිළිබඳව කටයුතු කරන අයට පොලිස් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරන්න බැරි මොකද? වෙන රට වල කරන දේවල් බලල හරි කටයුතු කරන්න.
පුරවැසිකම් නැති අයට මහබැංකු අධිපතිකම්, ළමා අපයෝජකයකුට ළමා අධිකාරියේ උපෙද්ශක තනතුරක් හීනෙන්වත් ජනාදිපති වෙන්න නොසිතු අයට ජනාදිපති කම්, 30 වතාව පැරදුන කෙනෙකුට ඒ පැරදුන පක්ෂයෙන්ම රටේ අගමැතිකම මොනවද මේ රටට වෙලා තිබෙන්නේ.
ළමයින් පිළිබඳව කටයුතු කරන අයට පොලිස් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරන්න බැරි මොකද? ළමයින් පිළිබඳව පමණක් නොවෙයි කාර්යාල සහයකගේ සිට ජනාධිපති දක්වා සියලුම රැකියා සහ සේවා වලට ගැනීමේදී පොලිස් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරන්න.